පුවත්

ඩිජිටල්කරණය කියන්නෙ කළුලෑල්ල වෙනුවට ස්මාර්ට් බෝර්ඩ් එකක් මාරු කරන එක නෙවෙයි
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.
අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති, පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
චිනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක්
‘‘ඩිජිටල්කරණය කියන්නෙ බෙහෙවින් පුළුල් වූ අර්ථයක් සහ දැක්මක් සහිත ක්‍රියාවලියක්. මගේ මැදිහත් වීමෙන් මෙරට සාමාන්‍ය අධ්‍යාපනය පාසල් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන විස්සක ප්‍රදානයක් චීන රජයෙන් ලැබිල තියෙනවා. ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමී ව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙනවා.
ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දිමට කටයුතු කර තිබෙනවා. මේ වෙද්දි ඊට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතිනවා. අපිට විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතුයි.
අධ්‍යාපනයට ඉහළ, ගුණාත්මක සංවර්ධනයක්
චීනය වැනි අධික ජනගහනයක් සිටින රටක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රය 95%ක් මේ වන විට ඩිජිටල්කරණය කරල අවසන්. අනෙකුත් දියුණු රටවල පවතින ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ත්තත්වය කරා ළඟා වීම සඳහා අප මෙම කාර්ය වඩාත් කඩිනමින් කළ යුතුයි. ඒ අනුව අපි 2022 වර්ෂයේ සිට පැවති ආර්ථික දුෂ්කරතා ජයගනිමින් අභියෝග මැද මෙම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලි ද අතනොහැර ඉදිරියට රැගෙන ආවා. මේ වන විට මානව සම්පත් සංවර්ධනය කරමින් ගුරු පුහුණු කිරීම් ද සිදු කෙරෙමින් පවතිනවා. ඒකෙ අරමුණ තමයි, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම.
පාසලේ පළමු ශ්‍රේණියේ ඉඳලා ම තොරතුරු තාක්ෂණය සමග ම කෘත්‍රීම බුද්ධි විෂයත් ද උගන්වන්න කියල පාර්ලිමේන්තුවේ දී ඉල්ලීම් ඉදිරිපත් වුණත් ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ ව යුනෙස්කෝ සංවිධානයේ මූලික අධ්‍යාපන නිර්ණායක හා නිර්දේශ කෙරෙහි අවධානය යොමු කරන්න එහි දී අපිට සිද්ද වෙනවා. ඒ නිසා පළමුවෙන් ම අපි මේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුයි.
ගුරුවරුන්ගේ වගකීම
මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වසර තුනක දී මේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරාට පස්සෙ ප්‍රවීණයන් කණ්ඩායමක් සමග එක් මධ්‍යස්ථානයක සිට සියලු ම පාසල්වලට දැනුම බෙදා හැරීමේ ඉඩ ප්‍රස්ථා විවර වෙනවා. ඒ වැඩ පිළිවෙළ නිසා හදිසියේ ගුරුවරුන් අසනීප වුනත් අධ්‍යාපන ක්‍රියාවලිය බාධාවකින් තොර ව පවත්වාගෙනයන්න පුළුවන්. එනිසා ගුරුවරුන්ගේ වගකීම වන්නේ දරුවන් පාසලට ගෙන්වා ගැනීමට අභිප්‍රේරණයක් වෙන විදියට වේගයෙන් ඉදිරියට යන දරුවන්ට පෙරමග පෙන්වන්න පුළුවන් තාක්ෂණයෙන් නිපුණ, ගුණාත්මක සංවර්ධනයක් ගුරු භූමිකාව තුළ ඇති කරගැනීම යි’’
(සටහන - ජයසිරි අලවත්ත)

මීඩියා හෙඩ් ගේ විරෝධය නිසා හිරුනිකාට තැන නැති වෙලා !
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව සමඟ පුරප්පාඩු වූ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් කිසිවෙකු පත් නොකිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අදාළ මන්ත්‍රී ධූරය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත ලබාදෙන බවට මීට පෙර සජබ නායක සජිත් ප්‍රේමදාස සහතික කර තිබුණත්, මේ වන විට සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැපවී සිටින පෞද්ගලික මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුගේ බලපෑම මත මේ ආකාරයට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අහිමි වන තත්ත්වයක් පෙන්නුම් කරයි. ඊට අදාළ මාධ්‍ය වාර්තා රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඇසුරේ සංසරණය වෙයි.

රනිල් දිනවන දිස්ත්‍රික් ගේමට ආදර්ශයක් ප්‍රසන්න ගම්පහින් දෙයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි ඒකාබද්ධ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු පත් කර ඇත.
ඊයේ(10) සහ අද (11) මෙම කමිටු පත් කිරීම සිදු කෙරුනේ ඇමති ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම කමිටු පිහිටුවීමේදී පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂවල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් කර තිබේ.
ගෙයින් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම, අදාළ ආසන මට්ටමින් සංවිධානය කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටුවලට පැවරේ.
ජනාධිපතිවරයාට සහාය පළ කරන ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයින්ගෙන් සමන්විත ගම්පහ දිස්ත්‍රික් ජනාධිපතිවරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව පත්කිරීම සිදුකෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දාය(08). ඒ ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටුවේ නායක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රධානත්වයෙනි .
මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක රුවන් විජේවර්ධන ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකයෝ සහභාගි වූහ .
කාලයක් දේශපාලනිකව විරසක වී සිටි මේ පිරිස එකම අරමුණක් වෙනුවෙන් එක්ව සිටීම සුවිශේෂී සිද්ධියක් විය.
ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළව පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පත් කර ගැනුණු පළමු ඒකාබද්ධ කමිටුවද මෙයයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රධානීන් බොහෝ දෙනෙකු එකට එකතු වී තිබෙන බවත්, දැන් පක්ෂයේ දෙවැනි පෙළද ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වෙමින් සිටින බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේය.
ඇමතිවරයා අවධාරණය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රාජපක්ෂ කෑල්ල ගැලවී ඇති නිසා ඉදිරි දින කිහිපය තුළ තවත් පිරිස් ජනාධිපතිවරයාට සහය පළකරනු ඇති බවය.
එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“කාලයක් නයි මුගටි දේශපාලනය කරපු අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක්. ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්ද වනු ඇති මේක අලුත් දේශපාලන සංස්කෘතියක් කිසිම දේශපාලන පක්ෂයක ලාංඡනයක් අපි ගන්නේ නැහැ. අපි යන්නේ එක්ව ජයගමු කියලා තේමා පාඨය ඔස්සෙයි. නමුත් අපි අතර අර්බුධ ඇති කරන්න යම් යම් කණ්ඩායම් කුමන්ත්‍රණ කරාවි. අපේ එකම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමයි. ඒකට හැමෝගම සහය අවශ්‍යයි.
