V2025

විනෝදාස්වාද

මයිකල් ජැක්සන්ගේ ජැකට් එක ඩොලර් 306,000යි

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුවක් පවුම් 250,000කට නැතිනම් අමෙරිකා ඩොලර් 306,000කට අලෙවි වී ඇතැයි වාර්තා වෙයි.

ලන්ඩන් නුවර ඊයේ(10) පැවැති වෙන්දේසියක දී මෙම ජැකැට්ටුව අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1984 වසරේ දී පෙප්සි වෙළෙඳ දැන්වීමක අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන් පැළඳ සිටි කළු-සුදු මේ ජැකැට්ටුව වෙන්දේසියේදී පවුම් 200,000 සිට පවුම් 400,000 දක්වා අලෙවි වනු ඇතැයි අපේක්ෂා කර තිබුණි.

මෙම අයිතමය සමඟ තවත් සංගීතඥයින්ගේ මතක සිහිවටන 200 කට වඩා අදාළ වෙන්දේසියේ දී ‍අළෙවි වී තිබේ.

මෙම ජැකට්ටුව ජැක්සන් පැළඳ සිටියේ, පෙප්සි සිසිල් බීම සමාගම වෙනුවෙන් ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීම් මාලාවේ පළමුවැන්න ලෙසිනි.

එම දැන්වීම් ප්‍රධාන වශයෙන්ම මතකයේ රැඳෙන්නේ එක් රූගත කිරීම් අවස්ථාවක් අතරතුර ජැක්සන්ගේ කොණ්ඩයට ගිනි ඇවිළී බරපතළ පිළිස්සුම් තුවාල ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහු ඒ වන විට වෙනත් ජැකැට්ටුවක් ඇඳ සිටියේය.

මයිකල් ජැක්සන්ට අයත් මතක සටහන් මීට පෙර ඉහළ මිල ගණන්වලට වෙන්දේසි වී ඇති අතර, ඔහු 1983 දී ප්‍රථම වරට ඔහුගේ සුප්‍රසිද්ධ සඳ ඇවිදීමේ නර්තනය ඉදිරිපත් කිරීමට පෙර පැළඳ සිටි කළු ෆෙඩෝරා තොප්පියක් ද ඇතුළත් ය. එය සැප්තැම්බර් මාසයේ පැරිස් වෙන්දේසියකදී යුරෝ 77,640 (පවුම් 67,088) කට අලෙවි විය.

මාක් සකර්බර්ග්ට සැත්කමක්

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර තිබේ.

දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව වාර්තා වේ.

සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර ඇත.

එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බව ද සකර්බර්ග් පවසා තිබේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

සුව වීමෙන් අනතුරු ව නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව පවසා ඇති මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය ස්තූතිය ද පුද කර තිබේ.

ආසියාව දිනූ තරුෂි ජනපතිගේ ඇගයීමට !

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරු වෙත හඳුන්වාදීම ද සිදු කරනු ලැබිණ.

තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාට ද ඇය සමග මෙම අවස්ථාවට එක්වීමට ආරාධනා කර තිබිණි.

ඒ අනුව එම සිසු සිසුවියන් සියලුදෙනා ද, විදුහල්පතිවරයා සහ තරුෂිගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු ක්‍රීඩා පාසලේ ගුරුවරුන් 06 දෙනාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී තරුෂි කරුණාරත්න සිසුවියගේ දක්ෂතා අගයමින් සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිවරයා තරුෂි ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමග සුහද කථාබහකට ද එක් විය.

ක්‍රීඩා පාසල් සංකල්පය අනුව 1995 වසරේදී මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කෙරිණි. මෙම විදුහල ක්‍රීඩා අංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින අතර දකුණු ආසියානු කණිෂ්ඨ මට්ටමේ සිට ඔලිම්පික් ක්‍රීඩා දක්වා සියලුම ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ එකම පාසල ද වෙයි.

මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා සිටියේය.

මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තුගත කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි.

අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළදී මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය මඟින් වෙන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

එසේම ක්‍රීඩා පසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබේ.

ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්ද ඉදිරියට යාමට කටයුතු කරන ලෙස මෙහිදී සිසු සිසුවියන්ට ඔවදන් දුන් ජනාධිපතිවරයා ඔවුන් සියලුදෙනාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළේය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය. ‍
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එතුමිය ද තරුෂි සමග සුහද කථා බහක නිරතවෙමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පළ කළාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු ගමගේ, වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් යන මහත්වරුන්ද තරුෂි කරුණාරත්න සිසුවියගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර සිසු සිසුවියන්ට මහනුවර ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට ද අවස්ථාව උදා කර දී තිබිණි.IMG 20231105 WA0005

IMG 20231105 WA0006

IMG 20231105 WA0007

IMG 20231105 WA0008

ලොව දිනූ හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි

90 දශකයේ ජනප්‍රිය “ෆ්‍රෙන්ඩ්ස්” කතා මාලාවේ උපහාසාත්මක ‘චැන්ඩ්ලර් බිං‘ ලෙස රඟපාමින් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මිය ගොස් ඇත.

මිය යන විට ඔහු 54වැනි වියෙහි පසුව ඇත.

ඔහු ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී හමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

දියනාමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ඇතැයි පොලිසිය උපකල්පණය කරයි. ආසන්න ස්ථානයක මත්ද්‍රව්‍ය හෝ සැකකටයුතු ද්‍රව්‍ය කිසිවක් හමුවී නැතැයිද පොලිසිය උපුටමින් TMZ වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් Warner Bros Television Group කියා සිටියේ පෙරීගේ අභාවයෙන් තමන් “අතිශය කම්පාවට පත්වූ” බවයි.

ඔහුගේ පදිංචි නිවසේ මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතින බව පොලිසිය වාර්තා කර ඇත.

මැතිව් පෙරී රඟපෑ “ෆ්‍රෙන්ඩ්ස්” 1994 සිට 2004 දක්වා දිව ගිය අතිශය ජනප්‍රිය කථාමාලාවක් වූ අතර, 2002 දී එය හොඳම විකට කතා මාලාවට හිමි එමී සම්මානය දිනා ගත්තේය. රංගන ශිල්පීන් පසු කාලවලදී එක් එක් කථාංගයකට ඩොලර් මිලියනයක වැටුපක් ලබා ගන්නා මට්ටමට ජනප්‍රිය විය.

1969 වසරේදී මැසචුසෙට්ස්හි උපත ලද පෙරී කැනඩාවේ ඔටාවාහි හැදී වැඩුණු අතර කැනේඩියානු අගමැති බවට පත් වූ ජස්ටින් ටෲඩෝ සමග ප්‍රාථමික ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ අයෙකු විය.

නව යොවුන් වියේදී ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන පෙරී, ‘බෝයිස් විල් බී බෝයිස්හි’ චෑස් රසල් ලෙස රඟපෑ අතර ‘ග්‍රෝවින්ග් පේන්ස්’ ඇතුළු ප්‍රහසන රූපවාහිනී කතා මාලාවලට රංගනයෙන් දායක විය.

නමුත් ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයක් දිනූ රංගන ශිල්පියෙකු බවට පත් වූයේ, ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව හරහා ය.

එහි රංගනය වෙනුවෙන් ඔහු 2002 වසරේදී ප්‍රයිම්ටයිම් එමී සම්මානය සඳහා ද නිර්දේශ විය.

වේදනා නාශක ඖෂධ සහ මත්පැන්වලට ඇබ්බැහි වීම සමග පෙරී වසර ගණනාවක් සටන් කළ අතර අවස්ථා කිහිපයකදී පුනරුත්ථාපන සායනවලට පවා සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පෙරී, ‘ෆූල්ස් රශ් ඉන්’, ‘ඕල්මෝස්ට් හීරෝස්’ සහ ‘ද හෝල් නයින් යාඩ්ස්’ ඇතුළු චිත්‍රපට කිහිපයක ද පෙනී සිටියේ ය.

Chandler 1024x683

Page 6 of 34