Image

''ලසන්ත'' ජනගත කිරීම සැප්තැම්බර් 25වන දා…

 ''ලසන්ත'' ජනගත කිරීම සැප්තැම්බර් 25වන දා…

රේන් වික්‍රමතුංග විසින් රචිත Unbowed & Unafraid කෘතියේ සිංහල පරිවර්තනය ''ලසන්ත'' යන මැයෙන් කසුන් පුස්සෙවෙල ගේ පරිවර්තනයක් ලෙස ජනගත කිරීම සැප්තැම්බර් 25 වැනිදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී ජනගත කරයි.

කෘතිය එළිදැක්වීම හා සමගාමීව “And Then They Came for Me” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. 

ලසන්ත සමඟ දවසරින්ට එන්න එදාට එන්න…

ලසන්ත…

නොපියවුණු දෑසක්.
ළගන්නා සිනාවක්.
අදටත් අප අතර දෝංකාර දෙන
එකම ප්‍රශ්නයක්!

මොකක්ද තත්ත්වෙ?”

නිකම්ම භේද වීමෙන් ඵලක් නැත.
වැදගත් වන්නේ,
තමා විශ්වාස කළ අදහසක් වෙනුවෙන්
භේද වීමට තරම් අවංක වීමය.

තමන් වෙත එන අඳුර දැන සිටියද,
තමන්ගේ ඉරණමට වඩා
අනෙකාගේ අසාධාරණය ගැන තැවුණු මිනිසෙකි ඔහු.

ඔහුගේ හඬ නිහඬ කළහ.
ඔහුගේ දෑස පියවූහ.

එහෙත් සත්‍යය නිහඬ නොවීය.
ඔහු ඇසූ ප්‍රශ්නයට අදටද පිළිතුරු ලැබී නැත.

සමහර මිනිසුන් මිය ගිය පසු
මතකයක් වෙති.
සමහර මිනිසුන් මිය ගිය පසු
වගකීමක් වෙති.

ලසන්ත, ඔබ අපට ඉතිරි කළේ එවැනි වගකීමකි.

එබැවින්,
ඔබ ඇසූ ප්‍රශ්නය සමඟ මොහොතක් නතර වී,
අපගේ හෘදසාක්ෂිය සමඟ
එදා අපි එකට සිටිමු.

නොසැලුණු නොනැමුණු
ලසන්ත


ඔහු ඇසූ ප්‍රශ්නයට
තවමත් පිළිතුරක් සොයන
අපේ හෘදසාක්ෂිය සමඟ

මොකක්ද තත්ත්වෙ?”

නොසැලුණු නොනැමුණු
ලසන්ත

''ලසන්ත'' කෘති 'සයුර' ප්‍රකාශනයක්.

 

Lasanthawi

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න