පුවත්

බස්නාහිර කොරෝනා ආසාදිතයින්ට දැනුම් දීමක්
බස්නාහිර පළත තුළ කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හා නිවෙස් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අද සිට නව ක්‍රමවේදයක් නිකුත් කර තිබේ .
නව දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ඒ අනුව රෝග තත්ත්වය දැනුම් දිය හැකි ය.
එම දුරකතන අංකය (1904)
ඒ පිළිබද නිවේදනය පහත සදහන් වේ.

වරකට එළියට යන්නේ එක්කෙනෙයි : අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න !
එළඹෙන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එහෙත් රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිට එය අදාළ නොවේ.
සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබේ. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.
කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමේ.
ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.
පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.
හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ ආයතන පවත්වාගෙන යාමේදී සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානින් පියවර ගත යුතුය. එමෙන්ම රාජ්‍ය ආයතන සහ පුද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමේදී සේවය සඳහා ආදාළ පළාත තුල පදිංචි සේවකයින් කැඳවීමට මුලික ලෙස පියවර ගත යුතුවන අතර යම් හෙයකින් ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත පමණක් සේවකයින් කැඳවීමට හැකිය. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා පමණක් විවෘත කිරීමට අවසර හිමිවන අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යය.
කිසිදු සම්මන්ත්‍රණ, රැස්වීම් හෝ සන්නාම ප්‍රවර්ධන සිදුකිරීම් සපුරා තහනම් වේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

