අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළේය.
ගාලුමුවදොර ජන අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ඔහු මිරිහාන නිවසේදී අත්අඩංගුවට ගැනුණේ, ඊයේ (20) පස්වරුවේයී.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසිනි.
දේශබන්දු තෙන්නකෝන් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ ද, එය ප්‍රතික්ෂේප විය.