පුවත්

යල කන්නෙත් ගොඩ : වී ගොවීන්ට සහනාධාර කූපන් සූදානම් !
යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබාදීමට රජය පසුගිය දා තීරණය කර තිබුණි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය.
මෙම වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට නියමිතය.
මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන් 650,000ට මෙම වවුචර්පත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර මෙම වවුචර්වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකි බව සඳහන්ය.
එමෙන්ම ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් ද, පුද්ගලික අංශය මගින් ද මිල දී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

24 ආණ්ඩුවේ හැමෝම පාර්ලිමේන්තු එන්න !
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට ඉරි තුනේ නිවේදනයක් ලෙස එම දැනුම්දීම සිදුකර ඇත.
පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යයෙන් සහභාගී වීම ඳෙහා ඉරි තුනේ නිවේදනය නිකුත් කරන අතර, එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුන හොත් ඊට මන්ත්‍රීවරුන් විසින් නිදහසට කරුණු දැක්වීම සිදුකළ යුතු වේ.
අයවැය ඡන්ද විමසීම ඇතුළු විශේෂ පනත් සම්මත කරන අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙවැනි ඉරිතුනේ නිවේදන නිකුත් කිරීම සිදුවන බව වාර්තා වේ.
මෙම නිවේදනය නිකුත් කළ විට මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාර සඳහා ද තහනමක් පැන වේ.
මැයි මස 24 වන දින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
මෙම විවාදය සම ඡන්ද විමසීම ඉතා වැදගත් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට එදිනට සහභාගි වීම අනිවාර්ය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වාදෙයි.
කෙසේ වෙතත් මේ වන විට සජබ ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව ගෙනවිත් තිබෙන යෝජනාවට එරෙහිව තමන් ජන්දය ප්‍රකාශ කරන බවය.

