V2025

පුවත්

කුඩා පක්ෂයකට ජන්දය දුන්නාම නියෝජිත ධූරය පොහොට්ටුවට යන යෝජනාවක් - රෝහිණී

ජන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන තාක්ෂණික කමිටු නියෝජිතයා, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ කියන වියත්මගේ සාමාජිකයා විසින් ගෙනා යෝජනාව අනුව කුඩා පක්ෂයක් වෙනුවෙන් සලකුණු කරන ජන්දයක නියෝජිත ධූරය පොහොට්ටු පක්ෂය වෙත ලැබෙන බවට අපූරු අනාවරණයක් විපක්ෂ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සිදුකර ඇත.

ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අතර එහිදී මන්ත්‍රීවරිය දැක්වූ අදහස් පහත දැක්වෙයි.

ගරු ගීතා කුමාරසිංහ මහත්මිය මේ පාර්ලිමේන්තුවේ හිටපු ඇග්නස් ද සිල්වා, ඇඩ්ලින් මොළමුරේ, තේසුම් සරවනමුත්තු, කුසුමා - විවියන් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමියන්ලා ගැන කියන කොට, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගැන කියනකොට ඒ අය සොහොන් කොත් වලින් නැගිටලා එයි කියලා හිතුනා. එතුමියගේ කතාව එච්චරම හැඟුම්බරයි.

හැබැයි ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගේ ලැයිස්තුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ නම නෑ. නිකම්ම නිකං ජනාධිපති විතරයි, නම නෑ. බොහොම පැහැදිලි මේ යෝජනාව කාන්තාවන් ගැන අනුකම්පාවෙන් නෙවෙයි, පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුවට දිනන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් හදාගන්න හදනවා.

1982 ජනමත විචාරණයේ දී ජනතා විමුක්ති පෙරමුනේ රැස්වීම්වල මරු කතාවක් මෙහෙම කතාවක් කිව්වා.

ජනමත විචාරණයේ දී ‘කලගෙඩියට‘ කතිරේ ගැහුවාම ඡන්ද පෙට්ටිය ඇතුලේ දී ඒ ඡන්දය ‘ලාම්පුවට‘ සලකුණු වෙනවා. එහෙම කරන තාක්ෂණයක් සිංගප්පුරුවේන් ද, ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානයෙන් ද කොහෙද ආණ්ඩුවට දීලා තියෙනවා කියලා.

අපි දැන් දන්නවා ලෝකයෝ කෙහොවත් ඡන්ද පෙට්ටිය ඇතුළේ දී ‘චන්ද මාරුකරන, මාරුවෙන චන්ද පත්‍රිකා නෑ කියලා.

හැබැයි අද ආණ්ඩුවට ඕනි වෙලා තියෙනවා එහෙම ඡන්ද ක්‍රමයක් හදලා ඉදිරි පලාත් පාලන ඡන්දය දිනන්න.

පොහොට්ටුව පසුගිය පෙබරවාරි 22 ‘ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒක යෝජනා කළේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන තාක්ෂණික කමිටු නියෝජිතයා, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ කියන වියත්මගේ සාමාජිකයා.

මේක මරු ක්‍රමයක්. ඡන්දදායකයෝ ගිහින් මේ රටේ ලියාපදිංචි පොඩි පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට කතිරේ ගහනවා. අපි හිතමු, විමල්ගේ පක්ෂයට, ගම්මන්පිලගේ පක්ෂයට, මනෝ ගනේෂන් ගේ පක්ෂයට, කතිරේ ගැහුවා කියලා. නැත්තම්, ස්වාධීන කණ්ඩායමට ඡන්දය දැම්මා කියලා,

කතිරේ පොඩි පක්ෂයට, හැබැයි සභික ධූර ලැබෙන්නේ ‘පොහොට්ටුවට‘

මරු ක්‍රමය! 2018 ප්‍රතිලයට දැම්මාම, මාතලේ හැම තැනම එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර අඩු කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නැත්තටම නැති කරනවා. වතුකරයේ අපේ ද්‍රවිඩ පක්ෂවලට තියෙන එකම සභික ධූරයක් වත් ලැබෙන්නේ නෑ.

