Language Switcher

V2025

මයිකල් ජැක්සන්ගේ ජැකට් එක ඩොලර් 306,000යි

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුවක් පවුම් 250,000කට නැතිනම් අමෙරිකා ඩොලර් 306,000කට අලෙවි වී ඇතැයි වාර්තා වෙයි.

ලන්ඩන් නුවර ඊයේ(10) පැවැති වෙන්දේසියක දී මෙම ජැකැට්ටුව අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1984 වසරේ දී පෙප්සි වෙළෙඳ දැන්වීමක අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන් පැළඳ සිටි කළු-සුදු මේ ජැකැට්ටුව වෙන්දේසියේදී පවුම් 200,000 සිට පවුම් 400,000 දක්වා අලෙවි වනු ඇතැයි අපේක්ෂා කර තිබුණි.

මෙම අයිතමය සමඟ තවත් සංගීතඥයින්ගේ මතක සිහිවටන 200 කට වඩා අදාළ වෙන්දේසියේ දී ‍අළෙවි වී තිබේ.

මෙම ජැකට්ටුව ජැක්සන් පැළඳ සිටියේ, පෙප්සි සිසිල් බීම සමාගම වෙනුවෙන් ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීම් මාලාවේ පළමුවැන්න ලෙසිනි.

එම දැන්වීම් ප්‍රධාන වශයෙන්ම මතකයේ රැඳෙන්නේ එක් රූගත කිරීම් අවස්ථාවක් අතරතුර ජැක්සන්ගේ කොණ්ඩයට ගිනි ඇවිළී බරපතළ පිළිස්සුම් තුවාල ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහු ඒ වන විට වෙනත් ජැකැට්ටුවක් ඇඳ සිටියේය.

මයිකල් ජැක්සන්ට අයත් මතක සටහන් මීට පෙර ඉහළ මිල ගණන්වලට වෙන්දේසි වී ඇති අතර, ඔහු 1983 දී ප්‍රථම වරට ඔහුගේ සුප්‍රසිද්ධ සඳ ඇවිදීමේ නර්තනය ඉදිරිපත් කිරීමට පෙර පැළඳ සිටි කළු ෆෙඩෝරා තොප්පියක් ද ඇතුළත් ය. එය සැප්තැම්බර් මාසයේ පැරිස් වෙන්දේසියකදී යුරෝ 77,640 (පවුම් 67,088) කට අලෙවි විය.