ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණයට යයි

ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණයට යයි

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා අද (03) දහවල්  ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇත.

ඒ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහායි.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇත.

මේ අතර ලංකා IOC හි නව නිෂ්පාදනයක් වන 'Servo Pride ALT 15W- 40' එළිදැක්වීම ද අද සිදුවිය.

ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයට පැමිණීමට පෙර මහනුවර ප්‍රදේශයේද සංචාරයක නිරත විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න