Image

මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් අවශ්‍යයි - රවි කරුණානායක

මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් අවශ්‍යයි - රවි කරුණානායක

මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක...

මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අසතුටු තත්ත්වයක්

''රුපියල පාවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කිව්වට ඒකෙ පාවීමක් තියෙනවා. මේකට අන්තිමටම කර ගහන්න වෙන්නේ ජනතාවට කොහොමද රුපියල ඉදිරියට ආරක්ෂා කරන්නේ. විදේශීය සම්පත් සංචිත වැඩි කරන්නේ කොහොමද කියන එක එක වැදගත්. මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අසතුටු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් මම ඉල්ලා සිටිනවා. මේකට විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිහකට වැඩි පිරිසක් අත්සන් කරලා තියෙනවා.

NDB ආයතනය පිළිබඳ.විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි

IMFජාත්‍යන්තර මූල්‍ය අරමුද සිය වාරිකය ලබා දුන්නට රජය ජනතාවටත් රටටත් බරක් දාලා තියෙනවා. ජාත්‍යන්තරය මූල්‍ය අරමුදලේ ගමන කොහොම ද...? ගිවිසුම් අවසන් වුණාට පස්සේ කොහොමද යන ගමන සහ වැඩපිළිවෙල කියල දැනුවත් කරන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ප්‍රමාණයෙන් සීයට විස්සක් අපිට ගහල තියෙනවා. එල්ලිනෝ කියන තත්වේ ඉතාමත් බරපතළ තත්ත්වයක් තියෙනවායි කියලා කියනවා රට එකට සූදානම් විය යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න