Image

විෂය භාර අමාත්‍යවරයා අස්වීමේ ලිපිය බාර ගන්නෙ නෑ - රත්න ශ්‍රී විජේසිංහ

විෂය භාර අමාත්‍යවරයා අස්වීමේ ලිපිය බාර ගන්නෙ නෑ - රත්න ශ්‍රී විජේසිංහ

ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ අද එදා පැවසූ දේට වඩා හාත්පසින් ම වෙනස් ප්‍රකාශයක් කර ඇත. එනම් තමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි වෙත යොමු කළ ද අමාත්‍යවරයා එම ලිපියි බාර නොගන්නා බවයි.

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසා ඇත්තේ තව දුරටත් රත්න ශ්‍රී විජේසිංහ ගේ සේවය අවශ්‍ය බවයි.

එබැවින් අමාත්‍යවරයා ගේ ඉල්ලිමට පිටු පෑ නොහැකි බැවින් රජයේ, ආයතනයේ මෙන් ම ජනතාව ගේ යහපත උදෙසා තව දුරටත් ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙහි කටයුතු කරන බව ද රත්න ශ්‍රී විජේසිංහ ප්‍රකාශ කර ඇත.

නමුත් පසුගිය දා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ පැවසුවේ තමන් වයසට යෑමත් සමග ධාරිතාව පටු වන බවත්, විවේකය සහ නිර්මාණකරණයට කාලය අවශ්‍ය බැවින් ඉල්ලා අස්වන බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න