දැවැන්ත පානීය ජල ව්‍යාපෘතියක් ජනපති අතින් ජනතා අයිතියට !
බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.
එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරිණි.
දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ නළ පද්ධතියක් සහ කිලෝ මීටර් 120ක බෙදාහැරීමේ නළ පද්ධතියක් මේ යටතේ ඉදිකර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300ක් ආවරණය වන පරිදි 169,000ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නළ ජල පහසුකම හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200ක් ලබාදීම සහ පවතින ජල සබඳතා 27,100ක් වැඩිදියුණු කිරීමට ද නියමිතය.
සමරු ඵලකය නිරාවරණය කර ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා ජල පද්ධතිය ද විවෘත කළේය.
අනතුරුව ජල යෝජනා ක්‍රමය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
2018 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම ජල යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමට පැමිණියා. අද මම ජනාධිපතිවරයා ලෙස එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. එවකට මෙම ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමට මා පැමිණියේ කබීර් හෂීම් මැතිතුමා කළ ඉල්ලීම මතයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා.
කබීර් හෂීම් ඇමතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ ඊළඟට පත්වූ ආණ්ඩුවද ඉදිරියට ගෙන ගොස් අද වන විට ජීවත් තොණ්ඩමන් ඇමතිතුමාගෙ ධුර කාලයේදී අවසන් කර තිබෙනවා. අද ආරම්භ කරන මෙම ජල යෝජනා ක්‍රමය මගින් ලක්ෂ දෙකක පමණ ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් දායක වූ සියලු සේවක මහත්ම මහත්මීන්ට මගේ ස්තුතිය පිරිනමනවා.
පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියා ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිදු ආයෝජකයෙක් මෙරටට පැමිණියේ නැහැ. හිටපු ආයෝජකයන් රටින් ගියා. එවැනි පරිසරයක් තුළ විදේශ ආයෝජකයින් ලංකාව ට ආධාර උපකාර ලබාදීමට උනන්දු වෙන්නේ නැහැ.එවැනි තත්ත්වයක් තුළ මම රට භාර අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
මොකද සිංහල වුණත් දෙමළ වුණත් මිනිස්සු හිඟන්නෝ විදියට ජීවත් වෙන්න කැමැති නැහැ. ඔවුන් කැමැති නම්බුකාර ලෙස අභිමානයෙන් ජීවත් වීමටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අසීරු කොන්දේසි පනවා තිබුණා. නමුත් අපට වෙන විකල්ප තිබුණෙ නැහැ. මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දි මෙවැනිම කොන්දේසි ඉදිරිපත් කෙරුණා. එහිදී පසුගිය එක් ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙණුවලින් ඉවත් වුණා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එම වැඩපිළිවෙල නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.
එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.
අද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට පොදුජන පෙරමුණේ අයත් කැමත්ත පළ කර අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. මේ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් එම සහයෝගය ඉතා වැදගත්. බංකොලොත් භාවයෙන් මිදී නම්බුකාර රටක් ගොඩ නැගීමට අපි සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්
මෙහි පැමිණි ඔබ සැමට වගේම නෙදර්ලන්ත රජයට සහ තුර්කි රජයටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. එමෙන්ම මෙම කාර්යයට දායක වූ ජලසම්පාදන මණ්ඩලයේ ඇතුළු සියලු කොන්ත්‍රාත්කරුවන්ට මෙහි රැඳී සිටිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කෘතඥ විය යුතුයි.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්හි අංක 6 වන සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සැපයීම යන ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කැපවීම මම මෙහිදී නැවත අවධාරණය කිරීමට කැමැතියි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළ කබීර් හෂීම් මන්ත්‍රීතුමා අද මෙම අවස්ථාවට සම්බන්ධවීම සතුටට කරුණක්. අද මේ සෑම ව්‍යාපෘතියක්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දුන්නේ ගරු ජනාධිපතිතුමා බව සිහිපත් කළයුතුයි. අද ජනාධිතිතුමා මේ රට බංකොළොත් බවින් නිදහස් කරගෙන තිබෙනවා. ඒ වගේම අතහැර දමා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි මට්ටමකට අද රට පැමිණ තිබෙන්නේ එතුමා ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව කිව යුතුයි.
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත
