මරණ අඩුවෙලා : නමුත් ගුවන් තොටුපළ තුළ PCR නොකිරීම නිසා මහා අවධානමක් !

මරණ අඩුවෙලා : නමුත් ගුවන් තොටුපළ තුළ PCR නොකිරීම නිසා මහා අවධානමක් !

තවත් කොරෝනා මරණ 40ක් ඊයේ (02) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (03) නිකුත්කර ඇත.

ඊට අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 13059 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 22 ක් පිරිමි වන අතර ඉතිරි 18 , කාන්තාවන් ය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවකද වෙයි.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 11 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 28 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

කොරෝනා මරණ අඩුවුනත් : ගුවන් තොටුපළ PCR නොකිරීම නිසා අවධානමක් !

මේ අතර වෛද්‍ය විශේෂඥයන් මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවීම යහපත් තත්ත්වයක් බවයි.

එසේම ආසාදිතයින් ප්‍රමාණවත් ලෙස අඩුකරන සෑම ක්‍රියාමාර්ගයක්ම අඛණ්ඩව ගතයුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

ඔක්තෝබර් 01 වනදා සිට බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුකම සහ වගකීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

නමුත් ඔවුන් පවසන්නේ විදෙස් සිට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ PCR පරීක්ෂණ ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිදුනොකිරීමට ගෙන ඇති තීන්දුව නිසා දැඩි අවධානමක් බවයි.

විද්‍යාත්මක පදනමක් නැති තීන්දුවක් !

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසන්නේ පූර්ණ එන්නත්කරනය වූ ගුවන් මගීන් රට තුලට පැමිනෙන විට කල යුතු PCR පරීක්ෂන නවතා දැමීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ගනුලැබූ තීන්දුවක් බවයි.

ලංකාව දූපත් රාජ්‍යයක්. අපේ රටට පැමිනෙන සියළු දෙනා ගුවන්තොටුපොල හරහා පැමිනිය යුතුයි.

රටට මහත් ව්‍යසනයක් ගෙන දුන් කොරෝනා වයිරසය සම්පූර්නයෙන් රටට ඇතුළුවන්නේ ගුවන් මගීන්ගෙන්. එසේම එන්නත්කරණය යනු කොරෝනා මැඩීමක්, නැත්නම් මර්දනය කිරීමක් නොවෙයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකුට වුවත් වෛරසය ආසාදනය වීමට පුළුවන්. එන්නත් නිසා වෙන්නේ මරණ අවධානම අඩුවීමක් පමණයි. ඒ නිසා පැය 72 පෙර කොරෝනා ආසාදිතයෙකු නොවූවත් ඔහු වෛරසය පතුරවන්නකු විය හැකියි.

එනිසා දෙස් විදෙස් සංචාරකයන් සම්බන්ධයෙන් ගුවන් තොටුපළ ආශ්‍රිතව PCR පරීක්ෂණය සිදුකිරීම සහ ඔවුන් සමාජයට එක්වීමට පෙර හඳුනා වෙන්කර ගැනීම වැදගත්.

එසේ නොවුණුහොත් ගුවන් තොටුපළ PCR පරීක්ෂණ නොකිරීම හේතුවෙන් තවත් විදෙස් කොරෝනා ප්‍රභේදයක් මෙරටට පැමිණීමට ඉඩවැඩියි.

එසේම මේ වන විට ගුවන් තොටුපළ පරිශ්‍රයේ නව PCR පරීක්ෂණ ඒකකයක් පිහිටුවා තිබෙනවා. දැන් ප්‍රශ්නය තමයි හැකියාව තියෙන පසුබිමක අනවශ්‍ය අවධානමක් ගන්නේ ඇයි කියන එක.

මේ ගැන ජනාධිපති පවා සොයා බැලීමක් කරන්න වෙන තත්ත්වයක් තියෙන්නේ.

c9d52cf5 index

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න