KDU සරසවියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

KDU සරසවියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීමෙන් සිසුවියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් මෙලෙස අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් ඇතැයි වාර්තාවේ.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි මාර්ගයේදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

එම අනතුරෙන් සිසුන් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර ප්‍රතිකර සඳහා ඔවුන්ව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

අනතුර සිදු වන විට බස් රථයේ 40 දෙනෙකු පමණ සිට ඇති අතර මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් අතර විශ්වවිද්‍යාල සිසුන් 34දෙනෙකු, ආචාර්යවරුන් තිදෙනෙකු සහ හමුදා සෙබළෙකු, බස් රථයේ රියැදුරු රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක්වූ නිවිතගල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකාරියන් ය.

බදුල්ල, මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල පසුකර අඹගහඔය ප්‍රදේශයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ සූරියවැව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යයන කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී තිබිණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බස් රථයේ රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න