මෙම ජල යෝජනා ක්‍රමයට 2018 වර්ෂයේ දී අගමැතිවරයා ලෙස වත්මන් ජනාධිපතිතුමා මුල්ගල තැබුවා. එතුමා අද මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීම පිළිබඳ අප සතුටු වෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කය ජලයෙන් ස්වංපෝෂිත වූවත් පානීය ජලය ලබා දී තිබෙන්නේ දිස්ත්‍රික්කයෙන් සියයට 45 කට පමණයි. නමුත් අද මෙම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ 60%ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පුර්ණ වන බව මම කියන්න කැමතියි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුම 70%ක් වැනි ඉහළ මට්ටමක තිබෙනවා. අම්පාරේත් එහෙමයි. අරගලකරුවන් රාජ්‍ය දේපළ කඩා බිඳ දැමීමට කටයුතු කළත් අරගල කළයුත්තේ මෙවැනි විශාල ව්‍යාපෘති ලබාගැනීමට බව මම විශ්වාස කරනවා.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය
මෙම ජල යෝජනා ක්‍රමය මගින් ජනතාව විශාල පිරිසකට සෙත සැලසෙනවා. පසුගිය ආණ්ඩුව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අපේ ආණ්ඩුව විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන ආවා. මෙවැනි වැදගත් ව්‍යාපෘති ඉදිරියට ගෙන එන විට විවිධ කුමන්ත්‍රණ සිදු කෙරෙනවා. පෙරේදා රාත්‍රියේ යම්කිසි පිරිසක් මේ යෝජනා ක්‍රමයට අදාළ බට තොගයක් ගිනි තබා තිබෙනවා . එහි වටිනාකම රුපියල් මිලියන 50කට වැඩි යි.
රට අස්ථාවරව තිබෙන අවස්ථාවකදී ජනාධිපතිතුමා රට බාර අරගෙන නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් කරා රට යොමු කිරීමට කටයුතු කළා.
ඔබතුමාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉතා වැදගත්. ඒ වගේම මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ද ඉතා අවශ්‍යයි කියා. ඔබතුමාගේ මෙම නව ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළ හරහා මේ රට නව පිම්මක් පනිනු ඇතැයි මම විශ්වාස කරනවා.
තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්
ජනාධිපතිතුමා ධුරයට පත්වීමෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඒ මෙම දැවැන්ත ජල යෝජනා ක්‍රමය ජනසතු කිරීමටයි. මෙම දැවැන්ත ජල යෝජනා ක්‍රමය අපි විපක්ෂයේ සිටින කාලයේ ආරම්භ කළ එකක්. නමුත් එය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් අද එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට අවස්ථාව ලැබී තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වන ස්ථාන කිහිපයක්ම තිබෙනවා. අලි අනාථාගාරය, සත්තු වත්ත, කිතුල්ගල රාෆ්ටින් ක්‍රීඩාව වැන දේ වලින් එම සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා.
ජනාධිපතිතුමා නිරන්තරයෙන් කතා කරන හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය සමඟ මේ රටේ ආර්ථිකය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙන බව සිහිපත් කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක්
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලාංකීය, නෙදර්ලන්ත හා තුර්කි සහයෝගිතාව අනුවයි. ජනතාව විශාල පිරිසකට අඛණ්ඩව පිරිසිදු පානීය ජල පහසුකම හිමිවන මෙම විස්මිත ව්‍යාපෘතිය ගොඩනැංවීමට ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් සමත් වූයේ ඔවුන් සතු වු අගනා දැනුම හේතුවෙන් බව කිව යුතුයි. මෙය යුරෝ මිලියන 81 ක් වැය වූ ව්‍යාපෘතියක්. නමුත්, සැලසුම් කිරීම සහ එක්ව වැඩ කිරීමට පමණක් සීමා නොවී දැනුම බෙදාහදා ගැනීම සහ ජනතාවට විශාල ප්‍රතිලාභ ලබාදීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වුණා. එම නිසා අද මෙම අවස්ථාවට සහභාගීවීමට ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
ඒ වගේම නිර්මාණ යනු සමාන අවස්ථා සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසා දීම බව මම සිතනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර සහ ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම හොදින් නිර්මාණය කිරීමට නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ජනාධිපතිවරයා කැපවී කටයුතු කරනවා.
නෙදර්ලන්ත සමාගම් සහ නෙදර්ලන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකීය සමාගම් සහ ශ්‍රී ලාංකික විශේෂඥයන් සමග එක්ව කටයුතු කරමින් දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ මම ඉතා සතුටු වෙනවා. එමගින් ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළ ප්‍රතිලාභ සැළසෙන අතර ඒ තුළින් ඔවුන්ට වඩා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රජීකා වික්‍රමසිංහ , සුජිත් සංජය පෙරේරා, උදයකාන්ත ගුණතිලක යන මහත්වරු ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ද, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් සර්කෂුලි මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=3402#sigProId30631f8659