සෞඛ්‍ය සහ ආර්ථිකය රැකගන්න : එජාපයෙන් ප්‍රතිපත්ති 21 ක් !
සෞඛ්‍ය සහ ආර්ථිකය සුරක්ෂිත වු රටක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබේ.
රටේ ජනතාව මුහුණදෙමින් සිටින බරපතළ ඛේදවාචකයට අදාළව ප්‍රතිපත්ති 21ක් එලෙස ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය විසින් සෞඛ්‍ය සහ ආර්ථික සුරක්ෂිත වු රටක් වෙනුවෙන් එළිදක්වා ඇති ප්‍රතිපත්තිමය කරුණු 21 පහතින් දැක්වේ.
-
කෝවිඩ් වසංගතයට මුහුණදීම උදෙසා හමුදාව සහ ඉදිකිරීම් සමාගම්වල උපරීම සහයෝගය ඇතිව තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉදිකිරීම. රෝගීන් සඳහා නව ඇඳන් සම්පාදනය ද මෙයට ඇතුළත් ය.
-
ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙන උපකරණ (ventilators) ලබාගැනීම වෙනුවෙන් මෙන්ම අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය පවත්වා ගැනීම වෙනුවෙන් රජය වහාම ජාත්‍යන්තර සහාය ලබාගත යුතු ය. මේවා රටට ඉක්මණින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිතා කළ යුතු ය.
-
රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහායවීම සඳහා විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයින්ගේ මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය අංශ වෘත්තිකයන්ගේ සේවය ද ලබාගත යුතු ය. හැකි අයුරින් අනෙකුත් විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ගේ ද සහාය ලබාගැනීම කාලෝචිත ය.
-
එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු අතර, COVID-19 ආශ්‍රිත කටයුතු වෙනුවෙන් දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවා, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම නිර්දේශිත වේ.
-
දෙමාපියන්ගේ අනුමැතියට යටත්ව කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන වයස අවුරුදු 12 සිට ඉහළ දරුවන් ද ඇතුළත් වන ලෙස පුළුල් කළ යුතු ය.
-
එන්නත්කරණ වැඩසටහන වේගවත් කළ යුතු අතර, එන්නත් වැඩසටහන සඳහා ප්‍රායෝගික කාල රාමුවක් වෛද්‍ය බලධාරීන් විසින් ස්ථාපිත කළ යුතු ය.
-
මහජනතාව සඳහා සිදුකෙරෙන PCR පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු ය.
-
සෞඛ්‍ය සේවයේ සියලුම සාමාජිකයින් නිතිපතා PCR පරීක්‍ෂණයන්ට භාජනය කළ යුතු අතර, පෞද්ගලික පරිහරණය සඳහා සෞඛ්‍ය ආරක්‍ෂක උපකරණ ඔවුන් වෙත ලබාදිය යුතුය.
-
කෝවිඩ් -19 ආසාදිතයින් සහ මරණ පිළිබඳ නිවැරදි දත්ත ඇතුලත් සංඛ්‍යාලේඛන පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු යි.
-
කෝවිඩ් මර්දන කාර්යසාධක බලකාය සඳහා නීතියේ කිසිදු විධිවිධානයක් නොමැත. එම බලතල ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට, ආපදා කළමනාකරණ සභාවට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ය. එම නිසා මෙම කාර්යසාධක බලකාය වහාම අහෝසි කළ යුතු අතර, කැබිනට් මණ්ඩලය මෙහි වගකීම භාරගත යුතු වේ. ඒ අනුව අදාළ ඇමතිවරුන්, විපක්ෂ නායක ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ සභාව ඉක්මණින් කැඳවිය යුතු ය. කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන් හරහා ය.
-
ඊට අමතරව කැබිනට් මණ්ඩලයට සහාය වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පුද්ගලයින්ගෙන් සමන්විත විශේෂ උපදේශක කණ්ඩායමක් පිහිටුවිය යුතු ය.
-
කෝවිඩ් -19 සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව සතිපතා රැස්විය යුතු ය.
-
කෝවිඩ් -19 හා ඊට සම්බන්ධ සියලූම කටයුතුවල මූලික කාර්යභාරය වෛද්‍ය බලධාරීන් වෙත පැවරිය යුතු අතර, ඊට සහාය දෙන කණ්ඩායම් වශයෙන් හමුදාව සහ අනෙකුත් අවශ්‍ය ආයතන පවත්වා ගෙන යා යුතු ය. සෞඛ්‍ය සේවා පනතට අනුකූලව සියලූම කෝවිඩ් -19 මර්ධන කාර්යයන් සෞඛ්‍ය විශේෂඥයින්ගේ සෘජු පාලනය සහ අධීක්ෂණය යටතේ තිබිය යුතු ය.
-
විපක්ෂය විසින් ඉදිරිපත් කොට තිබෙන "මහජන සෞඛ්‍ය හදිසි පනත් කෙටුම්පත", පාර්ලිමේන්තුව විසින් කෙටුම්පතක් ලෙස සකස් කොට වහාම බලාත්මක කළ යුතු ය. රජය විසින් ඉදිරිපත් කර තිබෙන "කොරෝනා වෛරසය - 2019 (COVID-19) (තාවකාලික විධිවිධාන)" යන අර්ධ සහන සපයන පනත ද සම්මත කළ යුතු ය.
-
කෝවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම වෙනුවෙන් සිය සාමාජික රටවලට ඉල්ලීම් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විශේෂ අයිතියක් ලබාදී ඇත. මෙමගින් සෞඛ්‍ය අංශ වෙත අතිරේක මූල්‍ය සම්පත් සපයනු ලබයි. ඒ අනුව, මෙම අරමුදල විසින් මෙරට සෞඛ්‍ය අංශය සඳහා ඩොලර් මිලියන 800 ක අතිරේක මූල්‍ය ප්‍රදානයක් වෙන් කළ අතර, එය එන්නත් මිලදී ගැනීම ඇතුළුව කෝවිඩ් වියදම් සඳහා වැය කළ යුතු ය.
-
කෝවිඩ් -19 වසංගත තත්ත්වය සහ විදේශ විනිමය සංචිත නොමැතිකම හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. හදිසි ආර්ථික සහන වැඩසටහන් සඳහා ද ඉඩකඩක් නොමැත. එබැවින්, රජය වහාම අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ යුතු ය.
-
පුරවැසියන්ගේ සංචරණය අඩු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු ය.
-
පොදු ප්‍රවාහන සේවයත් එහි ධාරිතාවයෙන් අඩකට සීමා කළ යුතු අතර, මහජනතාව අත්‍යවශ්‍ය ගමන් වෙනුවෙන් පමණක් සීමා කළ යුතු ය.
-
එන්නත් නොකළ සියලුම සංචාරකයින් සඳහා රටේ දේශසීමා වහාම වසා දැමිය යුතුය.
-
ආපදා කළමනාකරණ සභාව සහ අධ්‍යාපන ආයතන එක්ව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලැස්මක් සකස් කළ යුතු ය. එමගින් නැවත සුරක්ෂිතව පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට හෝ රටේ සියලුම දරුවන්ට සමානව අධ්‍යාපනය හිමිවීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කළ යුතු ය.
-
සියලු COVID-19 වියදම් අධීක්ෂණය කිරීම සඳහා වෙනම වැය ශීර්ෂයක් ස්ථාපිත කළ යුතු ය . මෙය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකියනු ඇත.