පොඩි පක්ෂ එකකට වත් සභික ධූර ලැබෙන්නේ නෑ. ඡන්දයක තුන හතර පහ තැනට ඡන්ද ගන්න පක්ෂවලට/ස්වාධීන කණ්ඩායම්වලට වැටෙන ඡන්ද ගාන වැඩි වෙන්න වෙන්න, මේ හදලා තියෙන ක්‍රමය අනුව පොහොට්ටුවට සභික ධූර වැඩි වෙනවා.

අද, මේ මරු ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ත් හිටියා. මේ පළාත් පාලන මැතිවරණ සංශෝධනය ගෙනාවොත් ඉස්සරවෙලාම විනාශ වෙන්නේ එතුමාගේ ඔබතුමාගේ මහජන එක්සත් පෙරමුණ.

මේ ආණ්ඩුවේ උදවිය කියනවා, කාන්තා නියෝජනය නිසා පලාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි වෙලා කියලා. මේ ගැන වැරදි මතයක් රටේ තියෙනවා.

1969 වෙනකල් ලංකාවේ ගම් සභා ක්‍රමයක් තිබුණා. 1969 වෙනකල් ලංකාවේ පළාත් පාලන ආයතනවල සභිකයෝ 9000 ක් හිටියා. අද ලංකාවෙම ඉන්නේ පලාත් පාලන සභිකයෝ 8711 යි. එකෙන්, 385 ක් ම එල්ල්ලන ලද ආසන නැත්තම් ඕවර් හැන්ග් මන්ත්‍රී ධූර. ඒ ඕවර් හැන්ග් මන්ත්‍රී ධූරත් එක්ක කාන්තාවෝ ඉන්නේ 2002 යි.

මතක තියාගන්න ලංකාවේ පලාත් පාලනයේ පිරිමි මන්ත්‍රීවරු කෝට්ඨාශ 4523 ක් දිනනකොට, කාන්තාවන් දිනුවේ කොට්ඨාශ 554 ක් පමණයි. ඒ කියන්නේ 5,077 න් 554 ක් විතරයි. ප්‍රතිශතයක් විදිහට 11%. ඉතුරු ටික පිරුණේ ඕවර් හැන්ග් වලින් ලැබුණු මන්ත්‍රී ධූර ද ඇතුළුව මහ ලේකම්වරු පත් කළ මන්ත්‍රී ධූරවලින්.

දිනන පක්ෂයට බෝනස් එකක් දෙකක් දුන්නම, ඔවර් හැන්ග් එක අයින් කරාම, පක්ෂයකට ඕනි අවම ඡන්ද ගාන (කට් ඕෆ් පොයින්ට්) දැම්මාම ඉස්සරවෙලාම නැති වෙන්නේ කාන්තා නියෝජනය කියන එක මේ යෝජනාව ගෙනාපු ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය දැනගන්න ඕනි.
නැත්තම්, ගරු ගීතා මන්ත්‍රීතුමිය එතුමියගේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහාචාර්ය සුදන්ත ලියනගේ හිතවතා එක්ක එකතුවෙලා, කාන්තා නියෝජනයට කප්පාදු කරන්න හදනවද දන්නේ නෑ.

ගිය අඟහරුවාදා, තේරීම් කාරක සභාවට පොහොට්ටුවේ නියෝජිත මහාචාර්ය සුදන්ත ලියනගේ ඉදිරිපත් කරපු යෝජනවා අනුව ඕවර් හැන්ග් (එල්ලන ලද මන්ත්‍රී ධූර) 385 ක් අඩු වෙනවා. මේකෙන් බහුතරයක්, කුඩා පක්ෂවලට සමානුපාතය ඇති කරන්නට ලැබුණා කාන්තා මන්ත්‍රී ධූර.දිනන පක්ෂයට බෝනස් එකක් දෙකක් දීලා, ඕවර් හැන්ග් එක ඉවත් කලාම කාන්තා නියෝජනය අඩු වෙන්න ඕනි. මම ගීත කුමාරසිංහ මන්ත්‍රීතුමියට කියනවා, මේ ගිහිල්ලා මහාචාර්ය සුදන්ත ලියනගේට කියන්න පලාත් පාලනයේ දැනට තියෙන සභික ධූර සංඛ්‍යාවට නැති කරන්න එන්න එපා කියලා.