ඉකුත් මහා මැතිවරණයේදී ලක්ෂ 20ක් ඡන්ද පාවිච්චි වුණේ නැහැ.එතන තිබුනේ බහුතරය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. මොකද ජනාධිපතිවරණ පරාජයත් සමඟ ඔවුන් මහා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ නැහැ. අපි ඔවුන් ඡන්ද පොළට ගේනවා ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අඩුම තරමින් ඒ ඡනද ලක්ෂ 10ක්වත් අපි ඡන්ද පොළට ගෙන්වා ගන්න ඕන. ඒ ඡන්ද ලබාගන්න නම් අපි ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒක ඉතාම සංවිධානාත්මක සිදුවිය යුතුයි.
මතක තියා ගන්න බඩු බෙදුවට වැඩ කරාට ඡන්දය දිනන්න බෑ. 2015 දී සිල් රෙද්ද පවා අපි දුන්නා. ඒත් මහින්ද මහත්තයා පරාදයි. මෛත්‍රීපාල සිරිසේන මහතා දින්නේ එදා තිබුණ මතවාදයත් එක්ක. යහපාලනය කියන මතවාදය එදා ගොඩනැගුවා. මේ වෙනකොට රනිල් රාජපක්ෂ කියන කෑල්ල ගැලවිලා ඉවරයි. දැන් සජිත් රාජපක්ෂ බවට පත්වෙලා තියෙනවා. ඇත්තම කතාව නඩු හබ ටික බේර ගන්න. සජිත්ව දිනව ගන්න. ඒ කටයුත්ත කරන්නයි ධම්මික පෙරේරාව ගේන්න හැදුවේ. ධම්මික පෙරේරට තේරුණා එයාව ඒ සඳහා පාවිච්චි කරනවා කියලා ඒකෙන් අයින් වුණා.
බැසිල් රාජපක්ෂ මහත්තයා අපිත් එක්ක දිගටම වැඩ කරගෙන ගියා. නමුත් එය අතරමඟදී ඉවත් වෙන්න තීරණය කළා. කළගුණ දන්න අපි මෙතන නතර වුණා. දැන් මොන ප්‍රශ්නෙ ආවත් අපිට ආපසු හැරෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය නැවත ජනාධිපතිවරයා කරලයි අපි පස්ස බලන්නේ. දිස්ත්‍රික් කාර්යාල ආසන කාර්යාල පිහිටුවීමේදී පොදු තැනක් ගන්න ඕනේ. අපේ ගෙදර තියෙන කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ අය එන්න කැමැති වෙන්නේ නෑ. මොකද පසුගිය කාලේ අපි අතර විරසකයක්නේ තිබුණේ. මේ හැදෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. අපි එකඟ වුණාට තාම ගම එහෙම වැඩ කරන්න හුරු නෑ. හුරු කර ගන්නකන් පොදු තැන් හදුනා ගන්න ඕනේ.
අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා සහභාගී වෙන ප්‍රධාන රැස්වීම් හතරක් කරන්න.
මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, හිටපු පළාත් සභා නියෝජිතයන් හා පළාත් පාලන අපෙක්ෂකයන් සහභාගී වූහ.
ප්‍රදීප් අනුර කුමාර

ශ්‍රී ලංකාව මේවන විට නව ආර්ථික යුගයකට !
ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බවත් ලබන වසර මැද භාගය වන විට මෙරට ආර්ථිකය මීට වඩා දියුණු තත්ත්වයකට පත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයන් සමඟ හමුවකට ඊයේ (10) මහනුවරදී එක් වෙමිනි.
ව්‍යාපාරවලට බලපා ඇති නීති රෙගුලාසි බොහොමයක් ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ව්‍යාපාරිකයන්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා පළාත්වල ආර්ථික බලය විමධ්‍යගත කිරීම සඳහා පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල පිහිටුවීමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.
මහනුවර මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා එම වැඩසටහන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට මහනුවර සිංහල, දෙමළ මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
සිය ව්‍යාපාර ගැටලු මෙහිදී එම නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර ඔවුන්ගේ යෝජනාවලියක් ද භාර දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසිය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අද මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කෙරුණා. අප දැන් රටක් ලෙස ප්‍රවේශ වී සිටින්නේ නව යුගයකටයි. පළමු වතාවට රජය දේශීය ණය ලබා ගැනීම නවත්වා තිබෙනවා. ඒ වෙනුවෙන් අපට නව ආදායම් මාර්ග සෙවිය යුතුව තිබෙනවා. එම ආදායම් මාර්ග ලබා ගැනීම වෙනුවෙන් සංස්ථාවලට මුදල් යොදවන්නේ නැතිව මිල සුත්‍රයකින් මුදල් උපයා ගන්නා ලෙස සමාගම්වලට දැනුම් දී තිබෙනවා. ඛනිජ තෙල් අංශයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ එය සාර්ථක වී තිබෙන අතර ලෝක මිල තත්ත්වයන් අනුව ඉන්ධන සහ විදුලිබලයේ මිල නියම කිරීම සිදු වෙනවා.
ඒ වගේම වැට් බදු වැඩි කිරීම නිසා 2023 වසරේ සහ 2024 වසර මුල් කාලය සියලුදෙනාට අසීරු කාලයක් වුණා. නමුත් දැන් ආර්ථික ටිකෙන් ටික හොඳ අතට හැරෙමින් තිබෙනවා. ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ලබා ගැනීමට අපට හැකි වූ අතර එය හොඳ තත්ත්වයක් බව කිවයුතුයි. මෙය පුද්ගලික අංශයට ද බලපානවා.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මසකට වරක් සාකච්ඡා කරනවා. අප ලබා ඇති ප්‍රගිතිය එහිදී පෙනෙන්නට තිබෙනවා.
මේ අයුරින් අද රටේ ආර්ථික දියුණු වෙමින් තිබෙනවා. මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි වී තිබෙනවා. නමුත් ලබන වසරේදී වාහන ආනයනයට ඉඩ දීම සමඟ එම විදේශ සංචිත ප්‍රමාණය අඩු විය හැකියි. නමුත් වාහන ආනයනය නොකර සිටීමටද හැකියාවක් නැහැ. මෙම ප්‍රශ්න අප කෙටිකාලීව විසඳාගත යුතුව තිබෙනවා.
සමස්ථයක් ලෙස අද රටේ ආර්ථිකය දියුණු වෙනවා. අප රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතුයි. ඒ වෙනුවෙන් ආදායම් අධිකාරිය ස්ථාපිත කර මෙම වැඩකටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම එම නිලධාරින්ට අවශ්‍ය පුහුණුව ද ලබා දිය යුතුව තිබෙනවා. රටේ ආදායම් ඉහළ ගොස් ආර්ථිකය දියුණුවන විට බදු අය කිරීම්ද ඒ අනුව සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම සහන ලබාදීම පිළිබඳවත් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරනවා.ඒ වගේම බැංකුවලට අදාළව අලුත් නීතියක් ද ගෙන එනවා. එහිදී ණය පතිව්‍යුහගතකරණය කරන අයට එම කටයුතු ඉදිරියට කරගෙන යා හැකියි. ඒ වගේම බැංකුවල තිබෙන බොල් ණය ඉවත් කළ යුතුයි. අලුතින් ප්‍රාග්ධනය ද ලබාගත යුතුව තිබෙනවා. එම කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ දේශීය ණය අඩු කරගෙන ඉදිරියට යා හැකි තත්ත්වයකට අප පැමිණ තිබෙනවා.