ජාතික රෝහලේ : වෛද්‍ය 27ක්, හෙද 105ක් සහ සුලු සේවක 133කට කොරෝනා !
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සේවකයන් 265කට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව අද (18) පෙරවරුවේ නිකුත් කළ වාර්තාවන්ට අනුව තහවුරු වී ඇති බව මව්රට වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව වෛද්‍යවරුන් 27ක්, හෙදහෙදියන් 105ක් සහ සුලු සේවකයන් 133ක් රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇත.
මීට අමරතව රෝගීන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දැනගන්නට තිබෙන බවත් එහි සඳහන් කර ඇත.
හෝමාගම වෛද්‍ය 07 යි හෙද 24 යි !
තවද දෙරණ වෙබ් අඩවිය හෝමාගම රෝහලේ තත්ත්වය වාර්තා කර ඇති අතර ඒ පුවත අනුව හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි.
ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද වන බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කර ඇත.
එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පවසා ඇති අතර ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෛත්‍රී සියලු පක්ෂ නායක රැස්වීමක් ඉල්ලයි !
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා සාකච්ඡාවක් කැඳවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළේ ය.
කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන එන්නත්කරණය සහ සංචරණ සීමා යෙදීම මෙන්ම සෑම දෙනාටම සවන් දීම, නම්‍යශීලි වීම වැදගත් බව ද හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ ය.
වසංගතය පාලනයේදී ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ කච්ඡාවක් කැඳවීම වැදගත් බවයි.

සිකුරාදා තෙක් කල් දෙයි : නැත්නම් රජයේ වැඩේ වෘත්තීය සමිති කරයි !
රජය විසින් රට ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දින 14ක ලොක් ඩවුන් කිරීමේ වැඩ වර්ජනයකට වෘත්තීය සමිති සූදානම් වන බව වාර්තා වෙයි.
ඊයේ (17) සවස පුංචි බොරැල්ල රජයේ හෙද නිළධාරීන්ගෙන් සංගම් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව එම තීන්දුව ප්‍රකාශයට පත්කෙරින.
එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුයේ, බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර ඇති බවයි.
"ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේධය" නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව ඔහු එහිදී සඳහන් කළේය.
සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව අවදාරණය කර සිටි වෘත්තීය සමිති නියෝජිතයින්, විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් යටතේ කලයුතු වැඩ පිළිවලක් සදහාද බල කෙරිණ.
ඊට අදාළ යෝජනා මෙසේය.
1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
3.ආසාදිතයින් වෙන් කරන්න.
සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම්.කරන්න
7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
9. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න

