V2025

පුවත්

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි.

සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් විමසා සිටියේ ඊයේ (16) ජනාධිපති ජාතිය ඇමතූ අවස්ථාවේ දැක්වූ අදහස්වලට ප්‍රතිචාරයක් ලෙසය.

එහිදී සිය ෆේස්බුක් ගිනුමේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ සටහන පහත දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ.

නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.

ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි.

රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි. ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක.

කෙසේවෙතත්, ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි.

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා.

අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි.

පුටීන් යුධ අපරාධකරුවෙක් බව බයිඩ්න් කියයි

අර්බුද මධ්‍යයේ වුවද අමෙරිකාව සහ රුසියාව අතර පවතින හොද හිත පලුදු කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යනු, යුධ අපරාධකරුවකු බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.

යුක්‍රේන අර්බුදයේදී රුසියානු හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් ඝාතනය වීම හෙලා දකිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට එම ප්‍රකාශය නිකුත් කර ඇති අතර, එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ඇරඹීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කළ ප්‍රබලතම වාග් ප්‍රහාරය ද එයයි.

යුක්‍රේනයේ “නයේ මරිපෝල්” නගරයේ පිහිටි විශාලතම රෝහල තුළ වෛද්‍යවරුන් සහ රෝගීන් සිය ගණනක් රුසියානු හමුදාව විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවත් එය කෘර ක්‍රියාවක් බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

යුක්‍රේනය වෙනුවෙන් ලෝක ප්‍රජාව එකමුතුව නැගී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම අදහස් දැක්වූයේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා සංවේදී ප්‍රකාශයක් සිදුකර පැය කීපයකින් පසුව වීම විශේෂත්වයකි.

එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුනේ රුසියාවට එරෙහිව තනිව සටන් වදින සිය රටට සහය ලබාදෙන ලෙසයි. යුක්‍රේන ජනාධිපතිවරයාගේ ආයාචනය පිලිගනිමින් ප්‍රහාරක ගුවන් යානා නාශක අවිඇතුලු තවත් අවිආයුද රැසක් සහ ඩ්‍රෝන යානා ද සමගින් යුද ආධාර සැපයීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසා සිටී.

වගකීම කාටද ? කුසල් හෙළිකරයි !

පෝලිම් දිග ඇදෙන මේ සමාජ ආර්ථික කඩා වැටීමේ වගකීම කාටද? මැයෙන් සටහනක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා විසින් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

පෝලිම් දිග ඇදෙන මේ සමාජ ආර්ථික කඩා වැටීමේ වගකීම කාටද?

පැහැදිලිවම එහි වගකීම බාර ගත යුත්තේ රට සංවර්ධන කිරීමේ වගකීම ඉල්ලා ගත් රජයේ හා මේ ආණ්ඩුවේ ප්‍රධානියා සමග ඔහුගේ මැති ඇමතිවරුන්ය. දෑවුරුද්දක් කිසිදු සාර්ථක මූල්‍ය කලමනාකරණයක් නොවුනු ආණ්ඩුවේ ප්‍රධානීන්ය.

මේ ආණ්ඩුවේ නායකත්වය ගැන බහුතර ජනතාවකට තවදුරටත් විශ්වාසයක් නොමැත්තේ අර්බූද පෝලිම් දිග ඇදෙනවා මිස අඩුවක් නොවන බැවිනි.

නමුත් මේ අර්බූද වල නිර්මාපකයින් කවුරුන්දැයි ඇසුවහොත් ඒ දේශපාලකයින් පමණක්ම නොවේ. මා නිතර කියන අයුරු, දේශපාලකයින්ට තනිව යෝධ හොරකම් කළ නොහැක. සංවර්ධනයට කිසිදු සම්බන්ධයක් නොමැති විදේශ ණය මත ආරම්භ කෙරුණු හැම යෝධ දූෂිත ව්‍යාපෘතියකම පිටුපස ඉන්නේ අමාත්‍යාංශවල ඉන්නා ටයි පටි පළඳින රාජ්‍ය පරිපාලනයේ ලොකු නිලධාරීන් සමග අමාත්‍යාංශ ගණකාධිකාරීවරුන් සහ ටෙන්ඩර මණ්ඩලවල වාඩිවන සහ ඒවායින් අන්ත දූෂිත ව්‍යාපෘති අනුමත කරන ඉංජිනේරු, වෛද්‍ය, පරිඝණක තාක්ෂණ, නීතිඥ වැනි රජයේ හා පෞද්ගලික අංශයේ ප්‍රාඥයින් ලෙස පෙනී සිටින විශේෂඥ වෘත්තිකයින්ය.