ගිහිල්ලා කියන්න, අපිට ඕනි කාන්තා නියෝජනය පලාත් සභාවට, පාර්ලිමේන්තුවට වැඩි කරන්න මිසක් පලාත් පාලනේ තියෙන සභික ධූර සංඛ්‍යාව අඩු කරන එක නෙවෙයි කියලා.

පලාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය නිසා සභික සංඛ්‍යාව වැඩි වුණා කියන කතාව පට්ටපල් බොරුවක්. ඒක මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දයට තියෙන බය නිසා හදා ගත්ත කතාවක්.

1969 ගම් සභා තියෙන කාලයේත් ලංකාවේ පලාත් පාලන සභිකයෝ 9000 ක් හිටියා. අද ඉන්නේ 8711 යි.

ගීතා කුමාරසිංහ ට ද්විත්ව පුරවැසිකම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුනා. හැබැයි, බැසිල් රාජපක්ෂ මැතිතුමාට ද්විත්ව පුරවැසිකමයි, මුදල් ඇමතිකමයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණා.

ගීතා කුමාරසිංහ මහටත්මිය කාන්තා නියෝජනය වැඩි කරන්න යෝජනා කරනවා. අනික් පැත්තෙන්, කාන්තා නියෝජනයත් අඩු කරන්න හදනවා.

කාන්තා නියෝජනය වැඩි කරන්න ගිහින් දැන් තියෙන සොච්චම් නියෝජනයත් නැති කරන්න නම් එපා. හරි යෝජනාවක් ගේන්න. අපේ පක්ෂය තමයි කාන්තා නියෝජනය 25% දුන්නේ. අපි ඒක රැක ගන්න කටයුතු කරනවා. පළාත් සභාවලට, පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩි කරන්න සංශෝධන ගේන්න. අපි සහාය දෙනවා.

තෙල් බෙදීමටත් හිටපු හමුදා ප්‍රධානියෙක් එවයි !

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු හමුදා මේජර් ජනරාල්වරයකු පත්කර ඇත.

ඒ විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා ය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වූ අතර අදාළ පත්වීම සිදුකර ඇත්තේ ඒ පුරප්පාඩුව සඳහාය.

විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මීට පෙර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

දිගටම විමල්ලා එක්ක වැඩ කරනවා : ගෝඨාභය මහින්ද බැසිල් ඉස්සරහ මෛත්‍රී කියලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පැවති අතර තම පක්ෂය ඉදිරියේ දී ද විමල් විරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග එක්ව දේශපාලනය කරන බව එහිදී ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති බව වාර්තා වෙයි.

බැසිල් දැන් වැඩ කරන්නේ ජයශංකර් කියන විදිහටද? - ආචාර්ය හර්ෂ

විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ රුපියල බදාගෙන හිටපු මහ බැංකුව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්ගේ දුරකතන ඇමතුමෙන් පසුව සලිත වූ බවයි.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ දුරකතන සංවාදයෙන් පසුව හිටිහැටියේ මෙම තීරණය ගත්බව මන්ත්‍රීවරයා මෙහිදී කීය.

"දැන් ලංකාවේ රුපියලේ අගය තීරණය කරන්නේ ජයශංකර්ද? මේ ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1000 ක ණයක් ගන්න යනවා. ඒකට ඉන්දියාව කොන්දේසි දාල තියනව බව අනාවරණය වෙනවා. මේ රුපියල අවප්‍රමාණය කරන්නෙත් එහි එක කොන්දේසියක් විදිහට. මේ තීරණය ගන්න ඉන්දියාව කියනකම්ම ඉන්න ඕනද? මේ ආණ්ඩුවට මොලයක් කියල දෙයක් නැද්ද?" යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළේය. ඔහු මෙහිදී අවධාරණය කළේ රුපියල 230 ක් දක්වා කෘත්‍රිම ලෙස අවප්‍රමාණය කිරීමත් අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් බවයි. මේ තුළින් වෙළෙඳපොළ බලවේග වලට අනුව නිදහසේ රුපියලේ අගය තීරණය නොවන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ ඩොලරයක මිල රුපියල් 230 ක මිලකට කෘත්‍රිමව පාලනය කිරීමද අපහසු එකක් වනු ඇති බවයි.

