V2025

විනෝදාස්වාද

සිංහල සිනමාවේ දුෂ්ටයාට පණ පෙවූ විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න  අද (03) අභවප්‍රාප්ත විය.

කරුණාරත්න  අභාවප්‍රාප්ත වී ඇත්තේ, කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදීයි.

කලක් රෝගාතුරව සිටි විල්සන් කරුණාරත්න අභවප්‍රාප්ත වන විට වයස අවුරුදු 79 කි.

ශ්‍රී ලාංකේය සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු මෙන්ම සටන් අධ්‍යක්ෂකවරයෙකු වූ  ඔහු රඟපෑ චිත්‍රපට ගණන 240 කට අධිකයි.

1974 වසරේ දී හදවත් නැත්තෝ චිත්‍රපටයේ රංගනයත් සමගින්, කරූ සිය රංගන දිවිය ආරම්භ කළේ ය.

වන් ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස්, බජාර් එකේ චන්ඩියා, රජ වැඩකාරයෝ, නොම්මර 17 ඇතුළු චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ විල්සන් කරූ, සසර චේතනා චිත්‍රපටයේ රංගන වෙනුවෙන් කුසලතා සම්මානයද හිමිවිය.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කළ විල්සන් කරූ, සැබෑ ජීවිතයේ සියලු කලාකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන සුහද චරිතයකි.

රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් - රෝහණ වීරසිංහ

කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද තමන්ට ඇත්තේ විශාල පසු තැවීමක් බවත් ඒ පිළිබඳව රාජපක්ෂලා ජනතාවට කන් නොදීම නින්දා සහගත බවත් සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ සිය මුහුණු පොතේ සටහනක් යොදමින් සඳහන් කරයි.

සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මේ බව සඳහන් කර ඇත්තේ, මේ වනවට ගාලු මුවදොර ප්‍රදේශයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “ගෝටාගෝගම” ලෙස හඳුන්වන ස්ථානයේ සිට දින 04ක පටන් පවත්වනු ලබන වත්ම දුර්දාන්ත ආණ්ඩුවටත්, ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් වහාම ඉල්ලා අස්වන ලෙස දන්වමින් පවත්ව විරෝධතාවයට සහාය පල කරමින් අද (12) දින ප්‍රවීන ගායන ශිල්පිනී නන්දාමාලනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සහභාගී වීමෙන් පසු සිය මුහුණු පොතේ විශේෂ සටහනක් යොදමිණි.

එය පහතින් පල වේ,

“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා? ආශීර්වාද කරනවා.

බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු, කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක්.

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම – දූෂනය – වංචාව පවුල්වාදය – අවනීතිය – අකාර්‍යක්ෂමතාව – නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා ????”

රංගන ශිල්පිනී අනූෂා සොනාලි දිවි ගමන නිම කරයි

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි  අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගී තත්වයෙන් පසුවූ ඇය,  අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී  අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි.

 රසික හදවත් තුළ ලැඟුම් ගත්තේ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණවලින් ජන හදවත් වසගයට ගත් ඇය, 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැ එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.

මෙරට දෙවන නැනෝ චන්ද්‍රිකාව උඩු ගුවනට

මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබේ.

ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සනත් පනාවැන්නගේ සඳහන් කරන්නේ ඊයේ (24) පස්වරු 5.40ට පමණ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂය වෙත එය මුදාහැරීම සිදු කෙරුණු බවය.

ජාත්‍යන්තර ආයතන පහක් සමඟ ඒකාබද්ධව නිර්මාණය කරන ලද කිට්සුනේ නමින් නම් කරන ලද මෙම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වැනිදා සිග්නිස් – 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

මෙරට නිර්මාණය කරන ලද පළමු නැනෝ චන්ද්‍රිකාව රාවණ – 01 කක්ෂගත කරනු ලැබුවේ 2019 වසරේ ජුනි 17 වැනිදායි.

රාවණ – 01 චන්ද්‍රිකාව මෙන් හය ගුණයක විශාලත්වයෙන් යුත් කිට්සුනේ, උසස් තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් වන අතර, එහි සංවේදී කැමරා පද්ධතිය මගින් පෘථිවියේ සෙන්ටිමීටර් 05ක පමණ වපසරිය වුවද තියුණු ලෙස නිරීක්ෂණය කළ හැකිබව කියැවේ.

Page 20 of 34