ජනපති ඉන්දීය සංචාරයට සූදානම් වන විට චීන ප්‍රබලයකු ලංකාවේ සංචාරයක !

ජනපති ඉන්දීය සංචාරයට සූදානම් වන විට චීන ප්‍රබලයකු ලංකාවේ සංචාරයක !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සමීපයේම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට , ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව සඳහන් වෙයි.

යුවාන් ජියාජුන් ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී මෙරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇතැයි ද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න