V2025

විනෝදාස්වාද

ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වේ.

ප්‍රවීණ බයිලා ගීත රැසක් ගායනා කළ ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වී ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්හිදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

මිය යන විට ඩෙස්මන්ඩ් ද සිල්වා 78 වන වියේ පසු වී ඇත.

''කිරිල්ලී රන් කිරිල්ලී, නිල්වන් මුහුදු තීරේ, ලංකාවට බයිලා ගෙනා, යන්න රටවටේ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක්ම ඔහු විසින් ගායනා කර ඇත.

LPL කුසලානය දෙවැනිවරටත් ජැෆ්නා කිංග්ස්ට

ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ (2021) ශූරතාව දිනාගැනීමට ඊයේ (23) සමත් විය.

ගෝල් ග්ලැඩියේටර්ස් පිලට අනුශූරතාව හිමිවිය.

ජැෆ්නා කිංග්ස් පිල පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීම මෙහිදී කැපී පෙනුණි.

ගෝල් ග්ලැඩියේටර්ස් පිලට පිට පිටම දෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

LPL 2021 3සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (23) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 23 කින් භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් තරග 6 ක් ජයග්‍රහණය කර තරග 2 ක් පරාජ වී තිබු අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් 4 ක් ජයග්‍රහණය කර තරග 4 ක් පරාජ වි තිබිණ.

අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර එහිදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 201කි.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස්කළේය.

පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 2ක බැගින් දවාගත්හ.

රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

අවසන් කටයුතු පිළිබද පසුව දැනුම් දෙනු ඇත.

බර ඉසිලූ ලෝක ශූරයෝ දිවයිනට

උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සමාන්තරව පැවති ලෝක බර ඉසිලීමේ ශූරතා ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් දිනාගත් මුලු පදක්කම් ගණන 07 කි.

ඒ අතරින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කාන්තා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කමක්, පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය නියෝජනය කළ තිමාලි හපුතැන්න රිදී පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නදීශානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ චින්තන විදානගේ සහ ඉන්දික දිසානායකත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ.යූ.එම්.එම්.විජේසිංහ සහ පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයේ තිලංග පළගසිංහත් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි.

එහිදී මෙරට පිරිමි කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියේ තුන් වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය කිසිදු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ නොමැති බවද වාර්තා වේ.

 

Page 21 of 33