තවත් මරණ 171ක් !
කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (16) දින තහවුරු කර ඇති අතර ඊට අදාළ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇත.
මෙම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,434ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
ඒ අතර කාන්තාවන් 69 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 102 දෙනෙකුද සිටින අතර වයස අවුරුදු 30 ට අඩු පිරිමි දෙදෙකුද මරණ අතර වෙයි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 134 දෙනෙකු සිටියි.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
ලංකාවේ අවධානම - විදෙස්ගත උගතුන් පෙන්වයි !
මේ අතර පසුගිය සතියක් තුළ කොරෝනා ආසාදනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ගෝලීය තත්වය මෙන් පස් ගුණයකටත් අධික බව දත්ත සහිතව පෙන්වා දී තිබේ.
කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ විසින් මෙරටින් නිකුත් කරන නිල දත්ත උපයෝගී කරගෙන සකස් කර තිබෙන වගුවකින් මෙරට තුළ පවතින බියකරු තත්වය හෙළිකර ඇත.
පසුගිය සතියේ මෙරට ජනගහනයෙන් මිලියනයකට 43 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙවෙනි ස්ථානයට පත්ව තිබෙන තායිලන්තයේ ජනගහනයෙන් මිලියනයකට මිය ගොස් ඇත්තේ 18 දෙනෙකි.

නව මුදල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න !
පසුගිය ජූලි 09 වෙනි දින ආණ්ඩුව ඉදිරිපත් කරන ලද මුදල් පනතේ 17 වෙනි වගන්තිය මුලුමනින්ම සහ තවත් වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී තිබේ.
කතානායකවරයා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස ජූලි 08 වෙනි දින පත්කරන ලද අතර “මුදල්” යනුවෙන් පමණක් සඳහන් කරමින් නව වෙනි දින මෙම සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබිණි.
එයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගත හොත් කලු සල්ලි සුදු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ලංකාව පත්වන බව මූල්‍ය විශේෂඥයින් විසින් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මෙම කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් මූලික පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාග කර පනතේ වගන්ති අංක 4(1), 5(1), 5(2), 5(3), 5(4), 5(5), 6(1), 7(1), 12(B), 13(1), 14, 20 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ 17 වෙනි වගන්තිය මුලුමනින්ම පටහැනි බව දක්වා තිබේ.
(lanka truth )

ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන්න : ඇමති දැනුම්දෙයි !
ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙසට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන්කර ඇත.
ඒ සිය ට්විටර් පණිවුඩයක් තබමින්ය.
අදාළ ට්වීටර් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.
‘තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.’
අමාත්‍යවරයා මේ කියන්නේ, මතුව ඇති ගෑස් , කිරිපිටි පෝළිමට ඉන්ධන පෝලිමකත් එකතුවක් විය හැකිය. එසේ නොවනවා කියා පතනවා හැර වෙන කරන්න දෙයක් ඉතිරිව නැත.

කේසර් වීදියත් : දින 10 කට වහයි !
ආණ්ඩුව රට වැසීමට තීන්දු නොකළත්, කොවිඩ් දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් විවිධ නගර කිහිපයක කඩ සාප්පු එම නගරවල වෙළෙඳ සංගම් තීරණ අනුව වසා දැමීමට තීන්දු කිරීම මේ වන විට විශේෂයෙන් කැපීපෙනෙන සිදුවීමක් බවට පත්ව ඇත.
මෙලෙස කඩ සාප්පු වසා දමා ඇති නගර වන්නේ තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, ගම්පහ සහ මාතලේ යටලවත්ත හැඳින්විය හැකි අතර මේ වන විට කොළඹ පිටකොටුවේ ප්‍රධාන වෙළඳ මාවත්ද වැසීමට වෙළඳ සංගම් සිය නැණ පමණින් තීන්දු කර ඇත.
ඒ අනුව වාර්තා වන්නේ, කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු අද (17) සිට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන ඇති බවය.
කේසර් වීදියේ වෙළෙදසැල් හිමියන් පැවසුවේ දින 10කට සිය වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි.
රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණී හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා යළිත් රිමාන්ඩ්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ, සැකකරුවන් අද(17) කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වසන්ත මුදිලිගේ ඇතුළු පිරිස පසුගියදා අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා යටතේය.