ඔවුන්ද මේ සමාජ ආර්ථික කඩා වැටීමට දායක වූ නීල හොරුන් බව සමාජයට කිව යුතුය.

කුසල්
2022 මාර්තු 17

ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න : තවත් කෝටිපතියන් දෙදෙනෙකු !

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කළ අතර මේ වන විට ඊට තවත් දෙදෙනෙකු එක්කර ඇත.

මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ඔවුන් වනුයේ, අශෝක් පතිරගේ සහ මොහාන් පණ්ඩිතගේ ය.

ඒ අනුව අදාළ කමිටුවේ සාමාජික සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

උග්‍ර ගෑස් හිඟයක් !

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළ නිකුත් කිරීම අද (16) දින සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම පවසයි.

මුදල් ගෙවා ගොඩබා ගන්නා ලද ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට බෙදාහැර අවසන් වී ඇති බවත් සඳහන් වෙයි.

නමුත් තවදුරටත් කර්මාන්ත හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම සඳහන් කරයි.

මෙට්‍රික් ටොන් තුන් දහස් පන්සියයක ගෑස් රැගෙන පැමිණි නෞකාවක් දැනට ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ නතර කර ඇති බවත් වාර්තා වෙයි.

මෙම නෞකාව සතියකට ආසන්න කාලයක් මෙසේ නවතා ඇත්තේ ගෑස් ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 10 පියවන තෙක්ය.

මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශලවල උග‍්‍ර ගෑස් හිගයක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ ලාෆ් සමාගමේ ගෑස් සැපයුමත් මේ වන විට මුළුමනින්ම ඇණහිට ඇති නිසාය.

ලාෆ් සමාගම පවසන්නේ බැංකු ණයකර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති බැවින් තමන්ට ගෑස් සැපයීමට නොහැකිව ඇති බවයි.

ආර්ථිකය හදන්න පුළුවන් බැසිල්ට විතරයි - පොහොට්ටු ලේකම්

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ට ඇතැම් අය විවේචන එල්ල කරන්නේ මෙරට ආර්ථිකය ගොඩනගිය හැකි එකම පුද්ගලයා ඔහු බව දන්නා නිසා බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

තවලමක් ඉදිරියට යන විට ඊට සුනඛයන් බාධා කරන බවත් එම බාධාවලට තවලමේ ගමන නැවැත්විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් කරන ලද දෙදෙනා හැර ආණ්ඩුවේ අනෙක් පක්ෂවල සාමාජිකයන් පොදුජන පෙරමුන හා සම්බන්ධව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

බැසිල් ඉන්දීය පාර්ලිමේන්තුවේදී මෝදි අගමැති හමුවෙයි !

ඉන්දීය නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව අද (16) හමුවී ඇත.

ඒ එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

මෙම හමුවට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා වද අද උදෑසන හමුව තිබේ.

මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල ,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

සජිත් ජනාධිපතිවරණයක් ඉල්ලයි !

"අපේ රටේ ජනතාව පාවල දෙන්නැතුව ලක්ෂ 220 ක් වූ ජනතාව අනාථ කරන්නෙ නැතුව පින් සිද්දවෙයි ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න නැවත වරක් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියනවා.
මේ විරෝධතාවයට සමගි ජන බලවේගය ට අනුබද්ධිත විශාල පිරිසක් කැප වුණා. මේ ආරම්බය විතරයි ඊළඟ පියවරට සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා." යැයි සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස  (15) පැවසීය.

ඒ දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ අවස්ථාවේදීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.

ගෑස්ටික් ටික, කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජන බලය රටට පෙන්නුවා කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.

ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න : කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළත් කමිටුවක් !

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ.

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් ඇතුළු ,මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මෙලෙස පත්කර ඇත.

අදාළ උපදේශක කමිටුව පහත දැක්වෙයි.