ගම්පහ එජාප ආසන බලමණ්ඩලයෙන් රටටම මැසේජ් එකක් !
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ගම්පහ ආසන බලමණ්ඩලය පිහිටුවීම ඊයේ (20) යක්කල නගර ශාලා පරිශ්‍රයේ පැවැත්විණ.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසනයේ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ විසින් සංවිධානය කර තිබූ මෙම ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක , ගම්පහ දිස්ත්‍රික් නායක , දේශගුණ විපර්‍යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් , පාලිත රංගේබණ්ඩාර , එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයන් රැසක් සහභාගිව සිටියහ.
මෙහිදී වූ විශේෂ සිදුවීමක් වූයේ ගම්පහ ආසනයේ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන සියලු කොට්ඨාස නියෝජිතයන් සියලුදෙනා පාහේ යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමය. යක්කල, වැලිවේරිය, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, බුළුගහ - ගනේමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රමුඛ පෙළේ සජබ ක්‍රියාකාරීන් රැසක් ද ඒ අතර වූහ.
"අභියෝග ජයගමු - 2028 සියවසේ කතිකාව" මැයෙන් පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩලය තවත් ශක්තිමත් කරමින් ගම්පහ මහ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් ද සිය පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සමග ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් රට නැවත ගොඩනගන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තියට සහය පළකරමින් එක්විය.
මෙහිදී ගම්පහ ආසන බලමණ්ඩලය අමතමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසනයේ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මෙසේ පැවසීය .
" මම සාමාන්‍යයෙන් ජාතික දේශපාලනය ගැන කතා කරන්න , අදහස් දක්වන්න කැමති කෙනෙක්. නමුත් අද ගම්පහ දේශපාලනය ගැන කතා කරන්න සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්පහ ආසනය කියන්නේ එක්සත් ජාතික පක්ෂය ට කවදත් අභියෝගයක් වූ ප්‍රදේශයක්. එදා "ලාම්පු - කළගෙඩි" ජනමතවිචාරණය අවස්ථාවේ "කලගෙඩිය" දිනපු ආසන 8න් එක ආසනයක් තමයි ගම්පහ කියන්නේ .
නමුත් අපි ගම්පහ දේශපාලනය වෙනස් කරන තීන්දුවක් ගත්තා. රටම අලුත් වෙන වෙලාවේ, එක්සත් ජාතික පක්ෂය අලුත් වෙන වෙලාවේ ගම්පහ අපි තීරණයක් ගත්තා , ශ්‍රීලනිප වගේම එජාපය හැරගිය අය ඇතුළුව දේශපාලනයේදී වැඩක් කරන්න සූදානම් හැමෝටම ලෝබ නැතුව අවස්ථාව දෙන්න. ඒ වෙනස සාර්ථක කරගන්න එක්වුණ මිනිස්සු අද මෙතැන ඉන්නවා. තවදුරටත් ගම්පහ ආසනයේ සජබ - එජාප කියලා වෙනම නාමකරණයකට අවස්ථාව නෑ . අද සජබ පළාත් පාලන අපේක්ෂකයන්, කොට්ඨාස නියෝජිතයන් සේරම ඉන්නේ මේ වේදිකාවේ. මේ වෙනකොට ඒ අයට ඇමතුම් 2ක් ගානේ ලැබෙනවා.
එක ඇමතුමක් සජබ නායක සජිත් ප්‍රේමදාස ගෙන්. ඒ " එජාපයට යන්න එපා" කියන ඇමතුම. ඊළඟ ඇමතුම සජබ ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම ගෙන්. එයා එජාපයට යන්න එපා කියන්නේ නෑ . එයා කියන්නේ " අපි යමු.. හැබැයි මං එක්ක යන්න ඉන්න " කියලා. නමුත් මේ ආපු අය පෙන්වන්නේ, රට අර්බුදයෙන් ගොඩ අරගෙන ගොඩනගන මේ යන වැඩපිළිවෙළට එකතු වෙන්න තවත් ප්‍රමාද වෙන්න බෑ කියලා . අන්න ඒ පනිවිඩය අද අපි ගම්පහ මේ ආසන බලමණ්ඩලය පිහිටුවීම සමග ලබාදෙනවා.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=3402#sigProId1cffd87912

අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත් කර තිබේ.
මධුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස වසන්ත මුදලිගේ කටයුතු කරනු ලැබීය.

අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දන්වා සිටී.
එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුරු ආලෝකයක් පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසත් රියදුරන්ට පොලීසිය දැනුම්දෙයි.

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ මහනුවර රදගුරු නිවස වෙත ගොස් රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදුටුවේය.
රදගුරු වෙලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.
නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.
මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදි රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් එම අවස්ථාවේදීම රදගුරු හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධීකරණය කරමින් ඇතැම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කළේය.
එසේම නුවරඑළිය ඇතුළු වතුකරයේ මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් කළ රදගුරු හිමිපාණන් එම මාර්ග පද්ධතිය සංවර්ධන කර දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
රදගුරු වසමේ පියතුමන්ලා සහ අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, සනත් නිශාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ. ගමගේ, හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රසිද්ධියේ සමාව ගනු - නැත්නම් බිලියනයක් දෙනු : ජලනි චමුදිතට දන්වයි !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙතින් රුපියල් බිලියනයක අපහාස වන්දි ඉල්ලා ලිපියක් එවා ඇතැයි වාර්තා වෙයි .
ඒ චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක් හරහා ඇයට අපහාස වන ආකාරයට සාකච්ඡාවක් සිදු කළ බවට චෝදනා නගමිනි .
ඒ අනුව චමුදිත සමරවික්‍රම ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසක් එසේද නොවන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය වෙනුවෙන් නීතීඥවරයා දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

මැකො වෙතින් මුද්‍රණාලය ට කෝටි 20ක පොල්ලක් !
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් රජයේ මුද්‍රණාලයට මෙතෙක් නොලැබී ඇතැයි වාර්තා වෙයි .
මේ නිසා රජයේ මුද්‍රණාලය දැඩි ආර්ථික ගැටලුවකට මුහුණදී සිටින බවත් වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙකී මුදල් සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලය පාර්ශ්වය වෙතින් මැතිවරණ කොමිෂන් සභාවට සිහිකැඳවීම් ගණනාවක්ම සිදුකර ඇත.
නමුත් එම මුදල් පියවීමට මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් වර්ෂය පුරා සෙසු වැඩ කටයුතු සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලුවක්ව ඇති බවත් වාර්තා වෙයි .
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක රැසක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය දැනටමත් අවසන්වී එම පත්‍රිකා සියල්ල මුද්‍රණාලයේ ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර පවතී.
යම් විදිහකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කෙරුණොත් එම ඡන්ද පත්‍රිකා සියල්ල විනාශ කිරීමට සිදුවනු ඇති බවත් දැනගන්නට ඇත .

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම : G7 නායකයන්ගේ අවධානයට !
ජපානයේ පැවති ජී7 සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාමාජික රටවල නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.
මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සම සභාපතිත්වයෙන් නව පොදු රාමුවක් යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ජී7 සාමාජික රටවල නායකයන්ගේ ඇගයීමට පාත්‍රව ඇත .
මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද විසඳීම සඳහා දියත් කරනු ලබන අනාගත බහුපාර්ශ්වීය උත්සාහයන් වෙනුවෙන් භාවිත කළ හැකි සාර්ථක මොඩියුලයක් ලෙස නව පොදු රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබේවි යැයි ජී7 සාමාජික රටවල නායකයන් අපේක්ෂා කරයි.
මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද සඳහා පිළිතුරු සෙවිය යුත්තේ බහුපාර්ශ්වීය සම්බන්ධීකරණයක් යටතේ බව ජී7 සාමාජික රටවල නායකයන් සඳහන් කර ඇත.

මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපන් සහය ලබා ගැනීමේ අපේක්ෂාවක්
ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.
තමාගේ ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වීය.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපති වික්‍රමසිංහ විසින් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගන්වන ලදී.
අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන/ග්‍රන්ථ නියාමන පනත සඳහා සංශෝධන සකස් කරන ලෙස ද ජනාධිපතවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට සැරසෙයි
මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.
ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රිකට් සභාපති ධූරය යළිත් ශම්මිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා තේරී පත්වී තිබේ.
ඒ අද (20) පැවැති ක්‍රිකට් නිලවරණයේදීය.
ඔහු නිතරගයෙන් තේරී පත්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඒ අනුව ශම්මි සිල්වා 2023-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