මේ නිසා, මේ ආණ්ඩුව කිසිදා නිවැරදි තීන්දු නොගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙවැනි අපැහැදිලි තීරණ නිසා මේ වනවිට මූල්‍ය වෙළෙඳපොළ ව්‍යාකූලත්වයට පත්වී තිබෙන බවයි. එක් අතකින් රටට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් හිඟයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවක රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමේ බලපෑමෙන් ජනවාරි මාසයේදී මෙරටට ලැබිය යුතුව තිබූ විදේශ ප්‍රේෂණ ආදායම් සියයට 62 කින් පමණ දැවැන්තව කඩා වැටුණු බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම මෙම තත්ත්වය තුළ විදේශ ශ්‍රමිකයින් විසින්⁣ මෙරටට එවූ මුදල් මාස 07 ක් තුළ ඩොලර් බිලියන 2.5 කින් පමණ අඩුවූ බවත් රුපියල රැකගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක් පමණ මේ ආණ්ඩුව විනාශකර දැමූ බවත් බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

 

ජනාධිපති නැන්දණියගේ අවසන් කටයුතු ඇමරිකාවේදී !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නැන්දණිය අභාවප්‍රාප්ත වී ඇත.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ ගේ මව වන පද්මා දේවි පීරිස් මෙසේ අභාවප‍්‍රාප්ත වි ඇත්තේ අමෙරිකාවේල කැලිෆෝනියා ප්‍රාන්තයේදීය.

ඇය මිය යන විට වයස අවුරුදු 89කි.

වාර්තා වන ආකාරයට ඇගේ අවසන් කටයුතු ඇමරිකාවේදීම සිදුකිරීමට නියමිත ය.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත ඉල්ලා අස්වෙයි : බැසිල් පසුපෙළ කැඳවයි !

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ජයන්ත සමරවිර සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව ඔහු අද (08) පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු එම පක්ෂය අද රැස්වී සිදු කරන ලද සාකච්චාවකින් පසු මෙම තීන්දුව ගනුලැබූ බවත් ඔහු පවසයි.

බැසිල් පසුපෙළ සමග සාකච්ඡාවක !

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් පැවත්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ඉදිරි කටයුතු මෙන්ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූර වලින් එළියට දැමීමෙන් පසුව මතුව ඇති නව දේශපාලන තත්ත්වය හමුවේ ඊට මුහුණදීම ගැන මෙහිදී අවධානය යොමුකර ඇති බවත් දැනගන්නට ඇත.

වැඩ කරන අපේ විරුවා ගීතය ගැන : අජිත් රෝහණ කතා කරයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී භාවිතා කළ ‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය සමාජ ජාල ඔස්සේ අවභාවිතා කිරීම ගැන විමර්ශනය අරඹා ඇතැයි සමාජ ජාලවල වාර්තා පළවන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇත.

ඒ අදාළ ගීතය අවභාවිත කරන්නන් රහස් පොලිසියට ගෙන යන්නේදැයි මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඔහු පවසන්නේ එවැනි තීන්දුවක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

‘වැඩ කරන අපේ විරුවා’ ගීතය මේ දිනවල ඉන්ධන පෝලිම් ඇතුළු විවිධ ස්ථාන වල එය වාදනය කරමින් උපහාසය දනවන විරෝධයක් දක්වනු සමාජ මාධ්‍ය ජාල තුළ නිරීක්ෂණය වෙයි.

 

විමල් සහ උදය : පසුපෙළ අසුන් ගැනීම ප්‍රතිකේෂ්ප කරලා !

පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල අසුන්ගැනීමට හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (08) දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී තමන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවන ලෙස ඒ මහත්වරුන් දැනුම් දී ඇති බව දැනන්නට ඇත.

තමන් පක්ෂ නායකවරුන් ලෙස කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවද ඔවුන් සදහන් කොට ඇති බව පැවසේ.

වාර්තා වන ආකාරයට ආසන වෙන්කර ඇත්තේ , හිටපු අමාත්‍ය විමල් වීරවංශ ට ආණ්ඩුවේ පසුපෙළ 73 වැනි ආසනයත්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ට 78 වැනි ආසනයත් වන ලෙසය.

