Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි ලංකාවට

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත ” කේජ් බර්ඩ් ” ( Cadge Bird ) නැමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට , සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද(17) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය.

මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරයි.

සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද උදෑසන 11.04 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” පර්යන්තය වෙත පැමිණ සිටියහ.