ව්‍යාපාරිකයන් මුහුණ දී තිබෙන ප්‍රශ්න පිළිබඳව ද මට හොඳ අවබෝධයක් තිබෙනවා. අප මෙම ප්‍රශ්න විසඳාගෙන ක්‍රමනුකූලව ඉදිරියට යා යුතුයි. ලබන වසර මැද වන විට රටේ ආර්ථිකයේ මීට වඩා හොඳ දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ වගේම ව්‍යාපාර නව නීතිවලට ඇතුළත් කිරීමට හා තිබෙන නීති රෙගුලාසි බොහොමයක් අඩු කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා සාකච්ඡා කර මෙම නව ක්‍රමවේදය සකස් කර ගමු. ඒ වගේම ආර්ථික කොමිසම ඇති කිරීමට ද අප කටයුතු කරනවා. දේශිය ව්‍යාපාරිකයන්ට එක් ස්ථානයකදී තම කටයුතු ඉටු කර ගැනීමට වෙනුවෙන් දැනට තිබෙන ආයතන එක් කර එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ඇති කරනවා. එහිදී ප්‍රාදේශීය වෙළෙඳ මණ්ඩල තවත් ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය විමධ්‍යගත කරන විට එය අවශ්‍යයි. පළාත් සංවර්ධන මණ්ඩල ඇති කිරීමට ද මම යෝජනා කර තිබෙන අතර අනෙකුත් පක්ෂද ඊට එකඟතාව පළ කර තිබෙනවා.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප ජපානය සමඟ සාකඡා කර තිබෙනවා. මහනුවර කේන්ද්‍රස්ථානය කර ගනිමින් මධ්‍යම පළාතේ ආර්ථිකය ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අඩුම තරමින් සංචාරකයෙක් රාත්‍රින් 03ක් වත් මහනුවර ගත කරන අන්දමින් එම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සකස් කළ යුතුය . එහිදී ප්‍රධාන හෝටල් කිහිපයක්ම මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමෙන් පසු මෙම ප්‍රදේශය විශාල දියුණුවක් ඇතිවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ පිහිටි උඩවත්ත කැලේ සංචාරක ආකර්ශණයට ලක් කළ යුතුයි. බෞද්ධ ශිෂ්ඨාචාරය කේන්ද්‍රයක් ද මේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. සෑම බෞද්ධ රටකම තිබෙන විහාරස්ථාන එම ආකෘතියට අනුව එහි ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ වගේම නුවරඑළිය දියුණු කිරීම වෙනුවෙන්ද නව වැඩසටහන් රැසක් අප සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන් සමඟ මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම මහනුවර තාක්ෂණය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැඟීමට ද අප අපේක්ෂා කරනවා. තවද නව විශ්වවිද්‍යාල කිහිපයක් මේ පළාතට ලැබෙනු ඇතියි. එසේම මධ්‍යම පළාත තුළ පුළුල් කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන ආර්ථිකයකට මේ පළාත සූදානම් කළ යුතුයි. මහනුවර මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද කිවයුතුයි. ඒ සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද මම බලාපොරොත්තු වෙනවා.
මහනුවර සිංහල වෙළඳ සංගමයේ සභාපති යසස් චන්ද්‍රසේකර, ලේකම් නදීච් වීරරත්න, මහනුවර දෙමළ වෙළෙඳ සංගමයේ සභාපති එම්. කුමාරදාස, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයේ සභාපති සලිම් ඩීබ් මහත්වරුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සජිත්ට එක්වෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ තීරණය කර ඇත.
ඒ බව ඇය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සජබ නායක සජිත් ප්‍රේමදාස හමුවී සඳහන් කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය සමයේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා ගේ ප්‍රධානත්වයෙන් යුතු නව සන්ධානය සමඟ බවයි. එහෙත් පසුගිය සමයේ ඇය නිහඬ නිශ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බවත් ඔවුන් පවසයි.
කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.

පොහොට්ටුවෙන් සහායට එන අයට ජනපතිගෙන් රක්ෂණයක් : අලුත් පක්ෂයකුත් කරළියට !
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ඕක් රේ රීජන්සි හෝටලයේ ඊයේ (10) සංවිධානය කර තිබු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවට එක් වෙමිනි.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදි අගය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට කැපවන බවට ද සහතික වුහ.
හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පැවසීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජානක වක්කුඹුර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සජබ හිටපු විජේමුනි රනිල්ගේ සහායට ඇවිත් !
හිටපු අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට තීරණය කර ඇත.
මෙම තීන්දුව ගන්නා විට ඔහු සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකයකු ලෙස දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදෙමින් සිටියේ ය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය වෙත කිසිදු නිර්නායකයක් නොමැතිව රාජපක්ෂ කඳවුර නියෝජනය කළ දුෂ්ඨ උපදේශකයන් එක්කර ගැනීම මෙම තීන්දුව ගැනීමට හේතු වී තිබේ.
එසේම රට ඉතිහාසයේ මුහුණදුන් දුෂ්කරම ආර්ථික අර්බුදයට මුහුණදී සිටියදී කිසිවෙක් ඒ පීඩනයෙන් ජනතාව මුදවා ගැනීමට ඉදිරිපත් නොවීමත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ ඉදිරිපත් ව මේ වන විට රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ඇති බැවින් , ඉදිරි වසර 5ක කාලය සඳහා ද ඔහුට අවස්ථාව ලබාදිය යුතු බව පවසමින් හිටපු අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.

මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කෙරේ
ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සඳහා වූ ඡන්ද සලකුණු සහිත ගැසට් නිවේදනය මේවන විට නිකුත් කර ඇත.
ඒ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ද තහවුරු කර ඇත.
එය උප ලේඛන 01 හා උප ලේඛන 02 ලෙස කොටස් දෙකකි.
උප ලේඛන 01හි සඳහන් වනුයේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සඳහා නිකුත් කර ඇති ඡන්ද සළකුණුය.
උප ලේඛන 02 හි සඳහන් වනුයේ ස්වාධීනව තරග කරන අපේක්ෂකයන්ට ලබාගත හැකි සලකුණු බව මැකොස පැවසීය.

නාමල් සුමන්තිරන් හමුවක් !
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද පැවැත්විය.
ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ගේ කොළඹ පිහිටි නිවසේදීය.
එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිව සිටියේ ය.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර ඇති බව දැනගන්නට ඇත.
ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

රු. 1700 ගෙවන්න වතු සමාගම් 7ක් එකඟ වෙයි
වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.
කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරයි.