 

ඇමතිලා නෑ නෑ ගෑවට : විදුලි කප්පාදුව දිගටම !

අඛණ්ඩව විදුලිය සැපයීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති නිසා වැඩි කාලයක් විදුලිය කපා හැරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

හැකි සෑම අවස්ථාවකම විදුලි ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

එම නිසා ඉතා අරපිරිමැස්මෙන් විදුලි භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක පවසයි .

ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත යෑම, ඉන්ධන සැපයීම සීමා වීම, විදුලි ඉල්ලුම ඉහළ යාම ආදී ලංකා විදුලිබල මණ්ඩලය අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එම නිසා හැකි සෑම අවස්ථාවකම විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කර සංරක්ෂණය කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත.

බැසිල්ගේ සහ ලොකුගේ ගේ කතා !

කෙසේ වුවත් පසුගියදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසා සිටියේ මාර්තු 05 න් පසුව විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇති බවත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ය.

එසේම බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මාධ්‍ය වෙත පවසා සිටියේ ඉදිරියට ඉන්ධන සහ විදුලි අර්බුදයක් ඇති නොවන බවයි.

එහෙත් ඒ සියල්ල වචන පමණක් බව මේ වන විට අත්දැකීම් විසින් තහවුරු කර ඇත.

8 වෙනිදා කප්පාදුව මෙහෙමයි !

මේ අතර හෙට(08) දිනයේදීද රට පුරා කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව E F කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලයේ පැය 2.30ක් ද විදුලිය කප්පාදු කරයි.

සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පැය දෙකක් හා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කරයි.

ජාතික යුතුකමක් ලෙස : වීදි ලාම්පු දැල්වීමෙන් වලකින්න - බැසිල්

සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු මාර්තු 31 දක්වා අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මුදල් ඇමති මෙසේ ඉල්ලා ඇත්තේ විදුලිය පිරිමැසීම සඳහා මෙය ඉටුකරන ලෙසයි.

එසේම විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී ඇති අතර ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි.

cc

වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න මැදිහත් වෙන්න : කාදිනල් ජිනීවා සමුළුව අමතයි !

"අප ද සත්‍ය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද වින්දිතයින් හට යුක්තිය ඉටුකිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බියගැන්වීමේ උත්සහයක් දක්නට ලැබේ." යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

උන්වහන්සේ මේ අදහස් දක්වා සිටියේ අද (07) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් ය.

පාස්කු විමර්ශනවලින් පෙනී යන්නේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවත් අගරදගුරු එහිදී පැවසීය.

එහිදී උන්වහන්සේ මෙසේ සඳහන් කර සිටියහ.

ගරු සභාපතිතුමනි, හිතවත් නෝනාවරුනි මහත්වරුනි

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දරු දැරියන් අසූ දෙදෙනෙකු (82) සහ රටවල් 14 ක ට අයත් විදේශිකයන් 47 දෙනකු ඇතුළුව මිනිසුන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර පන්සිය (500) දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම සමූල ඝාතනය පිලිබඳ මුලින්ම ඇති වූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවය. කෙසේ වුවද ඉන් අනතුරුව ලද විමර්ශන වලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි.

අප ද සත්‍ය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද වින්දිතයින් හට යුක්තිය ඉටුකිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බියගැන්වීමේ උත්සහයක් දක්නට ලැබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බිහිසුණු අපරාධය සිදු වී වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් පාස්කු ඉරුදින ඇත්තටම සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව අපි තවමත් අඳුරේ සිටිමු.

මෙම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස්කිරීම ඉදිරියටම කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසටයි.

- මූලාශ්‍රය BBC සිංහල

බිත්තර බලකායක දෙදෙනෙකු හිරේ !

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළු භූමියට කඩා වැදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනකු මේ මස 21 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද නියෝග කළාය.

