මණ්ඩලේ හොඳටම කචල් : ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක් රොෂාන් කියයි !

මණ්ඩලේ හොඳටම කචල් : ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක් රොෂාන් කියයි !

ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ආණ්ඩුව ඇතුලේදී එක කතාවක් කියන මෙම පිරිස එළියට විත් වෙනම කතාවක් කියන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ආණ්ඩුවට මෙම කුමන්ත්‍රණ කරුවන් සමග ඉදිරියට යා නොහැකි බවද පවසන ඔහු කුමන්ත්‍රණකරුවන් මෙම කුමන්ත්‍රණ නවතා දමන්නේ නැත්නම් කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් කියා සිටියි.

කුමන්ත්‍රණ න්‍යාය වෙනස් වෙයි !

මෙතෙක් කළක් පොදුජන පෙරමුණ සහ ඊට ඇතුළත් පක්ෂ සංවිධාන කියමින් සිටියේ රට බෙදන, ජාතික සම්පත් විදෙස් බලවේග වෙත විකුණන කුමන්ත්‍රණ ගැනය.

දැන් ඒ කතා වෙනස්ව ඇති අතර දැන් ඔවුන් ආණ්ඩුව අභ්‍යන්තරයේ කුමන්ත්‍රණ ගැන කියමින් එකිනෙකාට චෝදනා කරමින් සිටියි.

ඒ අනුව ජාතික සම්පත් විදෙස් සමාගම් අත්පත් කරගන්න අනතුරක් දැන් නැද්ද එසේත් නැත්නම් එම බලවේග විවේක අරගෙනද යන්න ඔවුන් කියන්නේ නැත. වෙනස් වෙමින් ඇත්තේ මාතෘකාව පමණක් වුවත් මෙරට LNG සැපයීමේ ඒකාධිකාරය ඇමරිකානු සමාගමට ලබාදීම ගැන ආණ්ඩුව අභ්‍යන්තරයේ විරෝධයක් මතුව ඇත.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ට අමතරව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද පසුගියදා තමන්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න