ඩෙල්ටාවේ විකෘතීන් 03ක් මෙරටින් හඳුනාගනී
මේ වනවිට ප්‍රධාන වශයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනාගෙන ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
පාර්ලිමේන්තුවේ දී අද (17) කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ‘ SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතීන් තුන හඳුනා ගෙන ඇති බවත්, පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා පැතිරයාමේ වේගය 60% ත් 70% ත් මට්ටමක පවතින, ඉහළ රෝග ලක්ෂණ ප්‍රමාණයක් මතු කරන, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන ප්‍රභේදයක් බවත් පැවසීය.

ගුරු – විදුහල්පති සංගම් හා අනු කමිටුවේ හමුව අවලංගු කෙරේ
ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට අද(17) පැමිණෙන ලෙස කර තිබූ කැදවීම අවලංගු වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.
එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, අද(17) පැමිණ සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් මීට පෙර දැනුම් දී තිබූ බවය.
කෙසේ වෙතත් අද නොපැමිණෙන ලෙසත්, කමිටුව හමුවට පැමිණීමට හෙට(18 ) දිනයේ අවස්ථාව ලබා දෙන බවත් ඊයේ(16) පස්වරුවේ අමාත්‍ය අනුකමිටුව දැනුම් දුන් බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා පසුගිය 09 වැනිදා අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත් කෙරිණි .
එහි සමාජිකයින් වන්නේ බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ය.
මේ අතර, ගුරු – විදුහල්පති විරෝධතාවයට සමගාමීව අද(17) සයිබර් විරෝධතාවක් ආරම්භ කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය .

නව ජනමාධ්‍ය ඇමති ලෙස ඩලස් වැඩ භාර ගනී
නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද(16) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවය.
අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ප්‍රමුඛ මුල් පෙළේ නිලධාරීන් සමග කෙටි අදහස් හුවමාරුවක නිරත වී තිබේ.
එහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් වත්මන් ආයතනවල තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විමසා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මීට පෙර ඩලස් අලහප්පෙරුම විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම විසින් අද(16) දින ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිණි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස තල්දූව පත් කෙරේ
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද හොඹවනු ලබයි.
නිහාල් තල්දූව මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කළේ ය.
මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසිනි.

රට වැසිය යුතු බව ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා - වෛද්‍ය පද්මා ගුණරත්න
‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බව කී විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න ෆේස්බුක් ඔස්සේ ද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බව ද සඳහන් කළාය.
කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න එසේ පැවසුවාය.
ලංකාදීප

ඇමති ධුර කිහිපයක් සංශෝධනය වෙයි
කැබිනට් අමාත්‍යවරු හත් දෙනකු නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.
ඒ අනුව,
01- ජී.එල්. පීරිස් මහතා- විදේශ අමාත්‍ය
02-දිනේෂ් ගුණවර්ධන මහතා- අධ්‍යාපන අමාත්‍ය
03-පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය- ප්‍රවාහන අමාත්‍ය
04-කෙහෙළිය රඹුක්වැල්ල මහතා- සෞඛ්‍ය අමාත්‍ය
05-ගාමිණි ලොකුගේ මහතා- විදුලිබල අමාත්‍ය
06-ඩලස් අලහප්පෙරුම මහතා-ජනමාධ්‍ය අමාත්‍ය
07-නාමල් රාජපක්ෂ මහතා- තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය යන අයුරින් දිවුරුම් දුන්හ.