වැඩිවන අපේක්ෂකයෙකුට රු. මිලියන 200ක් වැයවෙනවා
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඔහු එබව කියා සිටියේ, ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,
"එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ."
ජනපති සටනට දැනටම 24ක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ නැග ඇත.
පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද, වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත් වෙති.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීල රතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ , කේආර් ක්‍රිෂාන්, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර්‍ර් පෙරේරා, මුහම්මත් ඉල්ලාස්, ප්‍රේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ ඩී.එම් බණ්ඩාරනායක එම අපේක්ෂකයෝ වෙති.

බිඳ වැටුණු ආර්ථිකයක් දෙවසරකින් ගොඩනැඟුවා නම් ඒ ලංකාවේ විතරයි !
රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවානම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
රටක් ලෙස ලැබු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (09) පෙරවරුවේ පැවති “දියවර දිරිය” ජාතික ධීවර සම්මේලනය අමතමිනි.
දිවයින පුරා ප්‍රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ධීවර ජනතාව නගාසිටුවීම වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ ධීවර නවීකරණ වැඩසටහනද ක්‍රියාත්මක කරන බවයි.
ධීවර ගම්මාන සඳහා ස්ථීර ඉඩම් ලබාදීම, ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීම, ධීවර ප්‍රජාවගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම ඇතුළු සුබසාධන වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පැවසු ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉන්ධන සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස ධීවර අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බවද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද ධීවර ජනතාව මෙහිදී තම ප්‍රශ්න ඉදිරිපත් කළා. නමුත් මීට වසර දෙකකට පෙර මේ ප්‍රශ්න පිළිබඳ කථා කිරීමට තබා අපට මේ රට පිළිබඳවත්, අනාගතය පිළිබඳවත් කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ. අපි රටක් ලෙස ඉන්ධන, ඖෂධ, ආහාර හිඟයකට මුහුණ දී සිටියා. වසර දෙකක් ගත වන විට රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට අද අපට හැකිව තිබෙනවා. නමුත් තවමත් අපට ආර්ථික ගැටලු තිබෙනවා.
වසර දෙකක අසීරු කාල වකවානුවේ එම ජීවන බර දරා ගත් ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත විය යුතුයි. අපි එදා අසාර්ථක වුණා නම් රට විනාශ වෙනවා. නමුත් අපට ඉදිරියට යා හැකි බව මම විශ්වාස කළා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටක ආර්ථිකයක් ස්ථාවර මට්ටමකට ගෙන ආවානම් එය සිදුවූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව පැවසිය යුතුයි.
සෑම වෘත්තියකම විවිධ ගැටලු තිබෙන බව අප දන්නවා. ආණ්ඩුවේ ආදායම් ඉහළ නංවා ගනිමින් දේශීය ණය ලබා ගැනීම අඩු කළ නිසා අපට අද බංකොලාත්භාවයෙන් මිදීමට හැකිව තිබෙනවා. ණය ලබා ගැනීම අඩු කර ආදායම් ඉහළ නංවා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන අපගේ වැඩසටහනේ එක් කොන්දේසියක් වෙනවා. ඒ වෙනුවෙන් ජනප්‍රිය නොවන තීනිදු තීරණ ගැනීමට මට සිදු වුණා. විශේෂයෙන් වැට් බදු ඉහළ නැංවීමට ගත් පියවර කෙටි කාලීනව ජනතාවට බරක් වුවද අප දැන් එම ප්‍රශ්න විසඳාගෙන යනවා.
ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. අපට ණය බරින් මිදීමට නම් තවත් වසර 04-05ක් මේ මාර්ගයේ ඉදිරියට ගමන් කළයුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කොන්දේසි අනෙකුත් රටවල් ද පිළිගෙන තිබෙනවා. අපි එම කොන්දේසි කඩකළහොත් අපට කිසිදු ආධාරයක් හිමි වන්නේ නැහැ. අපි 16 වතාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් කඩ කළ නිසා අප කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් නැහැ. මෙවර අප ඇති කරගත් ගිවිසුම ශක්තිමත් ගිවිසුමක් බව කිවයුතුයි. අපි ඇතිකරගත් එම එකඟතා අනුව ඉදිරි වසර 04ක්,05ක් ඉදිරියට යමින් රටේ ආර්ථිකය ගොඩනඟා ගන්නවාද, එසේ නොමැතිනම් එම කොන්දේසි කඩකර අපට ලැබෙන සහන අහිමිකර ගෙන රටේ ආර්ථිකය කඩා වැටිමට ඉඩ හරිනවාද කියා අප තීරණය කළ යුතුයි.
අප ආර්ථික වශයෙන් නැවත කඩා වැටුණොත් ධීවර ජනතාව අද මෙහිදී කළ ඉල්ලීම් කිසිවක් ලබාදීමට අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට නම් අපට හොඳ ආදායමක් තිබිය යුතුයි. අද ධීවර ප්‍රජාව ඉන්ධන සඳහා සහන ඉල්ලා සිටියා. ඒ වගේම සුබසාධනය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළා. ඇතැම් ධීවර ගම්මානවලට ස්ථීර ඉඩම් නැහැ. අප මෙම ගැටලු විසඳා දිය යුතුයි. ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දිය යුතුයි. ඒ වගේම ධීවර ගම්මානවල දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මෙම කටයුතු වෙනුවෙන් නව සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අප සැලසුම් කර තිබෙනවා. ඉන්ධන සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස මම ධීවර අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ වගේම ධීවර වරායන් දියුණු කළයුතුයි. ඒ අයුරින් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ ධීවර නවීකරණ වැඩසටහන ද ක්‍රියාත්මක කරනවා. තායිලන්තය, වියට්නාමය වැනි දියුණු ධීවර කර්මාන්තයක් අපේ රටේ ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. මැලේසියාවට, වියට්නාමයට, තායිලනත්යට හොඳ ධීවර කර්මාන්තයක් ඇති කර ගත හැකි නම් අපිට එසේ කිරීමට නොහැකි ඇයි කියා අප සිතා බැලිය යුතුයි. අප අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යා යුතුයි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් මුදවා ගෙන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් සිටිනවා. අද වන විට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙමින් සිටිනවා. ජනාධිපතිතුමා ලෝකයේ බලවත් නායකයෙක් බව කිව යුතුයි. දේශපාලනයෙන් පමණක් නොව දැනුමෙන් පිරිපුන් එතුමා රට ඉදිරියට ගෙන යමින් සිටිනවා. එදා ජනතාවට අනාගතය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ අඳුරු යුගය සිහි කර බලන්න. එවැනි තත්ත්වයන් තුළ විපක්ෂ නායකයන් මේ රට භාර නොගත් අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගත්තා.
