වාර්තාවක් තබමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවට සමුදෙයි

වාර්තාවක් තබමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවට සමුදෙයි

 

ශ්‍රී ලංකා යුද හමුදාවේ වැඩිම කාලයක් සක්‍රීය සේවයේ යෙදුන හමුදා නිලධාරියා ලෙස හිටපු යුද හමුදාපති, 08වැනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  2025 ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවට සමු දෙයි.

1984 මාර්තු 5 වන දින යුද හමුදාවේ නිත්‍ය බඳවා ගැනීම් 19 යටතේ හමුදා පුහුණුවට එක්ව, සිය පුහුණුවීම් වලින් අනතුරුව 1985 වසරේ නොවැම්බර් මස 16 වැනිදා ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව හමුදා සේවයට එක්වූ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවෙන් විශ්‍රාම යන්නේ වසර 41ක සේවා කාලයක් අවසන් කරමිනි.

යුද ගැටුම් පැවති අවසන් සමයේදී 58 වැනි සේනාංකයේ සේනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ශවේන්ද්‍ර සිල්වාය. සිව් වැනි ඊලාම් යුද්ධයේදී වැඩිම දුරක් ගමන් කළ සේනාංකය වූයේ 58 වැනි සේනාංකයයි.

තම දිවි නොතකා සගයන්ගේ දිවි බේරා ගැනීම වෙනුවෙන් පිරි නැමෙන වීර විකුම වීභුෂණ, රණ වික්‍රම,
රණසූර පදක්කම් තුනම මුලින් දිනා ගත් නිලධාරියා ඔහුය. එකල ඔහු කනිටු ලුතිනන් වරයකි. මේ වන විට ඔහුට පදක්කම් 20ක් හිමිව තිබේ.

එයාර් බොබයිල් බ්‍රිගේඩියට අණ දීමෙන් පසු කොමාන්ඩෝ බළසේනාවට අණ දුන් එකම බළසේනාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතාය. යුද හමුදා ඉතිහාසයේ ලාබාලතම තරු දෙකේ ජෙනරාල්වරයා වූයේ ශවේන්ද්‍ර සිල්වාය. යුද හමුදා ඉතිහාසයේ වැඩිම කාලයක් මේජර් ජනරාල් නිලය දැරූ නිලධාරියා වන්නේද ශවේන්ද්‍ර සිල්වාය.

සේනාධිනායක එනම් ජනාධිපතිවරු හතර දෙනෙක් යටතේ සිටි යුද හමුදාවේ සේවය කළ එකම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ලෙසින් ද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාව සැලකේ. එසේම ජනාධිපතිවරු සහ අගමැතිවරු සිව් දෙනෙක් යටතේ සේවය කිරීමට ඔහුට හැකිවිය.

යුද්ධය අවසන්වීමෙන් පසුව 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත සහ තානාපතිධූරයට පත් කළ අතර ඔහු වසර 4ක් එම ධුරයේ කටයුතු කළේ සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටියදී තානාපතිවරයෙක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ද හිමිකරගනිමිනි.

කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානියා ලෙස ද ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න