ත්‍රිවිල් හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් !

ත්‍රිවිල් හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් !

ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් සඳහන් කළේ, කෙසේවෙතත් සෙසු වාහනවලට හෝ පදිකයින්ට අවහිරයක් වන ආකාරයට සකස් කළ කිසිදු ත්‍රීරෝද රථයකට ධාවනයට ඉඩ ලබානොදෙන අතර දැඩි නියාමනයක් සිදුකරන බවය.

මිලියන 08ක් පමණ වන සමස්ත ලියාපදිංචි වාහනවලින් මිලියන 02ක් පමණ ත්‍රීරෝද රථ වීම විශේෂත්වයකි.

තම තමන්ගේ ආශාවන් මත ත්‍රීරෝද රථය විවිධ වෙනස්කම්වලට ලක්කිරීම් අද සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.

ඒ අනුව ත්‍රීරෝද රථ සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක්වු එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන් මෙසේ සඳහන් කළේය.

"ත්‍රීවිල් හිමිකරුවන් මේ මොඩිෆිකේෂන් කරලා තියෙනවා. හැබැයි මෝටර් ප්‍රවාහන පනතට අනුව ත්‍රීවිල් රථයක් එනකොට තිබුණු ආකාරය මොන විදියෙන්වත් වෙනස් කරන්න බැහැ කියලා. වෙනස් කරන්න බැහැ කියලා තියෙද්දි මේවා වෙනස් කරලා තියෙද්දි මේ වාහනයක් පාරේ දි ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම නැත්නම් වෙන පරීක්ෂාවක දී මේවා හම්බවුණොත් ඒ වාහනවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාරේ යන අනෙකුත් වාහනවලට හෝ පදිකයින්ට අනතුරක් නොවෙන විදියට කරන්න පුළුවන් පොඩි පොඩි මොඩිෆිකේෂන් තියෙනවා. යම්කිසි වෙනස්කමක් කරලා තියෙනවා නම්, තමන්ගේ ප්‍රදේශයේ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ඉන්න මෝටර් රථ පරීක්ෂකට මේක පෙන්නලා වාර්තාවක් ගන්න ඕනේ. ඒ වාර්තාව තියෙන විදියට ඒ අයකරන ගණන් ටික අයින් කරලා එයාගේ ලියාපදිංචි සහතිකයේ අපි ගහලා දෙනවා. මේකේ තියෙන මොඩිෆිකේෂන් එක අපි ගහලා තිබුණට ඒක අනතුරුදායක විදියට කරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම පොලීසියට පුළුවන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට 0112 203 3333 හෝ 0112 203 3371 යන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්."

කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එළැඹුණු මෙම තීරණයට එකඟ නොවන බවය. "ත්‍රීවිල් රියදුරන් තමන්ගේ ත්‍රීරෝද රථය අලංකාර කරන ආසාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමන්ගේ ආදායම වැඩිකර ගන්න, ආණ්ඩුවේ උවමනාව ඉටුකරන්න, ත්‍රීවිල් රියදුරාගේ කරේ කෑලි එල්ලලා ඒකෙන් ගාණ හොයා ගන්න උත්සාහ කරනවා..." යයි එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර පැවසිය.

 

(aruna.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න