රාජ්‍ය සේවයේ උපාධිධාරීන් නව මඟකට......
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට ඍජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරුතාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Bootcamp වැඩසටහන ආරම්භ කෙරේ.
ඒ සඳහා මේ වන විට එක්දහස් දෙසීයකට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙමපුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහ තාක්ෂණ අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය මේ සඳහා ලැබී තිබේ.
මෙරට ප්‍රකට සහ කීර්තිමත් තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංවිධාන සහ සමාගම් මෙම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනට එක් ව තිබෙන අතරශ්‍රීලංකා පරිගණක සංගමය(CSSL),බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM),ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය ( FITIS)මේ අතර වේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/2022 හි ප්‍රතිපාදන අනුව රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) තාවකාලික නිවාඩු අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ උපාධිධාරී රාජ්‍ය සේවකයන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
මෙම Refresher Bootcamp වැඩසටහනෙහි දෙවන අදියර සිව් දිනක් පුරා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන පරිශ්‍රයේදී පැවැති අතර එම අවස්ථාවට එක් වූතාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ රටේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායකවීමට මෙම රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව උදාවී තිබෙන බවත්, මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය මුහුණ දී සිටින මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුමක් ළඟාකර දීමට හැකි වී තිබෙන බවත් ය.
මෙම අවස්ථාවට එක් වූරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ රාජ්‍ය චක්‍රලේඛ අංක 14/2022 යටතේ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය අංශයෙන් පරිබාහිරව රටේ ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමට අවකාශ සලසා දී තිබෙන බවත්, ඔවුනට ලැබුණු මෙම නව අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන රාජ්‍ය අංශය සවිබල ගැන්වීමට අනාගතයේ දී ක්‍රියා කළ හැකි බවත්ය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේ රටේ ඩිජිටල් සංවර්තනය සහ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය මානව සම්පත් ධාරිතා ප්‍රවර්ධනය මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, මෙම වැඩසටහන එහි තවත් එක් අවස්ථාවක් බවත් ය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා මෙම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේ ඉතා වේගයෙන් ඉදිරියට යන තොරතුරු තාක්ෂණ කර්මාන්තය සහ ඩිජිටල් ආර්ථීකය සවිබල ගැන්වීමට අවශ්‍ය මානව සම්පත සුදානම් කිරීම Lighting Digital ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවත්, තොරතුරු තාක්ෂණ කර්මාන්තය,රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය සමඟ ඉදිරියටත් සම්බන්ධ වෙමින් තවත් පුළුල් ආකාරයෙන් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් ය.
මෙම සිව්දින පුහුණු වැඩසටහනේ දී කුසලතාවයන් සහ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට මෙන් ම නව තාක්ෂණ භාවිතයන් සහ තොරතුරු තාක්ෂණ රැකියා වෙළෙඳපොළේ ඇති අවස්ථාවන් පිළිබඳවෘත්තීය මාර්ගෝපදේශ ලබා දෙනු ලැබීය.
තවද මෙම වැඩසටහන අවසානයේදී සහභාගි වූ උපාධිධාරීන් තොරතුරු තාක්ෂණ ආයතන සමඟ සම්මුඛ පරීක්ෂණවලට යොමු කළ අතර ඔවුන් රැකියා අවස්ථා තහවුරු කර ගන්නා තෙක් අවශ්‍ය උපදේශනය ලබා ගැනීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් උපදේශකවරුන් ලෙස ඔවුන්ට සම්බන්ධ කර දෙනු ලැබීය.
දිනමිණ

දෙමළ ජන සංහාරක දිනයක් ගැන කැනඩා අගමැතිගෙන් ප්‍රකාශයක් !
මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ.
කැනඩාවේ දමිළ ජනසංහාර අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර ඇත.
කැනඩාව ඊයේ(18) දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය සමරන ලදි.
මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී අහිමි වූ ජීවිත පිළිබඳ සිහිපත් කරන බවත් තේරුමක් නොමැති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වේදනාවෙන් සිටින වින්දිතයනගේ සහ දිවි ගලවාගත් පුද්ගලයන්ගේ සමීපමතයන් සමඟ කැනඩා රජය සෑම අවස්ථාවකම සිටින බවත් ටෲඩෝ මහතා පවසා ඇත.
කැනඩාව ශ්‍රී ලංකාවේ ඇති වූ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.
එසේම මෙම වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් රජයේ නිලධාරීන් සිව් දෙනකුට සම්බාධක පැනවූ බවද ටෲඩෝ මහතා පෙන්වා දී ඇත.
මූලාශ්‍රය - lankadeepa