බලාපොරොත්තුවේ පහන ලෙස රටටත්, ජනතාවටත් ජීවිත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඉදිරියටත් රටට නිසි මාර්ගෝපදේශ ලබාදෙන නායකත්වයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාලයක් තිස්සේ පවතින ධීවර ප්‍රජාවගේ ගැටලු කඩිනමින් විසඳනු ඇති බව ද අප බලාපොරොත්තු වෙනවා.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත
ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් දරුණුතම අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගෙන, අරමුණු සහගතව කටයුතු කර අද වන විට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා. එසේ නොවන්නට අප තවමත් පෝලිම්වල බව සඳහන් කළ යුතුයි. දැන් ඔබේ ඉදිරි ගමන පැහැදිලියි. මේ වන විට ගමට ගොස් ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සිදු කිරීමටත් අපට හැකි වුණේ එතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ගය නිසයි. අද ඔබ ඉදිරියේ කඳුළු සැළුවාට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ධීවර අමාත්‍යාංශය බාරව කටයුතු කළ බව සඳහන් කළ යුතුයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට කරිජ්ජ පාගන ධීවර ජනතාව රැවටිය නොහැකි බව කිව යුතුයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ පියාගේ කාලයේ සිට ධීවර ජනතාව පීඩාවට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.
නමුත් අප ධීවර ජනතාව වෙනුවෙන් ඉන්ධන හා ධීවර ආම්පන්න සඳහා සහන ලබා දීම, ධීවර නිවාස ලබා දීම, ධීවර කාන්තාවන් සවිබල ගැන්වීම, ආදියට අමතරව ධීවර වරාය සංවර්ධන කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. එසේම ධීවර රක්ෂණ හා විශ්‍රාම ක්‍රමය, ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය නඟා සිටුවීම, ධීවර දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම , ධීවර ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම මෙන්ම පසු අස්වනු හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම ආදී වූ බොහෝ කටයුතු වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල අනුව මේවා එතරම් අපහසු කාරණා නොවෙයි.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර
අද බංග්ලාදේශයේ සිදුවන දේ මාධ්‍යවලින් දකින්න ලැබෙනවා. මහමඟදී කාන්තාවන්ට පහර දෙනවා, ජනතාව ඝාතනය කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොසිටින්න එදා ශ්‍රී ලංකාවේත් එවැනි තත්ත්වයක් උද්ගත වීමට ඉඩ තිබුණා. යුද්ධය අවසන් වීමෙන් පසුව, මේ රටේ ඇතිවූ ආර්ථික යුද්ධයෙන් ජනතාව බේරා ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරමින් සිටිනවා. කොතරම් අපහසුතා තිබුණත් ධීවර කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධනවලට සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔබගේ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය මෙන්ම අනිකුත් පහසුකම් ලබාදීමට ද කටයුතු කරමින් සිටිනවා.
ඉදිරියේදී මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීමට දිරිගැන්වීමක් ලෙස භූමිතෙල් මිලට සහනයක් ලබාදීමට කටයුතු කරන බව පැවසිය යුතුයි. ධීවර අමාත්‍යවරුන් එම ඉල්ලීම සිදු කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අවශ්‍ය පියවර ගනු ඇතියි.
ඒ වගේම ධීවර කර්මාන්තයේ නිරත ඔබව ශක්තිමත් කිරීමට කළ හැකි සියලු කටයුතු සැප්තැම්බර් මස 21 වැනිදායින් පසු තව දුරටත් සිදුකරන බව කිව යුතුයි. අද මේ රටට පත්ව සිටින්නේ දකුණටත්, උතුරටත්, නැගෙනහිරටත්, බස්නාහිරටත් එක ලෙස සමානව සළකන නායකයෙක්. ගෙවී ගිය වසර දෙක තුළ මේ රට ආර්ථික අර්බුදයෙන් මුදා ගෙන මේ වන විට යම් ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙන බව අප පිළිගත යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපතිධූරයට පත් වූ පසු මේ රට ඔබ අප බලාපොරොත්තු වන දියුණුවේ මාවතට ගෙන යන බව විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.
ජාතික ධීවර මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් නෙල්සන් එදිරිසිංහ
ග්‍රාමීය ධීවර සංවිධාන 1500කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ධීවර අමාත්‍යාංශය විසින් 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතට අනුව ජාතික ධීවර මහා සම්මේලනය ආරම්භ කරනු තිබෙනවා. එහි සාමාජික සාමාජිකාවන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බව පැවසිය යුතුයි. ධීවර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අවශ්‍යයි. ඒ වෙනුවෙන් වසර 28කට අධික කාලයක් තිස්සේ පැවති ධීවරයන්ට බලපාන නීති සංශෝධනය කිරීමට වත්මන් අමාත්‍යවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. එම රෙගුලාසි ඇතුළත් කෙටුම්පත ජනාධිපතිතුමන්ට පිළිගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අනිකුත් සමාජ ස්ථරයන්ට වඩා ධීවර ප්‍රජාව ඉතා වාසනාවන්තයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු ධීවර ප්‍රජාවගේ මෙම ගැටලු කඩිනමින් විසඳනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් 8ක් ඉල්ලා අස්වෙන කතාව ඇත්තද ?
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊට අනුව පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහාය දක්වන පදනමින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය නොදක්වන පදනමින් මේ ඉල්ලා අස්වීම සැලසුම් කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් ය.
කෙසේ වුවත් මෙම නම් සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ සමීපතමයන් වෙතින් සිදුකළ විමසීමේදී දැනගන්නට ලැබුනේ එවැනි සූදානමක් නොමැති බවය. එසේම මෙම නම් සඳහන් සියලු දෙනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ අපේක්ෂකත්වය ට සහාය දීමට හෝ නොදීමට ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවද දැනගන්නට ලැබිණ.

ෆොන්සේකාගේ සහාය රනිල්ටද ? අනුරටද ?
සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය වෙත සහාය දැක්වීමට වැඩි ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ බව හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම හරහා ද හැඟුණු බවත් එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඇප තැම්පත් කර ඇත.
එසේම ෆොන්සේකා මන්ත්‍රීවරයා සජබ සභාපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද පවසා සිටියේ තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවයි.
මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වල දැක්වෙන්නේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය පළකරනු ඇති බවයි.

කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න නිර්පාක්ෂිකයි.!
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටියේය.
එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි සහ දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මෙරට මව්වරුන් විඳී පීඩාව කිසිවෙකු අමතක නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බව කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (09) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.
පක්ෂ බේදයෙන් තොරව දිවයින පුරා ප්‍රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරියන් සහ නියෝජිතවරියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් දියුණුව කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට තම පූර්ණ සහාය පළ කරන බවට මෙහිදී කාන්තා සංවිධාන නියෝජිතවරියන් ජනපති හමුවේ සපථ වුහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ දුෂ්කර ආර්ථික තත්ත්වයක වුවද මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාදීම තමා කිසිසේත් අතපසු නොකළ බවයි.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත මේ වන විටත් අනුමත කර තිබෙන අතර කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතිවාසිකම් හිමිකර දීමේ නීතිමය පසුබිම සැකසීම ඇතුළු කාන්තා අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් පියවර රැසක් මේ වන විට ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය
මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා. කුසගින්න නිර්පාක්ෂිකයි. කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා. කුස පිරවීම නිර්පාක්ෂිකයි. ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙකට දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක් විය යුතුයි. මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා. විදුලිය නොමැතිව, ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. නැවත අප මේ දුක විඳිය යුතුද, ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි.
