ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වාගෙන සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කෙරුණි. එහිදී අනුර විදානගමගේ හෙවත් කජ්ජා සහ දරුදෙදෙනාගේ ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු එළැඹෙන දෙසැම්බර් 02 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
