උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසයි .
ඇය මේ බව සඳහන් කර සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය .
සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා පිළිතුරු සෙවීම, බලය බෙදීමේ වැදගත්කම සහ ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපතිනිය එහිදී සඳහන් කර ඇත .
ශ්‍රී ලංකාව සත්‍යය, සංහිඳියාව සහ තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
