මාතර දිස්ත්‍රික්කයේ උග්‍ර ගැස් හිගයක් නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇතැයි වාර්තාවේ.
ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරන්නේ ඉඳහිට ගෑස් සිලින්ඩර් සුළු ප්‍රමාණයක් ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ලැබුණද ඒවා ක්‍ෂණිකවම හමාර වන බවයි.
ලිටිරෝ සහ ලාෆ්ස් ගෑස් යන වර්ග දෙකෙහිම බරපතල හිඟය නිසා මාතර දිස්ත්‍රික්කයේ ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
අලෙවි නියෝජිතයන් හෝ ප්‍රධාන ගෑස් සමාගම්වලින් මේ සම්බන්ධව ජනතාව දැනුවත් කර කඩිනමින් ඊට විසඳුමක් ලබාදෙන ලෙසට පාරිභෝගිකයෝ ඉල්ලා සිටිති.
මාතර දිස්ත්‍රික්කයට අමතරව දකුණු පළාතේ තවත් බොහෝ ප්‍රදේශවලින්ද ගැස් හිඟය සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් පවති.