  1. Prof. H.D. Karunaratne
    2. Prof. Shirantha Heenkenda
    3. Dhammika Perera
    4. Krishan Balendran
    5. Ashroff Omar
    6. Dr. Dushni Weerakoon
    7. Dr. Hans Wijesuriya
    8. Vish Govindasamy
    9. S. Renganathan
    10. Ranjit Page
    11. Suresh de Mel
    12. Duminda Hulangamuwa
    13. Sujeewa Mudalige
    14. Prabash SubasingheFB IMG 1647334985972

SB ගේ කෑලි ගලවලා : අලුත් ගැසට් එකක් එයි !

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති විෂය පථය සහ කාර්යයන් කිහිපයක් ඉවත්කර පරිසර අමාත්‍යාංශය යටතට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.

ඒ මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්යය පරිසර අමාත්‍යාංශය යටතට පැවරීම හරහා ය.

එසේම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද මේ වන විට නිකුත් කර ඇත.

ජනාධිපති - TNA සාකච්ඡාව : අවසන් මොහොතේ අවලංගුයිලු !

දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

වාර්තා වන ආකාරයට මෙසේ සාකච්ඡාව අවලංගු කර ඇත්තේ අද කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාව නිසාය.

මීට පෙර අවස්ථා දෙකකදීම මේ අයුරින් සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට සිදුවූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බැසිල් ඉන්දියාවට !

දෙදින නිල සංචාරයක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සමඟ අද (15) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

වාර්තා වන ආකාරයට මෙම සංචාරයේ අරමුණ මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඹෟෂධ මිලදී ගැනීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක්වූ ණය මුදලට අදාල ගිවිසුම අත්සන් කිරීම ය.

එම ණය මුදලින් ඩොලර් මිලිය 500 ක් මූල්‍යමය වශයෙන් ලැබෙන අතර ඉතිරි ඩොලර් බිලියන 1.4 ක මුදල ලැබෙනුයේ භාණ්ඩ වශයෙන් බවත් වාර්තා වෙයි.

රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිටලා - හිටපු අග්‍රාමාත්‍ය රනිල්

අද වන විට ආණ්ඩුවේ යන්ත්‍රණය වැඩ නොකරන තත්ත්වයට පැමිණ ඇති බවත් දෙවන ලෝක යුද්ධ සමයේ දී වත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව පැරැන්නන් කියා තිබෙන බවත් එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අදහස් දක්වමින් ය.

වර්තමානයේ උද්ගතව තිබෙන තත්වයට දේශපාලනඥයන්ගෙන් පිළිතුරු ලැබෙනවා ද නැද්ද යන කාරණය පිළිබඳව ජනතාව කල්පනා කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම කියවා මේ ආණ්ඩුව ගැන ජනතාව විශේෂ බලාපොරොත්තුවක් තබා ගෙන සිටි අතර රට අලුත් මාර්ගයක ගමන් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

 

සමාජ මාධ්‍ය උනුසුම් : ජනාධිපති හෙට ජාතිය අමතයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කර ඇත.

මෙහිදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර සමාජ මාධ්‍ය තුළ විපක්ෂයේ පාර්ශ්ව විසින් #GoHomeGota2022 යනුවෙන් ද ආණ්ඩුවේ හිතවාදීන් විසින් #WeAreWithGota යනුවෙන් #ටැග් සටනක් දියත්කර ඇත.

බස් ගාස්තුවත් ඉහළට !

රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් ලෙස ඉහළ දමමින් බස් ගාස්තු මිලත් ඉහළ නංවා ඇත.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව  (14) පස්වරුවේදී සංශෝධිත බස් ගාස්තු චක්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.

එහිදී මෙතෙක් රුපියල් 1303ක්ව පැවති උපරිම බස් ගාස්තුවත් රුපියල් 1498 ක් දක්වා රුපියල් 195කින් ඉහළ යනු ඇත.

එම බස් ගාස්තු ඉහළ යාමේ චක්‍රය පහත දැක්වෙයි.

1

2

 

බැසිල්ට එරෙහි සජබ විශ්වාස භංගය : බැසිල්ගේ ඩීල් එකක් ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාස භංග යෝජනාව අපරිණත දේශපාලන ක්‍රියාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මීට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධාන ගෝලයකු වූ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිකුත්කළ ලිපියක් පාදක කරගෙන එවකට බලශක්ති අමාත්‍ය ධූරය හෙබවූ උදය ගම්මන්පිල ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සිහිපත් කරමිනි.

