බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් තමා ඉල්ලා අස්වී ඇති බවට පළවන වාර්තා හනීෆ් යූසූෆ් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
"මම රජයෙන් ඉවත් වන බවට කරන ප්‍රකාශ පදනම් විරහිත සහ අසත්‍යයි. ජනාධිපතිතුමාගේ දැක්ම සඳහා මගේ කැපවීම ස්ථිරය. කිසිදු විරාමයකින් හෝ පැකිලීමකින් තොරව අපේ දේශය නැවත ගොඩනැගීමේ මෙහෙවරට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිමි," යනුවෙන් හෙතෙම Xපණිවිඩයක් තබා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත්කිරීමත් බස්නාහිර පළාත් සභාවේ මතුව ඇති ගැටළු කිහිපයක් නිසාත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය විසින් වාර්තාකර ඇත.
කෙසේවුවද ආණ්ඩුකාරවරයා එකී පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරයි.