කොරෝනා හැදිලා මාස 06 ක් තුළ හැදෙන ලෙඩ 09 ක් !

කොරෝනා හැදිලා මාස 06 ක් තුළ හැදෙන ලෙඩ 09 ක් !

කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ.

එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙයි.

මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන අතර දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය අභියෝගය විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.

jeew

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න