අනුමැතියකින් තොරව 2024 දී ලංවිම රුපියල් බිලියනයක දීමනා ගෙවලා

 අනුමැතියකින් තොරව 2024 දී ලංවිම රුපියල් බිලියනයක දීමනා ගෙවලා

ලංකා විදුලිබල මණ්ඩලය විසින් එහි සේවකයින් සදහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබානොගෙන 2024 වර්ෂය තුල පමණක් රුපියල් මිලියන 1,060.02ක විවිධ දිමනා ගෙවා ඇති බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු දිමනා ලැයිස්තුවට ඇතුළත් නොවු දිමනා වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එකි අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින්ට රදවා ගැනිමේ දිමනාව නොගෙවිය යුතු වුවත් වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින් 601දෙනෙකු සදහා 2024 වර්ෂය තුලදි රදවා ගැනිමේ දිමනා ලෙස රුපියල් මිලියන 191.3ක මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම 2013 වර්ෂයේ සිට 2024 දක්වා වු කාලය තුල සේවකයින් විසින් ලබාගෙන ඇති දේපල ණය සදහා අයකොට ඇති පොළි මුදලින් තුනෙන් දෙකක මුදලක් එනම් රුපියල් මිලියන 19,384.8ක මුදලක් භාණ්ඩාගාර අනුමැතිය රහිතව ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

(ada.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න