උපයෝගීතා කොමිසමේ පොහොට්ටු ජනකගේ ආරක්ෂාව සජබ බාරගෙන !
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .
රජයේ මෙම තීරණය ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගනු ලබන ක්‍රියා මාර්ගයක් ලෙස සළකා මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කල බවත් ඔහු පවසයි .
කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි ලෙස හදුන්වා දී ඇත්තේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම බවත් ඒ හැර කිසිදු වංචා දූෂණ චෝදනාවක් ඔහුට එල්ල වී නොමැති බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි .
දේශීය සහ ජාත්‍යන්තර බලපෑම හේතුවෙන් 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව ලැබුනත් මේ ආණ්ඩුව යටතේ තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරන බවට පෙනී යන බවත් ඔහු පැවසීය.
ජනක සජබ පිල්ලියක් !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , හැංගි හැංගි නටපු ජනක එළිපිට වෙස් බැඳීම කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය හරහා තහවුරු කරන බවයි.
පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස ජනක රත්නායක පත්කළත් ඔහුගේ පසුකාලීන හැසිරීම අතිශය දේශපාලනික වූ බවත් ඒ තුළ සූක්ෂම ආකාරයට ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට දැරි ප්‍රයත්නය පෙන්නුම් කළ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
මේ වන විට ජනාධිපතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇති අතර ඒ හරහා ඔහු අර්බුදය හමුවේ රට ගොඩනැගීම වෙනුවට පෞද්ගලික අභිලාෂයක සිට කටයුතු කර ඇති බව තහවුරු කර ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙනී සිටින බවට පසුගිය සතියේ පුවත් නිර්මාණය කර සිටියේ ද සජබ හිතවාදී මාධ්‍ය බව නිරීක්ෂණය වූ බව සඳහන් කරන දේශපාලන විචාරකයන් අවසන් මොහොතේ කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පොහොට්ටුවේ ජනක සජබ සමග එක්ව ඇති බව තහවුරු කර ඇති බවත් පවසයි .

උමා ඔය විදුලිය සැප්තැම්බරයේ ජාතික පද්ධතියට !
උමා ඔය ව්‍යාපෘතියෙන් විදුලිබලය සැප්තැම්බර් මස ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව වාර්තා වෙයි .
උමා ඔය බහුකාර්ය වාරිමාර්ග පහසුකමෙහි ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ප්‍රකාශ කර ඇත්තේ උමා ඔය ජල විදුලි බලාගාරයේ 1 වන ඒකකය 2023 අගෝස්තු මස සිට විදුලිබල මණ්ඩලයට සැපයිය හැකි බවයි.
ෆරාබ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යාපෘති කළමනාකරු සහ ෆරාබ් සමාගමෙහි නියෝජිතයින් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර හමු වූ අවස්ථාවේදී මේ බව දන්වා තිබේ.
එසේම 2023 සැප්තැම්බර් වන විට ඒකකය 2 හි විදුලිය උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවද එම සමාගම ප්‍රකාශ කර ඇත.
මෙහිදී සම්පූර්ණයෙන් මෙගාවොට් 120ක ජල විදුලියක් අවසානයේ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

14 වන ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් !
ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
දශක තුනක් පැවති යුද්ධය හමුවේ යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 28,619 දෙනෙක් දිවි පුදා ඇත . ආබාධිත වූ ප්‍රමාණය 27,000කට අධිකය. ඔවුන් වෙනුවෙන් ප්‍රණාමය පළ කරමින් ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් 2023 ජාතික රණවිරු සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.
ජාතික ගීය ගායනයෙන් පසු ජනාධිපති, අගමැති ඇතුළු පිරිස, දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.
සර්ව ආගමික වතාවත් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගැයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් ද පැවැත්විණි.
අනතුරුව ජනාධිපති, අගමැති , කථානායක , විපක්ෂ නායක , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=3402#sigProIdc92efdbe9d
Page 190 of 464