ලෝක උරුම ගාලු කොටු පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ හෙට(28) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙනි මෙසේ තාවකාලිකව වසා දැමීමට සිදු වී ඇත.
එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ ඇල්ගී විශේෂයක් වර්ධනය වීම නිසා රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බව දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළා ය.
ඇය දැනුම් දෙන්නේ, හෙට(28) සිට 31 වැනි දා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු කරන ලෙසයි.
සති අන්තයේ සහ වසර අවසානයේ දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ගාලු කොටුවේ සංචාරය කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