ආනන්ද බණ්ඩාර හා රත්මල් අසිත කුමාර යන විශ්‍රාමික හමුදා සෙබළුන් දෙදෙනා එසේ රිමාන්ඩ් කැරිණි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ජනවාරි 30 වනදා එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් කළගෙඩිහේන උත්සව ශාලාවකදී පැවැත්වෙමින් තිබියදී දහසය දෙනකු ගෙන් සමන්විත මැර කල්ලියක් සමළු භූමියට කඩා වැදී එහි නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල කොට පැන ගොස් තිබිණ.

එසේ පැන යමින් සිටි පිරිස අතර සිටි සැකකරුවන් දෙදෙනා එහි සිටි පිරිසක් විසින් අල්ලා අල්ලා නිට්ටඹුව පොලීසියට භාර දී තිබිණ.

පෙර දිනයක ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් කුමාර පේලි මහතා මෝසමක් මගින් බී වාර්තාව කැඳවා බිත්තර ප්‍රහාරය එල්ල කොට පැන යමින් සිටි පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනකු අල්ලා නිට්ටඹුව පොලීසියට බාර දුන් නමුත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකොට මුදා හැර බී වාර්තාවක් පමණක් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව කියා සිටියේය.

මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ වරයා දක්වන ලද කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරිය එම සැකකරුවන් දෙදෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

එම බී වාර්තාව නැවත කැදවූ අවස්ථාවේ ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් කුමාර පේලි මහතා කරුණු දක්වමින් එම බිත්තර ප්‍රහාරයට සම්බන්ධව පොලීසියට අල්ලා දුන් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ වතුපිටිවල මූලික රෝහලේ අංක 07 වාට්ටුවට ඇතුළත් කොට සිටියදී අධිකරණයට ඉදිරිපත් නොකරම මුදා හැර ඇති බවත් අනෙක් සැකකරුවන් දාහතර දෙනා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් පවා සිදු කොට නැති බව කියා සිටියේය.

- lankadeepa

විමල්ගේ සූදානම ඊළඟ ජනාධිපති වෙන්න : බැසිල්ගේ ගෝලයා හෙළිකරයි !

මෙරට මීලග ජනාධිපතිවරයා බවට පත්වීමට බලාපොරොත්තුවෙන් විමල් වීරවංශ විසින් ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන ලද බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.

ආණ්ඩුව හිතවාදී වෙබ් මාධ්‍ය වාර්තා කරන ආකාරයට තේ කෝප්පයේ කිඹුලන් පෙන්වීම නිසා වීරවංශටත් උදය ගම්මන්පිලටත් අමාත්‍ය ධුර අහිමි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ආණ්ඩුව විවේචනය කරමින් විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිස එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍ය බව මෙන්ම ඔවුන් ධුරවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ජනාධිපති බලතල අනුව බවත් ඔහු පවසා තිබේ.

විමල්ගේ නඩුවක් කල් තබයි !

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ නියෝග කර ඇත.

ඒ අදාළ නඩුව අද (07) කැඳවූ අවස්ථාවේ ය.

ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වෙයි.

මියගිය නැදුන්ගමුවේ රාජා : ජාතික වස්තුවක් කරලා !

මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

එසේම අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙයි.

ඒ අනුව ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටිගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් ඇති බවත් දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සපෝර්ට් එකට : කෝට්ටේ කුණු බිත්තර බලකාය වැඩ !

සමගි ජනබලවේගය පක්ෂයේ කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්‍යාලය වෙත අද (07) බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

මෙම බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ , සජබට එරෙහිව ආණ්ඩු හිතවාදී පිරිසක් ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත්කර තිබූ අවස්ථාවේ ය.

මෙම ආණ්ඩු හිතවාදී උද්ඝෝෂකයන් පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ගේ මූලිකත්වයෙන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවත් කාන්තාවන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමෙන් පසුව එදිනම රාත්‍රියේ ඇයගේ නිවස ඉදිරිපිටට රැස්වූ ආණ්ඩුව හිතවාදී පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවට ඇති ජනතා අප්‍රසාදය මෙවැනි කටයුතු හේතුවෙන් තවදුරටත් වර්ධනය වන බවයි.

