සලෝචන ගමගේ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

සලෝචන ගමගේ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

පොහොට්ටුවේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ පොල්පාගොඩ ගමගේ සලෝචන වින්ස්ටන් ඇතුළු තවත් පුද්ගලයෙක් අල්ලස් කොමිසම මඟින් ඊයේ (27) පස්වරු වේ අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම සදහන් කරන්නේ චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත් අනෙක් පුද්ගලයා අත්තනායක මුදියන්සේලාගේ දුෂාන්ත දිනේෂ් රත්නායක නැමැති ඉඩම් ව්‍යාපාරිකයෙකි.

කුරුදුවත්ත පොලිස් වසමේ ටොරින්ටන් මාවතෙහි පිහිටා ඇති පුද්ගලික ඉඩමක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරාදි එම ඉඩමේ වටිනාකමට හිමි මුදල (කෝටි දහයකට ආසන්න මුදලක්)මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා ගැනිම සදහා පැමිණිලිකාර පාර්ශවය වෙත සැකකරුවන් දෙදෙනා සහයෝගය ලබා දී තිබෙයි

ඊට අදාළව මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පැමිණිලිකාර පාර්ශවය වෙත ලබා දුන් කොටස් මුදලින් කෝටියකට ආසන්න මුදලක් පැමිණිලිකාර පාර්ශවයෙන් ලබා ගැනිමට යාමේදි පිටකොට්ටේ ප්‍රදේශයේ ඇති අවන්හලක් තුලදි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ උ.පො ප ජයවීර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් රදවා තබා ගැනිම සදහා නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අල්ලස ලබා ගත් බව කියන පොල්පාගොඩ ගමගේ සලෝචන වින්සන්ට් නම් මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොල්පාගොඩ ගමගේ තිලිණ සජෝත වින්සන්ට්  හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න