අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස 19 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම පැමිණිල්ල අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්ය පටබැඳිගේ යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින නඩු ගොනුවේ පිටපත් මේ දක්වා ලැබී නොමැති බවයි. එම පිටපත් ගෙන්වා ගැනීමට අවශ්ය නියෝග මේ වන විටත් නිකුත් කර ඇති බවද විනිසුරු මඩුල්ල ප්රකාශ කළේය.
ඒ අනුව, මෙම පැමිණිල්ල නැවත සලකා බැලීම සඳහා මේ මස 19 වැනිදා නැවත කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතාවලදී පළ කරන ලද අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට සඳහන් කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