මම ජනාධිපති ධූරයට පත්වුයේ අනෙක් අය එම වගකීම භාර නොගෙන පැන ගිය නිසයි. මම ජනාධිපති ධූරය භාර ගැනිමෙන් පසු “අප සියලුදෙනා එක්ව ජනතාව මෙම දුෂ්කරතාවන්ගේ මුදා ගැනීමට කටයුතු කරමු” කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙන්ම අනුර දිසානායක මහතාගෙන් ද ඉල්ලීමක් කළා.නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට අපට සහාය ලබා දුන්නේ නැහැ.
එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි. දේශප්‍රේමය ගැන කථා කරමින්, ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා. විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යාමට උදව් කළා. මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ රටේ පොහොර නැති වූ අවස්ථාවේ ඇමරිකාවේ සමන්තා පවර් මහත්මිය අපට සහාය ලබා දුන්නා. ඒ පොහොර ලබාදීම නිසා අපට එම යල කන්නය සාර්ථක කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා. ඒ නිසා අප මේ කාන්තාවන්ට ස්තූතිවන්ත විය යුතුයි.
ශ්‍රේෂ්ඨ දේශප්‍රේමි පළපුරුදු නායකයෝ යැයි කියාගන්නා කිසිවෙක් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ. අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ඉතා අසීරුවෙන්. අප තවත් ඉදිරියට යා යුතුයි. අප සියලුදෙනා විඳි දුක මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.
මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. 2021 වාණිජ බැංකුවල උකස් කළ රත්‍රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250යි. අද එය රුපියල් බිලියන 500 පසුකර තිබෙනවා. ඒ නිසා අප ඒ පිළිබඳ සහන ලබාදීමට කටයුතු කළා. ඇතැම් නිවාසවල වැඩිහිටියන් එක් ආහාර වේලක් අත හැරීමට පුරුදුව සිටියා. තවත් පිරිසක් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය නොහැකිව දුක් වින්දා.
මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබා දුන් උපකාරය නිසා අද අපට මෙම සහන ලැබී තිබෙනවා. ජැනට් යෙලන් මහත්මිය සහ නිර්මලා සීතාරමන් මහත්මිය අපට ට සහය ලබා දුන් නිසා අද අපට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපට ණය ලබාදෙන රටවල් ගණනාවක් සමඟ අප ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එහිදී අප ඇතිකරගත් කොන්දේසි මම ආර්ථික පරිවර්තන නීතියට ඇතුළත් කර තිබෙනවා. මේ මාර්ගයේ ඉදිරියට යනවා නම් අපට රටක් ලෙස ගොඩඒමට හැකියාව තිබෙනවා.
නමුත් ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කරනවා කියලා. රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පැන ගිය අය අද කාන්තාවන්ගේ සහයෙන් අපට ලැබුණු මෙම සහනය ඉවත් කරන බව ප්‍රකාශ කරනවා.
අපි සියලුදෙනා මේ ගමන ආවේ ඉතා අසීරුවෙන්. ඒ නිසා මෙම සහනය නැති කර ගන්නවද, ආරක්ෂා කර ගන්නවාද කියා අප තීරණය කළ යුතුයි. එහිදී මුහුණු දෙස හෝ නම් දෙස නොව තමන්ගේ සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. එම තීරණය ඔබගත යුතුයි.
මෙම අසීරු ගමනේදි වුවද මම මේ රටේ කාන්තාවන් අමතක කළේ නැහැ. අස්වැසුම, උරුමය, අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වන මහල් නිවාසවල අයිතිය ලබාදීම, කඳුකරයේ ගම්මාන ඇති කිරීමේ වැසටහන, පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සහන ලබා දුන්නා. ඒ වගේම කාන්තාවන් බල ගැන්වීමට ද අප කටයුතු කර තිබෙනවා.
ඒ වෙනුවෙන් අපි කාන්තාවන් බල ගැන්විමේ පනත සම්මත කර ගෙන තිබෙනවා. වසර 20-30ක් මේ රටේ සුළු ජාතින්ගේ අයිතීන් පිළිබඳ සටන් ක්‍රියාත්මක වුණා. අප දැන් සාකච්ඡා කරමින් ඒවා විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි. සුළුතරයකගේ ප්‍රශ්න මෙලෙස විසඳමින් සිටියදී මෙරට බහුතරයක් වන කාන්තාවන්ටත් සමාන අයිතිවාසිකම් ලබාදීමට අප කටයුතු කරනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලු කාන්තාවන්ට මෙම අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් අප මේ වන විට පළමු නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් නීති ගෙන එනවා. ඒ වගේම මෙරට කාන්තා අයිතිවාසකම් දිනා දීම වෙනුවෙන් අප තවත් පියවර රැසක් ගෙන ඇති බව කිවයුතුයි.
මේ පිළිබඳ දැනුවත් කිරීමට රටේ ප්‍රධාන කාන්තා සංවිධාන සහ ගම් මට්ටමේ තිබෙන කාන්තා සංවිධාන නියෝජිනය වන පරිදි විශාල කාන්ත සමුළුවක් ලබන වසරේදී කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා.
අප සියලුදෙනාට හොඳ රටක් අවශ්‍යයි. ඔබේ දූ දරුවන්ට මීට වඩා හොඳ රටක් අවශ්‍යයි. ඊට පෙර අපේ නිවාවල තිබෙන ජීවන බර ඉවත් කර ගනිමින් ඉදිරියට යාමට නිර්පාක්ෂිව එකතුවෙමු. රට දියුණු කරමු කියා මා ඉල්ලා සිටිනවා.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
අද මේ පැවැත්වෙන්නේ අතිශය සුවිශේෂී කාන්තා රැස්වීමක් බව පැවසිය යුතුයි. අපි මීට පෙර කාන්තා සම්මේලන පවත්වා තිබුණත් වසර 32ක දේශපාලන ජීවිතයේ බහුපාක්ෂික කාන්තා සම්මේලනයකට මා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. ඇයි අද අප එකට එක්ව සිටින්නේ? එයට සංවාද, විවාද, තර්ක අවශ්‍ය නැහැ. රූපවාහිනිය ඉදිරියට ගිහින් බංග්ලාදේශයේ තත්ත්වය දැක බලා ගත්තා නම් අපි එකතු වුණේ ඇයි කියන කාරණය පැහැදිලි වෙනවා.
