Image

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගෙන් ප්‍රශ්න කිරීම අප තරයේ හෙළා දකිනවා - වජිර අබේවර්ධන

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගෙන් ප්‍රශ්න කිරීම අප තරයේ හෙළා දකිනවා - වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින වෙලාවක එතුමා ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණීම ගැන කණගාටුවට පත් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (24) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...

''රනිල් වික්‍රමසිංහ මැතිතුමා‌ ගේ රෝගී තත්ත්වය පිළිබඳ සියල්ලක් සොයා බලන්නේ එතුමා ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි. විශේෂයෙන් ම එතුමියත් දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ එතුමා ගේ නිවසට දේශපාලන කටයුතු සඳහා හෝ කිසිකෙනකු සම්බන්ධ නොවන්නේ එතුමා ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහායි. විශේෂයෙන් ම වෙනත් ලෙඩ රෝග තිබෙන අය පැමිණීම එතුමා ගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් වෙනවා. එවැනි පසුබිමක හදිසියේ ම මේ ප්‍රකාශය ගැනීම සඳහා නිවසට පැමිණීම සුදුසු ක්‍රියාවක් ද? මෙවැනි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් දෙන්නේ කවුරුන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුවට එරෙහිව දිනෙන් දින එල්ලවන චෝදනා වෙන අතකට යොමු කරන්න මෙවැනි වැඩ කරනවා ද කියා අපිට සැකයක් මතු වෙනවා.

මේ අවස්ථාවේදී මේ ප්‍රකාශය ලබාගැනීම අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නිවසේ සිටින දෙදෙනා ම රෝගී තත්ත්වයෙන් පසුවන මොහොතක ඒ ගත් ක්‍රියාමාර්ගය අප තරයේ හෙළා දකිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න