V2025

විනෝදාස්වාද

මාක් සකර්බර්ග්ට සැත්කමක්

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර තිබේ.

දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව වාර්තා වේ.

සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර ඇත.

එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බව ද සකර්බර්ග් පවසා තිබේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

සුව වීමෙන් අනතුරු ව නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව පවසා ඇති මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය ස්තූතිය ද පුද කර තිබේ.

ලෝක රග්බි කිරුළ දකුණු අප්‍රිකාවට

ප්‍රංශයේ පැවැති ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු පිල සමත්විය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් දඬුවම් පහර 04ක් සාර්ථක කර ගනිමින් දැක්වූ දස්කම දකුණු අප්‍රිකාවට ශූරතාවය දිනාගැනීමට ඉවහල් විය.

මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ නවසීලන්තයට එරෙහිව ලකුණු 12-11ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.

ඕල් බ්ලැක්ස් (නවසීලන්ත) පිලේ නායක සෑම් කේන් තරගය ආරම්භයේදීම රතු කාඩ්පතක් ලබා ගත් අතර එය නවසීලන්ත පිලට යම් මට්ටමක බලපෑමක් කරන්නට සමත්වු විචාරක මතය වේ.

දකුණු අප්‍රිකානු පිල (Springboks) 1995, 2007 සහ 2019 දී ලෝක ශූරතාවය දින ගැනීමට සමත්වූ අතර මේ ඔවුන්ගේ හතරවැනි ලෝක කුසළාන ජයග්‍රහණය වේ. ඒ අනුව වැඩිම වාර ගනණක් රග්බි ලෝක කුසලානය දිනූ රට බවට දකුණු අප්‍රිකාව පත් විය.

 

ලොව දිනූ හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි

90 දශකයේ ජනප්‍රිය “ෆ්‍රෙන්ඩ්ස්” කතා මාලාවේ උපහාසාත්මක ‘චැන්ඩ්ලර් බිං‘ ලෙස රඟපාමින් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මිය ගොස් ඇත.

මිය යන විට ඔහු 54වැනි වියෙහි පසුව ඇත.

ඔහු ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී හමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

දියනාමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ඇතැයි පොලිසිය උපකල්පණය කරයි. ආසන්න ස්ථානයක මත්ද්‍රව්‍ය හෝ සැකකටයුතු ද්‍රව්‍ය කිසිවක් හමුවී නැතැයිද පොලිසිය උපුටමින් TMZ වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් Warner Bros Television Group කියා සිටියේ පෙරීගේ අභාවයෙන් තමන් “අතිශය කම්පාවට පත්වූ” බවයි.

ඔහුගේ පදිංචි නිවසේ මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතින බව පොලිසිය වාර්තා කර ඇත.

මැතිව් පෙරී රඟපෑ “ෆ්‍රෙන්ඩ්ස්” 1994 සිට 2004 දක්වා දිව ගිය අතිශය ජනප්‍රිය කථාමාලාවක් වූ අතර, 2002 දී එය හොඳම විකට කතා මාලාවට හිමි එමී සම්මානය දිනා ගත්තේය. රංගන ශිල්පීන් පසු කාලවලදී එක් එක් කථාංගයකට ඩොලර් මිලියනයක වැටුපක් ලබා ගන්නා මට්ටමට ජනප්‍රිය විය.

1969 වසරේදී මැසචුසෙට්ස්හි උපත ලද පෙරී කැනඩාවේ ඔටාවාහි හැදී වැඩුණු අතර කැනේඩියානු අගමැති බවට පත් වූ ජස්ටින් ටෲඩෝ සමග ප්‍රාථමික ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ අයෙකු විය.

නව යොවුන් වියේදී ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන පෙරී, ‘බෝයිස් විල් බී බෝයිස්හි’ චෑස් රසල් ලෙස රඟපෑ අතර ‘ග්‍රෝවින්ග් පේන්ස්’ ඇතුළු ප්‍රහසන රූපවාහිනී කතා මාලාවලට රංගනයෙන් දායක විය.

නමුත් ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයක් දිනූ රංගන ශිල්පියෙකු බවට පත් වූයේ, ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව හරහා ය.

එහි රංගනය වෙනුවෙන් ඔහු 2002 වසරේදී ප්‍රයිම්ටයිම් එමී සම්මානය සඳහා ද නිර්දේශ විය.

වේදනා නාශක ඖෂධ සහ මත්පැන්වලට ඇබ්බැහි වීම සමග පෙරී වසර ගණනාවක් සටන් කළ අතර අවස්ථා කිහිපයකදී පුනරුත්ථාපන සායනවලට පවා සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පෙරී, ‘ෆූල්ස් රශ් ඉන්’, ‘ඕල්මෝස්ට් හීරෝස්’ සහ ‘ද හෝල් නයින් යාඩ්ස්’ ඇතුළු චිත්‍රපට කිහිපයක ද පෙනී සිටියේ ය.

Chandler 1024x683

සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන  අද (28) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීන් පැවසීය.

Page 7 of 34