මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 5 හැවිරිදි දරුවකු පිහිනුම් පුහුණුවකට යොමු කර සිටියදී දියේ ගිලී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5යි මාස 2ක් වයසැති පිරිමි දරුවකු බව පොලිසිය සඳහන් කළේය.
මෙම දරුවා මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලකට අලුතින් ඇතුළත් කර ඇති අතර එම පාසලේ සිසුන් 30 දෙනකු පමණ ගුරුවරුන් විසින් ඊයේ (08 වැනිදා) ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයකට රැගෙන ගොස් ඇත. අනතුරුව එම පිහිනුම් තටාකයට යොමුකර සිටි දරුවකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මේ අතර මෙම දරුවා පිහිනුම් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති දරුවකු බවද ඊයේ (08 වැනිදා) පිහිනුම් තටාකයට දරුවන් යොමු කර ඇත්තේ නිත්‍ය පුහුණුකරු නොවන බවද පැවසේ.
( aruna - එෆ්. අස්ලම්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
