නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මේ වනවිට කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
ව්‍යාපාරික කටයුතු සහ දෛනික ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම තත්ත්වය තුල, කොළඹ මහ නගර සභාව (CMC) සහ එහි නායකත්වය, පාලන තන්ත්‍රයේ අසමත්කම සහ කාලෝචිත ක්‍රියාමාර්ග නොගැනීම පිලිබදව නගරවාසීගෙන් සහ සමාජ මාධ්‍ය තුලින් දැඩි චෝදනා එල්ලවේ.
නගරයේ ආර්ථිකය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත. බොහෝ ව්‍යාපාර වලට බධා වී ඇති අතර, දෛනික වැටුප් ලබන්නන් ආදායම් අහිමිවීමේ තත්ත්වයකට මුහුණ දී සිටී.
විශේෂයෙන්ම, කුලී රථ රියදුරන්, ගමන් කළ නොහැකි මාර්ග සහ ගමනාගමනය අඩු වීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ දෛනික ආදායම් වලට දැඩි බලපෑම් ඇතිවී ඇත.
මහජන විවේචන බොහොමයක් නගරාධිපතිනි රායි කැලී බල්තසාර් වෙත යොමු වී ඇත්තේ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීමක් ලෙස පෙනී යන තත්ත්වය හේතුවෙනි.
කාලගුණ අනාවැකි මගින් සති කිහිපයකට පෙර අධික වර්ෂාපතනයක් පිළිබඳව පුරෝකථනය කර තිබූ බව වාර්තා වන නමුත්, විවේචකයින් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර ගෙන නොමැති බවයි.
විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් ද පරිපාලනයේ තීරණ විවේචනය කර ඇති අතර, පැහැදිලි අනතුරු ඇඟවීම් තිබියදීත් කලින් ක්‍රියාත්මක විය යුතුව තිබූ බව පෙන්වා දෙමින්, මෙම තත්ත්වය දුර්වල සැලසුම්කරණයේ සහ නායකත්වයේ ප්‍රතිඵලයක් බවට යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීට වඩා සංකීර්ණ, පද්ධතිමය ගැටලු පවතින බවයි. අනාගතයේදී විනය ක්‍රියාමාර්ග වලට ලක්වේ යැයි පවතින පුළුල් බියක් හේතුවෙන්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට මැලි වන බව වාර්තා වේ.
පසුව ප්‍රශ්න කළ හැකි තීරණාත්මක පියවරක් ගැනීමට වඩා අක්‍රියව සිටීම ආරක්ෂිත යැයි සැලකෙන සංස්කෘතියක් මේ හේතුවෙන් නිර්මාණය වී ඇති බවත්, එය පරිපාලනමය ප්‍රමාදයන්ට හේතු වී ඇති බවත් පැවසේ.