වසරේ මුල් මාස හය තුළ රජයේ බදු ආදායම 92% කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා තිබේ.
පසුගිය වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 361.8 ක් වූ රජයේ බදු ආදායම, මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 696.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වසරේ මුල් මාස 6 තුළ වැඩිම බදු ආදායම උපයා ඇත්තේ, සමාගම් සහ සමාගම් නොවන ආයතන හරහා ය .
එම මුදල රුපියල් බිලියන 243.8 ක් ලෙස සඳහන් වේ.
එකතු කළ අගය මත, බද්ද ලෙස රුපියල් බිලියන 230.6 ක මුදලක් අය කරගෙන තිබේ.
මේ වසරේ මුල් මාස 6 තුළ ඔට්ටු හා සූදු බදු ලෙස අය කරගෙන ඇති මුදල රුපියල් බිලියන 2.5 ක් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