ඒ හැර මෙවැනි ක්‍රියා හේතුවෙන් කිසියම් හෝ ජනප්‍රියත්වයක් ජනතාව වෙතින් ලැබීමට හැකිවෙතැයි මේවායේ සංවිධායකයන් සිතනවා නම්, ඒ සිහිවිකල් වූ උම්මත්තක ජන පිරිසක මිස, සිහිබුද්ධිය යහපත් ජනතාවගේ නොවන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඩොලර් බිලියනයේ ණය දෙන්න : ඉන්දියාවෙන් දැඩි කොන්දේසි !

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය දීර්ඝ කාලීන විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා උතුර හා නැගෙනහිර පළාත් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික හා උපයමාර්ගික ඉල්ලීම් ලැයිස්තුවක් මෙසේ ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති බව එම පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සඳහා ඩොලර් බිලියනයක ණයක් මේ අනුව ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිතය. මිට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමටත් කටයුතු කෙරිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදල ලබාගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණත් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු කළේය.දෙසැම්බර් මාසයේදී ලබාගත් ණය මුදල මේ සතියේදී ගෙවීමට නියමිතව තිබේ.

ෙසන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගන්නට ලැබෙන්නේ, ඉන්දියානු ආන්ඩුව කොළඹ ආන්ඩුවෙන් දෙපැත්තෙන්ම හරිත එළිය එනතුරු බලා සිටින බවයි, එනම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය හා ණය ආපසු ගෙවීමේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ ඒම ඉලක්ක කරගත් ආර්ථික ක්‍රියාකාරී සැලැස්ම සහ ශ්‍රී ලංකාවේ ආර්තික ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දීය ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් කොළ එළියක් ලැබෙන තුරු ඉන්දියාව බලාගෙන සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

විශේෂයෙන්ම නැගෙනහිර ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා ශක්තිමත් කරන සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් වැලක් ඉන්දීය ඉල්ලීම්වලට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානා, ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් අලුත්වැඩියා කිරීමේ තටාකයක් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ කලාපයේ වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත මුහුදු ගමන් සහතික කිරීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාවේ මුලපිරීමක් වන බහරේනයේ බුද්ධි බෙදාගැනීමේ කාර්යාලයක් වන බුද්ධි ෆියුෂන් මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු ස්ථානගත කිරීම ඊට ඇතුළත් කිරීම ඉන්දීය ඉල්ලීම් ඇතුළත්වෙයි.

ත්‍රිකුණාමලය අසල සාම්පූර් සහ ඒ අවට ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති (සූර්‍ය බලශක්ති) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉන්දීය රජයේ ප්‍රධාන ඉල්ලීමකි.

පලෙයි ගුවන් තොටුපළ වාණිජ මෙහෙයුම් සඳහා නැවත විවෘත කිරීම සහ යාපනය අර්ධද්වීපයේ සංස්කෘතික ව්‍යාපෘති කිහිපයක් ද දැනටමත් ප්‍රසිද්ධ කර ඇති ලැයිස්තුවේ අයිතම අතර වේ.

එසේම ඩෙල්ෆ්ට් දූපතේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉන්දීය රජයට අවශ්‍ය වේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාවෙන් සහතිකයක් තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ මුදල් අමාත්‍ය රාජපක්ෂ ඩොලර් බිලියනයක ණය පහසුකමක් සඳහා නවදිල්ලි නුවරට යාමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බැවින් ඔහුගේ සංචාරය පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත්, පසුගිය සතියේ, දූත මණ්ඩලය ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ට නිල කටයුත්තක් සඳහා හදිසියේ පැරීසියට යාමට සිදු වූ බැවින් පසුගිය සතියට නියමිතව තිබූ සංචාරය නැවත සැලසුම් කළ බවයි.

ජයිශංකර් මහතා මීට පෙර මාර්තු 18 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව සිටි නමුත් මහ කොමසාරිස් කාර්යාලය මෙම සංචාරය පිළිබඳව දැඩි ලෙස මුනිවත රකිමින් සිටියි.

– අද

හිරුණිකා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

මේ බව දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඊට අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූයේ යයි චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා ඇත.

කෙසේ වෙතත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමන් ඇතුළු පිරිස කිසිදු අපරාධයක් සිදුකර නොමැති බවත් ඇය පැවසූ බවත් අදාළ පුවත පවසයි.

Page 284 of 388