ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ හේලිස් සමාගම විසින් මෙයට මාස කීපයකට පෙර 40% කොටස් මිලදී ගත් මාතර හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් හිමිකමින් 50% මිලට ගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාටද බහුතර කොටස් හිමි Ambeon Holdings PLC සමාගම විසින් හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය අත්පත් කරගෙන තිබේ.
මෙයට මාස කීපයකට පෙර හරිස්චන්ද්‍ර සමාගමේ කොටසක් රු. 3300/= බැගින් මිලට ගනිමින් ව්‍යාපාර ලෝකයේ පෙරැළිකාර වාර්තාවක් තැබිිමට හේළිස් සමාගම සමත් විය.එදා ධම්මික පෙර්රා මහතා මිලදී ගත්තේ ප්‍රකට ව්‍යාපාරික සෙන්තිවෙිල් මහතා සතුව තිබු කොටස් හිමිකමයි.
එහෙත් සමාගමේ පාලන බලය හිමි කරගැනීමට 50 % ට වැඩි කොටස් හිමිකමක් අවශ්‍යය. ඒ අනුවමේ වන විට 50% කොටස් හිමි Ambeon Holdings PLC සමාගම අනපේක්ෂිත ලෙස මාතර හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය හිමි කරගෙනන තිබේ.
( lankalokaya)

