දිට්වා සුළි කුණාටුවෙන් වුණු හානි වෙනුවෙන් ජනතාවට වන්දි සහ සහන සලසන්න රුපියල් බිලියන 500ක අමතර මුදලක් පාර්ලිමේන්තුව හරහා අනුමත කරගන්න රජය පසුගියදා කටයුතු කළා. 2026 අයවැයට අමතරව, පරිපූරක ඇස්තමේන්තුවක් හැටියටයි මේ අනුමත කරගැනීම සිදු වුණේ.
සහන සපයන්න ණය ගත්තොත්...
ජනතාවට සහන සලසන එකේ කිසිම ගැටලුවක් නැහැ. එය විය යුතුයි. නමුත් මේ මුදල රජය සපයාගන්නට යන්නේ ණය ගැනීම් හරහා. ඒක ගැටලුවක්. ණය නිසා අමාරුවේ වැටිලා, අමාරුවෙන් ගොඩ එමින් ඉන්න අපි උඩ පැටවෙන තවත් ණයක්.
මේ වෙනකොට උද්ධමනය බලාපොරොත්තු වුණු මට්ටමට වඩා අඩු මට්ටමක පැවතීමත්, ඒ නිසාම රටේ නාමික දළ දේශීය නිශ්පාදිතය අඩු වීමත් නිසා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ ණය ප්‍රතිශතය ඉහළ ගිහින් තියෙන්නේ. එහෙම තත්ත්වයක තව ණය ගන්නවා කියන්නේ අතිශය අවදානම් වගේම, ඉතා ඉහළ වියදමක් දරන්න සිදුවෙන දෙයක්.
ණය නොගෙන ම බැරිද...?
මෙහෙම ණය ගන්නේ නැතුව මේක කරන්න බැරි ද? - පුළුවන්! පහත දක්වලා තියෙන්නේ ණය නොගෙන, මේ මුදලම හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් විකල්ප.
- විදේශ ආධාර සහ ප්‍රදාන (Grants): විදෙස් රටවල ප්‍රදාන සහ ආධාර හරහා මේ මුදල සපයා ගැනීමේ උත්සාහයකට බර දෙන්න රජයට හැකියාව තියෙනවා. පශ්චාත් සුනාමි සමයේ අපි මේ දෙය ඉතා සාර්ථකව සිදු කළා.
- දුම්වැටි බදු: ආර්ථික අර්බුදයෙන් පස්සේ රටේ අනෙක් ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තිබුනත්, දුම්වැටිවලට එහෙම බලපෑමක් නැහැ කියලා දන්නව ද? ඒ නිසා දුම්වැටි මත පනවන බදු හරහා (හරියට කළොත්) දිට්වා සහන දෙන්න අවශ්‍ය මුදල් උපයාගන්න රජයට හැකියි.
- සහයෝගීතා බදු (Solidarity Taxes): මේක අපිට අලුත් වුනාට, ජපානය, ඇමරිකාව වගේ රටවල් ඔවුන් ගේ ස්වභාවික ආපදා තත්ත්වවල දී, ක්‍රියාත්මක කරපු, හොඳ ප්‍රතිඵල ලබාදුන්නු ක්‍රියාමාර්ගයක්. මෙතන වෙන්නේ ඉහළ ආදායම් ඉහළ ලාභ ලබන පුද්ගලයින් සහ සමාගම් මත සහයෝගීතා බද්දක් තාවකාලිකව පනවා (time bound, ඒ හරහා මුදල් එකතු කරගැනීම. මේ බදු අනිවාර්යයෙන්ම තාවකාලික විය යුතුයි.

