කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
අත්තනගලු ඔය, මල්වතුඔය තවදුරටත් වාන් දමමින් පවතින බවත්, මහවැලි ගඟ, මහඔය ගංඟාව, කළු ගඟ ආශ්‍රිතව පවතින ජල ගැලීම් හෙට සිට අඩු වෙමින් පවතිනු ඇති බවත් සඳහන් කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර, ඇලහැර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඇලහැර ප්‍රධාන අමුණ ආසන්නයේ ඇතිව තිබෙන හානි කඩිනමින් පිළිසකර කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් පෙන්වා දුන්නේය.
අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
