දිවියට සමු දුන් අමෙරිකානු රංගන පුරාවෘත්තය

දිවියට සමු දුන් අමෙරිකානු රංගන පුරාවෘත්තය

අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු විය.

Butch Cassidy, the Sundance Kid.. වැනි 70 දශකයේ නිර්මාණය වූ ඇමරිකානු චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් වූවා.

රෙඩ්ෆර්ඩ් ඊයේ (16) අමෙරිකාවේ, සන්ඩාන්ස් හි යූටා කඳුකරයේ තිබු ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි.

රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුද වූ ඔහු විසින් 1980 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ ‘Ordinary People’ චිත්‍රපටය 1981 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන හතරක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ස්වාධින චිත්‍රපට උළෙල ලෙස සැළකෙන උටාහි Sundance චිත්‍රපට උළෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රෙඩ්ෆර්ඩ් ප්‍රසිද්ධ විය.

2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ අතර, 2016 දී ඔහු "රංගනයෙන් වෙහෙසට පත්ව සිටින" බව සදහන් කොට තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න