V2025

විනෝදාස්වාද

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් දිවි ගමන නිම කරයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්  අභාවප්‍රාප්ත වී ඇත.

සුනිල් සෝම පීරිස්  අභාවප්‍රාප්ත වන විට (73) වැනි වියේ පසුවිය.

තිර රචකයෙක්, නළුවෙක්, සංස්කාරක වරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස ඔහු කටයුතු කර තිබේ. ඔහු විවිධ මාදිලියේ වාණිජ චිත්‍රපට හතළිස් පහක් සමඟින් ශ්‍රී ලාංකේය සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයෙකි.

පට්ටියගේ සුනිල් සෝම පීරිස් 1949 අප්‍රේල් 13 උපත ලැබුවේය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දරුවා ලෙස ඉපදුණ ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව ගෘහණියකි. ඔහු මහරගම බුවනෙකබා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුගේ පාසල් සමකාලීනයන් වන්නේ නුවන් ගුණවර්ධන, අමරසිරි පීරිස් සහ කඳුපොල කුමාරතුංග ආදීන්ය. 1971 දී ඔහු තම දිගුකාලීන සහකාරිය වූ මාලනී අයේෂා පෙරේරා සමඟ විවාහ විය. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් හා දියණියක් සිටිති: රෝහණ ප්‍රේම කුමාර, සුදේශ් වසන්ත පුත්න් වන අතර එකම දියණිය, වසන්තිකා පියංගා කුමුදුනීය.

ඔහුගේ පුත් සුදේශ් වසන්ත පීරිස් ද චිත්‍රපට නිෂ්පාදකයෙකි,වසන්තිකාගේ පුත් කේෂාන් ප්‍රසන්න ජනප්‍රිය සංගීතවේදියෙකි.

=සුනිල්සෝම සිංහල සිනමාවට පිවිසියේ හෙන්රි චන්ද්‍රවංශගේ වනගත කෙල්ල චිත්‍රපටයේ සුළු අපකීර්තිමත් චරිතයකිනි. පසුව ලක්ෂ්‍ය කෝඩිය සහ වහල් දූව චිත්‍රපටවල කණ්ඩායම් චරිත කළේය. 1973 වසරේ තිරගත වූ තුෂාරා චිත්‍රපටයේ රඟපාමින් සිටියදී ඔහු චිත්‍රපට නිෂ්පාදකයකු වීමේ ආශාව අධ්‍යක්ෂක යසපාලිත නානායක්කාරට දැනුම් දුන්නේය. එම නිසා අවසානයේ ඔහු චිත්‍රපටයේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙස තේරී පත් විය. චිත්‍රපටයෙන් පසුව යසපාලිත නානායක්කාරගේ ප්‍රථම සහය අධ්‍යක්ෂවරයා බවට පත් වූ සුනිල් සෝම ඔහු හා එක්ව චිත්‍රපට 18ක් සම්පූර්ණ කළේය.

1985 දී ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයෙන් ඔහු සිය මංගල සිනමා අධ්‍යක්ෂණය කළේය.

ඊට පසු අවුරුදු 25ක් ඇතුළත චිත්‍රපට හතළිස් පහක් නිම කළේය. ඔහු නිර්මාණය කළ චිත්‍රපට හතළිස් පහෙන් අටක්ම ඔහුගේ පුත් සුදේශ් වසන්ත සමඟ එක්ව අධ්‍යක්ෂණය කළ ඒවාය. 1986 දී ඔහු ආනන්ද වික්‍රමසිංහ සමඟ දිනුම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. සුනිල් සෝම විසින් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම චිත්‍රපට හත එනම් ඔබ දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජ, රජ වඩකරායෝ, යුක්තියට වැඳ, දිනුම සහ ඔබයි ප්‍රිය ආදරය) දින 10කට වඩා වැඩි වාර ගණනක් සිංහල සිනමාවේ තිරගත විය. එසේම ඔහුගේ මමයි රාජා චිත්‍රපටය දින 200කට වැඩි කාලයක් තිරගත වීම සිංහල චිත්‍රපට ඉතිහාසයේ වාර්තාවකි. 1993 දී ඔහු ෂර්මිලාවින් ඉතයා රාගම් යන දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. මේ අතර, ඔහුගේ චිත්‍රපට තිස් අටක් නිෂ්පාදනය කරන ලද්දේ සුනිල් ටී ප්‍රනාන්දු විසිනි, එය එකම අධ්‍යක්ෂක-නිෂ්පාදක සහයෝගීතාවයෙන් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සඳහා සිංහල සිනමාවේ තවත් වාර්තාවකි. එමෙන්ම සුනිල් සෝම නම් දෙකකින් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ දෙවන ශ්‍රී ලාංකේය සිනමාකරුවා වේ. සමහර චිත්‍රපටවල ඔහු P. S. S. Pieris යන නමද භාවිත කළේය.

1997 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි සුනිල්සෝම මහරගම නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් දිවි ගමනට සමුදෙයි..

ප්‍රවීණ වේදීකා හා ටෙලි නාට්‍ය නළුවෙකු වූ සම්පත් තෙන්නකෝන්  අද(03) අලුයම අභාවප්‍රාප්ත විය .

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 61 කි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්පත් තෙන්නකෝන්  කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය .

වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කලා ලොවට පිවිසි තෙන්නකොන් මහතා රඟපා ඇති වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50 කට අධිකය

මීට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක විය.

සුරේඛා සමරසේනගෙන් 'හොට් චොක්ලට්' !

සුරේඛා සමරසේන ගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'හොට් චොක්ලට්' දොරට වැඩීම දෙසැම්බර් 14 වැනිදා, අඟහරුවාදා පස්වරු 3.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවේ.

'ආදරය චපල ද?' යන තේමාව යටතේ, සාහිත්‍ය සහ දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ. සෙසු දේශන පවත්වනු ලබන්නේ සාහිත්‍යවෙදී කෞෂල්‍ය කුමාරසිංහ සහ සිනමාවේදිනී අනෝමා රාජකරුණා යන අය විසිනි. මාධ්‍යවේදිනී අනුරාධා පෙරේරා සභාව සහ සාකච්ඡාව මෙහෙයවනු ලබයි.

'හොට් චොක්ලට්' කෙටිකතා සංග්‍රහය 'සම' ප්‍රකාශනයකි.

hot 1000px

SUREKHA

සුපිරී ක්‍රීඩිකා චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හරී : සිම්බාබ්වේ ගිය 7 කට කොරෝනා !

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.

සිම්බාබ්වේ ගිය 7කට කොරෝනා ?

මේ අතර සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.

සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු පිරිස ඩුබායි හරහා ආපසු පැමිණීමට නියමිතව ඇති අතර ආසාදිත පිරිස එරට රැදී සිටිමටද නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එම පිරිස මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන බවයි.

මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.

Page 22 of 33