චීනයෙන් පාසල් නිල ඇඳුම් නොමිලේ

චීනයෙන් පාසල් නිල ඇඳුම් නොමිලේ

මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග්  පැවසීය.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කැප්පෙටිපොළ ජාතික පාසලේ දී ඔහු මේ බව කීවේය.

වසර 2023 දී සියයට 70ක් සහ 2024 වසරේ දී සියයට 80ක් ශ්‍රී ලංකාවේ පාසල්වල සිසු දරු දැරියන් සඳහා පාසල් නිල ඇඳුම් චීන රජය පරිත්‍යාග කළ බවත් නව වසරේ දී එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩි කිරීමට චීනය තීරණය කර තිබෙන බවත් තානාපතිවරයා කීවේය. එය මේ වසර අවසන් වීමට පෙර කාණ්ඩ 3ක් යටතේ ලබා දීමට අපි අපේක්ෂා කරන බවත් වීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු වගේම හොඳ හවුල්කරුවකු බවත් වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රබල නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නව යුගයක් කරා ගමන් කරමින් සිටින බවත් හෙතෙම මෙහිදී කියා සිටියේය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන 2018 වර්ෂයේ දී ආරම්භ කර මේ වනවිට මෙරට පාසල් 20ක ක්‍රියාත්මක වන බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් තානාපතිවරයා පැවසුවේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න