ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා එළඹෙන සිකුරාදා (21) ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .
මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පදවියට පත්වීමෙන් පසු එරට නිල සංචාරයක යෙදෙන්නේ පළමු අවස්ථාව ද වෙයි.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි , ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, සහ එරට ප්‍රධාන පෙළේ කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.
මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඉවහල් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
