Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

නව ජනතා පෙරමුණ මහින්ද බැහැ දකී

නව ජනතා පෙරමුණ, අද දින පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතගුණ දැක්වීමක් ලෙස එතුමාගේ සුව දුක් විමසා බලා සෙත් පිරිත් සජ්ජායනය කර එතුමාට ආශිර්වාද කිරීම සඳහා කාල්ටන් නිවසට ගියේ ය.

ඒ, එතුමා තිස් වසරක යුද ගිනි වසර කිහිපයකින් නිමාකර ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කරමින් මෙරට තුළ යෝධ සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් රට තුළ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් ගොඩ ගැනීමට උරදුන් අභීත දේශපාලන නායකත්වය දුන් බැවිනි.

එහි දී වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජිනිවා සමුළුවේ දී රටක් ලෙස අප ලද දැවැන්ත පරාජය පිළිබඳව ද මාලිමා ආණ්ඩුව විසින් සිදු කරන වෛරී සහගත දේශපාලන පළිගැනීම් සම්බන්ධව ද කෙටි සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම සද් චාරිකාව සඳහා: නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක නාගරික මන්ත්‍රි පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා ද පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මැතිතුමා ඇතුළු මධ්‍යම කාරක සභිකයින් ද පක්ෂ සාමාජිකයින් ද සහභාගි වූහ.

mr 900

sugiswara