ඊයේ (03) කෝට්ටේ මහ නගර සභාවේ අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම ආරම්භයේ දී විපක්ෂයේ මන්ත්‍රිවරු සභාව නීති විරෝධි බවට ප්‍රකාශ කර සභාව වර්ජනය කළහ.
ඊට හේතුව ලෙස ඔවුන් පැවසුවේ මෙම අයවැය ලේඛනය පිළිබඳව කැඳවා ඇති මහා සභා රැස්වීම පළාත් පාලන අතුරු ව්‍යවස්ථාවේ iii කොටසේ 3(4) වගන්තිවලට පටහැනි මෙන් ම ස්ථාවර කාරක සභාවේ සංශෝධන ඇතුළත් නොකර වැරදි මවාගත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ, නීති විරෝධි අයවැය ලේඛනයක් බවයි.
මෙහි දී සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය ඇතුළු විපක්ෂය මෙම නීති විරෝධි අයවැය මහ සභාව වර්ජනය කරමින් මේ පිළිබදව: බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට, පළාත් පාලන කොමසාරිස්තුමාට සහ පළාත් ප්‍රධාන ලේකම්තුමා යනාදින් ගේ කාර්යාල වෙත ම ගොස් ලිඛිතව පැමිණිලි කළහ.

