ආයෙත් හිරිහැර කළොත් පොළියත් එක්ක වන්දි ගෙවීමට සිදුවෙයි !

ආයෙත් හිරිහැර කළොත් පොළියත් එක්ක වන්දි ගෙවීමට සිදුවෙයි !

මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොළියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බව සඳහන් කළ අඅමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් සදහන් ‍‍කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ අද (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

තමා තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම් යැයි කී අමාත්‍යවරයා පක්ෂය දෙකට දමා රට එකට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩ නගන්න සහය දීමට පොහොට්ටුව ඉදිරිපත් වූ බවද කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න