ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන් ම ඇනහිටී

ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන් ම ඇනහිටී

ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍ර එකක් සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර එකක් භාවිතා කරයි. පිලිකා  රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ දී එම ප්‍රතිකාරය දින පහත් 35ත් අතර කාලයක් දක්වා දිනපතා සිදුකරයි. එම ප්‍රතිකාර සිදුකළ යුතු දින ගණන තීරණය වන්නේ රෝගියා ගේ තිබෙන පිළිකාවේ ස්වභාවය සහ එහි තතිත්වය අනුව යි.

  මෙම යන්ත්‍ර 2න් ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රය සඳුදා (12) සිටත් කොබෝල්ට් ප්‍රතිකාර යන්ත්‍රය බදාදා (14) සිටත් බිඳවැටී ඇත.

පිළිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු එම ප්‍රතිකාර සේවාව අඛණ්ඩව සිදුකළ යුතු අතර මේ ලෙස යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙන් රෝගීන් ගේ ප්‍රතිකාර අඩාල වීම බරපතළ ගැටලුවක් වී ඇත. ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට පිළිකා රෝගීන් 100ක් සහ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25ත් 30ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම මේ වනවිට සිදුකරමින් පැවතිණි.

විකිරණ තාක්ෂණවේදීන් විසින් මෙම බිඳවැටීම් සම්බන්ධයෙන් අදාළ සේවා සපයන සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර මේ වනතුරුත් එම යන්ත්‍ර යථාවත් කිරීම සිදුවී නොමැත. ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම යථාවත් වීම ප්‍රමාද වීම පිටුපස එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම්ගත වීම  වේලාවට සිදු නොකිරීම හේතු වී ඇති බව ද තොරතුරු වාර්තා වී ඇත. මෙම යන්ත්‍ර මිලදී ගැනීම් සහ නඩත්තුවට සම්බන්ධ ගිවිසුම් ගතවීමේ තාක්ෂණික හැඟීම් කමිටුවලට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු වූ සම්බන්ධ කරගෙන නොමැති අතර මේ පිළිබඳව ද සංගමය සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කළ ද එම තත්ත්වය නිවැරදි කිරීමට කිසිදු සෞඛ්‍ය බලධාරියකු කටයුතු කර නොමැත.

චානක ධර්මවික්‍රම

සභාපති - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

ලීනියර් ඇක්සලරේටර් 00

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න