බංග්ලාදේශ රාජ්‍ය නායිකාවගේ නිල නිවස මෙන්ම පාර්ලිමේන්තුව ද අරගලකරුවන් අත්පත් කර ගත්තා. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් මේ වන විට ඝාතනය කර තිබෙනවා. ඒ අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් රූපවාහිනියෙන් නරඹන විට එදා අප රටේ සිදුවුණෙත් එවැනිම දෙයක් බව පැහැදිලි වෙනවා.
බංග්ලාදේශ අරගලකරුවන් සංචාරක හෝටල්, රාජ්‍ය ආයතන ගිනිතබා විනාශ කළා. මුළු බංග්ලාදේශයම ගිනි ගොඩක් බවට පත් කරනු ලැබුවා. එවැනි තත්ත්වයක් තුළ අද බංග්ලාදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් සොයමින් සිටිනවා. එදා අපට එවැනි තත්ත්වයක් උරුම නොවුණේ මේ මාතෘභූමියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙක් බිහි වූ නිසයි. ඒ වගේම රටේ හිටපු නායකයා රටින් පිටව ගිය වෙලාවේ, මේ මාතෘභූමියේ කිසිදු ලේ වැගිරීමක් සිදු වීමට ඉඩ නොතබා රාජ්‍යත්වය ස්ථාපිත කරමින් රට නැවත යථා තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. මාතෘභූමියේ නිවැරදි තීන්දු තීරණ ගන්නා කාන්තාවන් ලෙස අද අප පක්ෂ පාට පැත්තකට දමා, එකම පවුලක් ලෙස එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී තිබෙනවා.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ
රටේ ජීවනාලිය බඳු කාන්තා ඔබට වැදගත් තීන්දුවක් ගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී අවස්ථාව හිමිව තිබෙනවා. ඒ වැදගත් තීන්දුව නොගතහොත් රට ආපස්සට යෑම වළක්වන්න බැහැ. මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එදා අපට ගෑස්, ළමයින්ට කිරිපිටි තිබුණේ නැහැ. එදා ආර්ථිකය බංකොලොත් කියන විට මේ රට භාර ගන්න විපක්ෂය හිටියෙ නැහැ. විපක්ෂය හැංගුණා. අපට හුස්ම පොදක් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.
කාන්තාවක් දරුවකු බිහි කිරීමට නම් ඇය ශක්තිමත් විය යුතුයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මාස 10ක් පුරාවට පෝෂණ මල්ලක් ලබා දී ඒ කාන්තාවන් ශක්තිමත් කිරීමට කටයුතු කළේ. මේ රට ශක්තිමත් කරන්න, රට ඉදිරියට ගෙන යෑමට හැකි වන්නේ කාන්තාවන්ටයි.
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කාන්තාවන්ගේ ආරක්ෂාවට අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට කටයුතු කළා. 70 දශකයේ සිට මේ රටේ භීෂණය වැපුරුවේ කවුද? තරුණයන් ඝාතනය කර කාණුවල දැම්මේ කවුද? එවැනි අය තමයි අද රටේ බලය ඉල්ලන්නේ. අපට අවශ්‍ය ආපස්සට යන රටක් නෙමෙයි. ඒ නිසා අප සියලු දෙනා එකමුතුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු.
ජාතික කාන්තා කමිටුවේ හිටපු සභාපති බියට්‍රිස් දිසානායක
මෙම ශාලාව පිරී ඉතිරී යන ලෙස කාන්තාවන් එක් රැස්ව සිටීමෙන් කාන්තා ඔබේ අපේක්ෂාව කුමක්ද යන්න පැහැදිලියි. මේ රටේ සියලු අම්මාවරුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. ඒ සඳහා ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. ඊට අවශ්‍ය පසුබිම සකස් කළ හැක්කේ කාටද යන්න ඔබ වටහා ගත් නිසා අද මේ ශාලාවට රැස්ව සිටිනවා.
ඔබේ ඒ තීරණය නිවැරදියි. ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳව දුර දක්නා නුවණින් කටයුතු කරන බුද්ධිමත් නායකයෙක් අද සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගත යුත්තේ ඇයි කියන එක මේ රටේ ගෘහණියන් තරම් වෙනත් කිසිවෙක් දන්නේ නැහැ. කාන්තාවන් වශයෙන් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ඔබේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බව විශ්වාසයි. එතුමාගේ ජයග්‍රහණය තහවුරුයි.
එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝංගහගේ
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අද නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මේ රටේ බහුතරය වන කාන්තාවන්ට නිර්පාක්ෂික අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නේ ඇයි කියන කාරණය අවබෝධ වී තිබෙනවා. ඉතිහාසයේ අඳුරුතම යුගයෙන් කාන්තාව මුදා ගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.
අපේ දරුවන්ට, කාන්තාවන්ට බලාපොරොත්තුවක් ඇති කළ එකම නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම ඡන්දය ලබා දීමට කාන්තාව පෙළ ගැසී සිටිනවා . අනෙක් සියලු පක්ෂ නියෝජනය කරන්නේ විවිධ පාට, පක්ෂ බව ඔබ දන්නවා.අප තව දුරටත් පක්ෂ පාට වශයෙන් බෙදී වෙන් විය යුතුද? කාන්තාවන් වශයෙන් අප ඒ බේද සියල්ල පසෙකලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබා දෙනවා. මොකද අපේ රට තවත් බංගලිදේශයක් බවට පත් වීමට ඉඩ දෙන්න බැහැ.
එදා අපට උදව් කළ බංගලිදේශයට අද අත්වී තිබෙන තත්ත්වය ගැන කණගාටුවක් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය අපේ ඉරණම විසඳන මැතිවරණයක් බව කිව යුතුයි. මේ රටේ බහුතරයක් වන කාන්තාවන්ට කොන්ද කෙළින් තබාගෙන කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ නිසා මේ අවස්ථාවේ අපි අපේ යුතුකම ඉටු කිරීමට නිර්පාක්ෂික අපේක්ෂකයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා එකතු විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පරිපාලන ලේකම් කුමාරි පතිරගේ
එදා මේ රටේ ජනතාව පෝලිම්වල හිටියා. මව්වරුන්ගේ හදවතේ ගිනි දැල්වෙද්දි ඒ ගිනි නිවන්න අපට නායකයෙක් සිටියේ නැහැ. එවැනි පසුබිමක මේ රටේ පීතෘත්වය තම දෙවුර මතට ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා අපට සුරක්ෂිත රටක් නිර්මාණය කර දුන්නා. අපේ දරුවන් යළි පාසලට යැවිය හැකි පසුබිම සකසා දුන්නා. ඒ වගේම අපේ දරුවන් බඩගින්නෙන් බේරා ගත්තා.
