ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, දේශපාලන විචාරයෙකු මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම  අද (02) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

1928 ජූනි 08 වැනිදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

කාලයක පටන් අසනීප තත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවය වාර්තා වේ.

සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම සංවිධායක ලෙසද කලක් කටයුතු කළ අතර 2010-15 කාලයේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ද දැරීය.

හිටපු විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ද වූ සූරියප්පෙරුම ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන ඔස්සේ ‘හසන්ත සමග’ සිදු කළ සංවාද කාලයක් ජනප්‍රිය විය.

ප්‍රකට දේශපාලන විචාරකයකු, දේශපාලනඥයකු, අර්ථ ශාස්ත්‍රඥයකු සහ හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම දිගු කලක් පුවත්පත්, ගුවන්වි­දුලි හා රූප­වා­හිනී මාධ්‍ය­යන්හි දේශ­පා­ලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවා­ද­ව­ලට සහ­භාගී වෙමින් ශ්‍රී ලාංකේය සමා­ජය දැනු­මෙන් පෝෂ­ණය කිරී­මට මහත් වෙහෙ­සක් දැරු­වේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න