දයානුකම්පිත අධිකරණ තීන්දු හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ අමෙරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි.
ඔහු සිනහවකින් යුක්තිය පසිඳලන වීඩියෝ සමාජ මාධ්‍යවල බිලියනයකට වඩා නරඹා තිබීමත් සමඟ ඔහු “ලෝකයේ හොඳම විනිසුරු” ලෙස ආදරයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මිලියන 3.2 ක අනුගාමිකයින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සිටියි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. දීර්ඝ කාලීනව අග්න්‍යාශ පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ෆ්‍රෑන්ක් කැප්‍රියෝ යනු අමෙරිකානු නීතිඥයෙක් සහ විශ්‍රාමික මහ නගර අධිකරණ විනිසුරුවරයෙකි.
ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වුණේ, “Caught in Providence” නමැති රූපවාහිනී වැඩසටහන හේතුවෙනි.
මෙම වැඩසටහනින් ඔහු අධිකරණයේදී විවිධ පුද්ගලයන් සමඟ කතා කරන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
