නැගෙනහිර - මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්රදේශවල පැවති 'අර්නාබ්' ගැඹුරු පීඩන අවපාතය ඉතා ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ ඉඩකඩ ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ, අද මධ්යම රාත්රිය වන විට මෙම පද්ධතිය ඉතා ප්රබල සුළි කුණාටුවක් බවට පත්වන බව ගෝලීය පුරෝකථන මාදිලි මඟින් පෙන්වා දී ඇති බවයි.
මෙම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවන මුත්, ඉදිරි ඔක්තෝබර් 28 වැනිදා දක්වා ඒ හරහා දිවයිනට වක්ර බලපෑම් ඇතිවීමේ හැකියාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
