ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් පනස් දහසකට නාමල්ගේ ආදරය.!!! 

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් පනස් දහසකට නාමල්ගේ ආදරය.!!! 

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්  අරඹන ලද "ආදරය" වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන  පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය  සැපයීම දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව හම්බන්තොට,ගම්පහ, කෑගල්ල .නුවරඑළිය කුරුණෑගල, ආදී දිස්ත්‍රික්ක  ගණනාවක දරු දැරියන්ට මේවන විටත් අදාල අධ්‍යාපන උපකරණ කට්ටල සපයා ඇති බව මන්ත්‍රීී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය .

තමන් සංකේතාත්මකව ආරම්භක උත්සවයේදිි දරු දැරියන් කිහිප දෙනෙකුට අවශ්‍ය උපකරණ කට්ටල භාරදීමෙන් පසු ඉදිරියට වැඩසටහන් පවත්වාගෙන යාම සිය පක්‍ෂ යාන්ත්‍රණය මගින් සිදු කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එහිදී කිසිදු පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීම තමන්ගේ අරමුණ බව පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න