ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සමීපයේම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට , ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව සඳහන් වෙයි.
යුවාන් ජියාජුන් ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී මෙරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇතැයි ද වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