රටම බංකොලොත් වෙලා, ආර්ථික බරින් හෙම්බත් වෙලා සිටිය අපට අලුත් රටක් හදලා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අපට තවත් අලුත් නායකයන් අවශ්‍ය නැහැ. අද පුරසාරම් දොඩවන අය එදා රටේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා හැංගුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබෙන එකම වගකීම මේ රට ගොඩනැගීම පමණයි. එතුමා තමන්ගේ සියලු දේපළත් මේ රටට පරිත්‍යාග කළ නායකයෙක්. අද මේ එකතු වෙලා සිටින කාන්තාවන්ට අවශ්‍ය රජවරුන් නොවෙයි. අලුත් වෙස් මුහුණු ගෙනැත් ජනතාවට යළිත් දුක විකුණන්න ඉඩ දෙන්න බැහැ. අපි යළිත් රැවටෙන්නේ නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේදී නියත ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඒ නිසා අප ඒ වෙනුවෙන් පෙළ ගැසෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන
මේ රටේ සතර දෙසින් අද පැමිණ සිටින්නේ කාන්තා ශක්තියෙන් මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා පත් කිරීමටයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර ඊට සුදුස්සෙකු මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් ව නැහැ. මේ රටේ ආර්ථිකය කඩා වැටී, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්වත් සපුරන්න රජයක් ලෙස අපොහොසත්ව තිබියදී අපට පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට සිදු වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, මා ඔබ වෙනුවෙන් පළමුවෙන් ඡන්දයක් ලබා දුන්නේ එදිනයි. අද මම ඒ ලබා දුන් ඡන්දය ගැන සතුටු වෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මා එදා ලබා දුන් ඡන්දයට වටිනාකමක් ලැබී ඇති බවට වන හැඟීම අද මා තුළ තිබෙනවා.
මේ රට බරපතළ අර්බුදයට පත්ව තිබූ මොහොතේදී රට යළි ගොඩ නඟන වගකීම බාර ගන්න කියලා මුලින්ම ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන්. ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඊළඟට අනුර දිසානායක ගෙන් ඉල්ලා සිටියා. නමුත් එදා මේ රටේ ආර්ථික තත්ත්වය දැක ඔවුන් වගකීම බාර ගැනීමට බය වුණා. ඔවුන් ඒ අවස්ථාවේ තෝරා ගත්තේ මේ රටේ අනාගතය නොවෙයි. තමන්ගේ දේශපාලන අනාගතයයි.
නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගැන පමණක්ම සිතා කිසිවෙකු බාර ගැනීම ප්‍රතික්ෂේප කළ රට ගොඩ නඟන අභියෝගය බාර ගත්තා. එතුමා පිළිබඳ අප තැබූ විශ්වාස කළ අයුරින්ම රැක තිබෙනවා. එතුමාගේ වචනයෙන් කියනවා නම් අද මේ රට වැල් පාළමෙන් එගොඩ කළ හැකි එකම නායකයා එතුමා පමණක්ම බව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. ජාති, ආගම්. පක්ෂ, පාට බේදයෙන් තොරව එතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කාන්තා අප රොද බැඳ සිටින්නේ එම විශ්වාසය මත බව මේ රැස්ව සිටින මේ රටේ කාන්තා නියෝජනය වෙනුවෙන් මා ප්‍රකාශ කර සිටිනවා.
කඳුරට තරුණ කාන්තා පෙරමුණේ සාමාජිකා කණිෂ්කා මයිකල්
කඳුකරයේ තරුණියන් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගෙන අවසන්. අභියෝගවලට බිය වී පලාගිය නායකයන් අපට අවශ්‍ය නැහැ. එවැනි අය නායකයන් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ ජනතාව ජීවත් කළ නායකයෙක් බව කිව යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවේචනය කරන අය දේශපාලනඥයන් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වී අපේ රට ගොඩනැඟුවා. රටේ දුප්පත්කම නැති කිරීමට අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ඉදිරිපත් කළා.
එතුමා ජනතාව විඳි වේදනාව තුරන් කිරීමට පියවර ගත්තා. රට ස්ථාවර කර තරුණ තරුණියන්ගේ අනාගතය ආරක්ෂා කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කඳුකරයේ කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා උදාකර දී ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා කර දුන් නායකයෙක්. එනිසා අපේ සහාය එතුමාට හිමි වෙනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්ත්‍රි මන්ත්‍රීවරියන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු ජනතා නියෝජිතවරියන් අතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හරීන් ඇමති ධූරයන්ගෙන් සමු ගනී
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධූරයන්ගෙන් ඉවත්වන බව සංචාරක අමාත්‍යාංශයේදී අද (09) පැවති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.
සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයන්ගේ සියලු නිලධාරීන් එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර ඔවුන් ඉදිරියේ අමාත්‍යවරයා මේ බව දන්වා සිටියේය.
අභියෝග බාරගැනීම තම ජීවිතයේ අලුත් දෙයක් නොවන බවත්, රටට අවශ්‍ය මොහොතේදී අභියෝග බාර ගැනීම තමන් විසින් සිදුකල බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
රටට අවශ්‍යයම මොහොතේ දී තමන් සමඟ සිටිමින් රට වෙනුවෙන් විශේෂ සේවයක් සිදුකොට අමාරු අවස්තාවෙන් රට ගොඩ ගැනීම සඳහා සියලුදෙනා සහය දුන් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ සියළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පළ කළ අතර තව දුරටත් රට වෙනුවෙන් සිය සේවය ලබාදෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

නාමල් දාලා හිනස්සනවා !
පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර රට හිනස්සවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පැවසිය.
සුනිල් හදුන්නෙන්ති ඒ බව සඳහන් කර සිටියේ ජාතික ජන ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන බැංකු මූල්‍ය සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමිනි .
මෙම වැඩසටහන ජාතික ජනබල වේගය රජයක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත මූල්‍යමය කළමනාකරණ කටයුතු පිළිබඳව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රවල නියැලී සිටින නිලධාරී දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
මෙහිදි අදහස් දැක් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ අද හොරු සෙට් එක දෙකට බෙදිලා එදා ඉදන් කරපු හොරකම් මැරකම් ඔක්කොම වමාරනවා හෙට අනිද්දා සහරාන්ට බෝම්බ ගහන්න කිව්වේ කවුද බෝම්බ හදලා දුන්නේ කවුද කියන එක වමාරයි සෙට් එකම, යනුවෙනි .

ගාසා හි ළමා අරමුදලට” තවත් ඇමරිකානු ඩොලර් 590000ක්
ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.
ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවක් අනුව 2024 මාර්තු මස 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගාසා තීරයෙහි පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
අමාත්‍යාංශ සහ රජයේ ආයතන පසුගිය ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල පළමු අදියර යටතේ 2024-04-01 දින පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
එසේම ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාව විශාල වශයෙන් එම අරමුදල සමඟ අත්වැල් බැඳගනු ලැබීය.
ඒ අනුව 2024 ජූලි 31 දින දක්වා අරමුදල වෙත ලැබුණු ඇමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනුදහසක (590,000/) මුදල ද මෙලෙස ඊයේ දින පලස්තීන රජය වෙත භාර දීම සිදු විය.
අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි 31 දිනෙන් අවසන් කෙරුණු අතර ඒ සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමයි.
වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසුරිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 46 of 464