එහිදී බෙදී වෙන්වී සිටි ආණ්ඩුව විශ්වාස භංගය ජයග්‍රහණය කරවීමට එක්වූ බවත් මේ මොහොතේ ගෙන ඇති ක්‍රියාමාර්ගය ඊට නොදෙවෙනි බවත් දේශපාලන විචාරකයන් පවසයි.

මේ සම්බන්ධයෙන් newstube.lk වෙත අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය.

ප්‍රධාන විපක්ෂය කරන්නේ බැසිල්ට ඕන දේද ?

 " එක පැත්තකින් ආණ්ඩුව අභ්‍යන්තරයේ අමාත්‍යවරුන් ඉවත් කරමින් සිටිනවා. අනෙක් පසින් ඊට විරෝධය දක්වමින් ආණ්ඩුවේ පිරිස් තනතුරු අත්හරිමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවේ තවත් පිරිසක් අභ්‍යන්තරයේ සිටිමින් බැසිල් රාජපක්ෂ විරෝධය තීව්‍ර කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි ජනතාව අතර මතුව ඇති ආණ්ඩු විරෝධය. මේ පසුබිමේ අලුත් විශ්වාසය භංග යෝජනා මොකටද ? එක පසෙකින් ආණ්ඩුවේ වැඩ වලට එරෙහිව විරෝධතා සංවිධානය කරන අතරේ, අනෙක් පසින් ආණ්ඩුවේ සමගිය වෙනුවන් විශ්වාස භංග යෝජනාවක් ගෙනත්. මේ මොන පිස්සුවක් ද ? මේක අපරිණත දේශපාලන තීන්දුවක්. නැත්නම් ඩීල් එකක්.

මේ වෙනකොට පසුගියදා අමාත්‍ය ධූර වලින් ඉවත් කරපු, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් ආණ්ඩුවේ සිටින සෙසු බැසිල්ගේ විරෝධයට ලක්වූවන් අනාවරණය කර තියෙනවා. අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , බන්දුල ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම වැනි ප්‍රබලයන් ඒ අතර සිටිනවා. ඇයි මේ අනාවරණ ඇත්තද බොරුද කියලා ඔප්පු වෙන්න නොදෙන්නේ.

ප්‍රධාන විපක්ෂය කරන්නේ බැසිල්ට ඕන දේද කියන පැහැදිලි ප්‍රශ්නය මෙතන තියෙනවා. පුළුවන් නම් කියන්න , මේ විශ්වාස භංග යෝජනාවට තියෙන දේශපාලන වැදගත්කම මොකක්ද කියලා "

සාමාන්‍ය පෙළ අසමත් වැඩි පිරිසක් කැබිනට් එකේ - විජේදාස (video )

ලංකා ඉතිහාසයේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වැඩිම පිරිසක් ඇමැතිධූර දරන කැබිනට් මණ්ඩලය මෙය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

ප්‍රධාන පෙළේ ඇමැතිවරු රැසක්ම සාමාන්‍ය පෙළ අසමත් බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

මැදමුලනට කොන්දේසි විරහිතව කඹුරපු ඕනෑම අයෙකුට අත්වෙන ඉරණම විමල් සහ ගම්මන්පිලට අත්වූ බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ගේ මාධ්‍ය හමුවේ වීඩියෝව පහත දැක්වෙයි.

ජාතික ආණ්ඩු පුස්සක් : රටට අවශ්‍ය ජාතික රාමුවක් - රනිල්

ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

කිරුලපන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ , ජාතික ආණ්ඩුවක් බිහි කිරීමෙන් සිදුවන්නේ ඇමති ධුර බෙදා ගැනීමක් පමණක් බවය.

ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකතුව වසර 15 ක පමණ කාලයක් සඳහා ජාතික රාමුවක්, ශක්තිමත් යකඩ රාමුවක් වැන්නක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා ජනතා විශ්වාසය දිනාගෙන ආර්ථිකය ගොඩනැගීමක් කළ යුතු බවය.

මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් ආර්ථිකය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු එහිදී පැවසීය.

ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රමාදවීම නිසා වර්තමානයේ ලබාගත හැක්කේ ඉන්ධන නෞකා හතක් පමණක් බවත් නියමිත වේලාවට ගිවිසුමට එළඹුනා නම් ඊට වඩා ඉන්ධන නැව් ගෙන්වා ගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පැවසීය.

Page 281 of 388