මරණ 161 ක් : සංචරණ සීමා මෙහෙම නම් දෛනික ආසාදිතයන් 6000 පනියි !
කොරෝනා මරණ 161ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් නිවේදනය කර ඇත.
මෙම මරණ 161 අද (15) නිවේදනය කර ඇත්තේ, ඊයේ (14) දිනට අදාළව වන අතර එකී තහවුරු කිරීමත් සමග සමස්ත මරණ 6000 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 6096 දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 83 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 78 දෙනා කාන්තාවන් ය.
මෙම මියගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවක්ද සිටියි.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 38 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 122 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
සංචරණ සීමා මෙහෙම නම් දෛනික ආසාදිතයන් 6000ක් වෙයි !
මේ අතර news 1st වාර්තාවක දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මක මට්ටමේ සංචරණ ක්‍රියා පැවැතිය හොත් ලබන මාසය වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 ඉක්මවිය හැකි බව ස්වාධීන සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් පුරෝකථනය කර ඇති බවයි.
ඔවුන්ට අනුව ඔක්තෝබර් මුල වන විට දෛනිකව වාර්තාවිය හැකි මරණ සංඛ්‍යාව 220 ක් පමණ වනු ඇති.
මේ සම්බන්ධ වැඩිදුර වාර්තාව පහත දැක්වෙයි.
ලබන වසරේ ජනවාරි වන විට කොරෝනා හේතුවෙන් වාර්තාවන මරණ සඛ්‍යාව තිස් දහසක් පමණ විය හැකි බව ද එම විශේෂඥවරු පෙන්වා දෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කැඳවන ලද එම විශේෂඥ කමිටු සාකච්ඡාව සඳහා ජාතික මට්ටමේ විශේෂඥයින් 16 දෙනෙකු සහභාගිවී ඇත.
ඒ අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහජන සෞඛ්‍ය විශේෂඥ වින්යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මින් අයත් වෙති.
ඊට අමතරව මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය නිලිකා මලවිගේ, මහාචාර්ය කාමනි මෙණ්ඩිස් මහාචාර්ය මනූජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරු ද එම සාකච්ඡාවට එක්ව සිට තිබේ.
දැනට පවතින තත්ත්වය අනුව මෙරට වර්ධනය වන කොවිඩ් 19 තත්ත්වය පවතින්නේ, මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ආසන්න වෙමිනි.
සියලු රෝහල්වල ඇඳන් ධාරිතාව 85 % ඉක්වා ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව 90 % ඉක්මවා තිබේ.
බොහෝ ප්‍රදේශවල PCR පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය පවතින්නේ, 20% ඉක්මවමිනි.
ජුලි 31 වැනිදා වන විට පරීක්ෂණයට ලක්කරන ලද සාම්පලවලින් 60 %ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව පරීක්ෂණවලින් සනාථ වී තිබේ.
විශේෂඥයින්ට අනුව මරණ හා දැඩි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකත් තුනත් අතර කාලයක් ගතවනු ඇති.
අගෝස්තු 9 වැනිදා වන විට මෙරට ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 15 %ට අඩු පිරිසකි.
පවතින වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම ස්වාධීන විශේෂඥයින් කණ්ඩායම නිර්දේශ 6 ක් ඉදිරිපත් කර තිබේ.
මෙහි පළමුවැන්න වන්නේ, අත්‍යවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික්ක අතර ද ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.
එම සංචරණ සීම, කාර්යක්ෂමව ක්‍රියාත්මකට කෙටි කාලසීමාවක් උදෙසා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ද විශේෂඥවරුන් නිර්දේශ කර තිබේ.
ඔවුන්ගේ දෙවන නිර්දේශය වන්නේ සති තුනක කාලයක් සඳහා සියලුම මහජන උත්සව සීමා කිරිම හෝ අවලංගු කිරීමයි.
අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඩපණවීමකින් තොරව රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සැපයීම තවත් නිර්දේශයකි.
කාර්යක්ෂම සංනිවේදන සැලැස්මක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ද එම නිර්දේශ අතරට අයත් වේ.
භුමියේ සැබෑ තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මරණ පිළිබඳ හා ආසාදිතයින් පිළිබඳව නිවැරදිව වාර්තා කිරිමත් නිර්දේශවලට අයත් ය.
වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීම හා ඔවුන්ට ෆයිසර්, මොඩානා හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීම සුදුසු බවට ස්වාධීන විශේෂඥයින්ගේ නිර්දේශයයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, දෙවන මාත්‍රාව ලබාදෙන තෙක් යම් පමණකට හෝ ආරක්ෂාවක් එම එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමෙන් ලබාගත හැකි බවයි.
Page 439 of 464